සෙනසූරු 7 ඉන්න අය ගැන අහල තිබුනු පැනයකට මා දුන් පිලිතුර.

සෙන සුරු කියන්‍‍නේ ඔබ අප පෙර සසරේ හෙන හුරු කරපු ගතිය මිසක් අහසේ සිටින ග්‍රහයෙක් නෙවෙයි. ඒක ගණන් හදලා බලලා සිදුකල හැකි ක්‍රමයක් තමයි මේ ඍෂි වරුන් විසින් සොයාගෙන ඉදිරිපත් කලේ. දැන් අය හිතාගෙන ඉන්නේ මේ අහසේ සිටින ග්‍රහයන්ගෙන් එන බලපෑමක් කියලා. ඒක අමූලික බොරුවක්. තමන් සසරේ යම් හෙන හුරු කරන ගතියක් පුහුණු කලා නම් ඒක නැවත මනුස්ස බවයක් ලැබෙනවිට අදාල හෙන හුරු කරපු ආකාරය දැක්වෙන රාශියේ සිද්වෙනවා. මේ අසන ප්‍රශ්නයට අනුව තමන්ගේ කාලත්‍රයා ගැන සදහන් වන 7 වැන්න ගැනයි අහන්නේ. මේ වගේ හදහනක් ඇති කෙනෙක් දැනගන්න ඕනි තමන් අතින් පෙර සසරේ තම භාර්‍යාවට හෝ ස්වාමි පුරුෂයාට අවැඩ අසාධාරන සිදු වී ඇති බව. ඉතිං මේ අත්බැවේදී ඒ ගතියට ආකර්ෂනය ඇති කෙනෙක් හා සම්බන්ධ වෙන්න සිදුවෙනවා. ඉතිං මේ නිසා මේ වගේ දෙදෙනෙක් කසාද බැන්දම දෙන්නම අර පෙර කල හෙන හුරු කිරීමට වන්දි ගෙවන්නට වෙනවා.

යම් කෙනෙක් මෙම ගැටලුව මේ ආකාරයට දකිනවා නම් කරන්නට තියෙන්නේ තමන් අතින් සිදුවූ වැරදි වලට වන්දිගෙවිය හැකි කුසල කර්මයක් කර අදාල හෙන හුරු කිරීමට ලක්වූ තම ස්වාමියා හෝ භාර්‍යාව දැන් යම් දුගතියක උපත ලබා සිටීනම් ඉන් මුදවාලීම පිනිස පුණ්‍යානුමෝදනා කිරීමයි. එසේ කර තම ඥාතිවර්ගයා නිදහස් කිරීමෙන් මෙම හදහන අහෝසි කල හැකිය. මේ ගැන මා මීට පෙර ලිපි මගින් කියා ඇත. හදහන ගැන මෙසේ සිතන්න. එවිට එය දෘෂ්ඨිගත වෙන්නේ නැහැ. නැතිව රටේ ඉන්න සියළුම හදහන් බලන අය ගාවට ගිනත් තමන්ට නිසි පිලිතුර ලැබෙන එකක් නැහැ.

ග්‍රහයන් ආදාරයෙන් හදහන හදනේ කොහොමද කියලා අහල තිබුනා මම පවසන දේ ඇත්තනම්. මේ ඊට දුන් පිලිතුර.

මේ කාරනා ටිකක් වවාදෙට තුඩු දෙන නිසා මෙතන මම කතා කරන්න කැමති නැහැ. නමුත් මම දින කිහිපයකට කලින් ලිපියක කිව්වා මේ විශ්වයම නිර්මානය වෙලා තියෙනනේ සියලු සත්වයන්ගේ ච්ත්තජ රෑප වලින් කියලා. ඒ අනුව ඔබ ඹය කියන ග්‍රහ තාරකා නිර්මානය කරන්න ඔබත් දායක වී තිබෙනවා. ඒ දායකත්වය සපයන්නේ ඔබ වඩන සංකාරවලට අනුවයි.. ඒ සංකාර හෙන හුරු කරන ඒවා නම් මේ සෙනසුරු කියන ග්‍රහයා නිර්‍රමානයේදී ඔබත් දායක වී තබෙනවා. න්වන් දකින තුරු අපි සියලු දෙනාම සහභාගි වෙනවා. ඒ එක් එක් අය ගේ හෙන හුරු කරන ගතිය අඩු වැඩි හොඳ නරක කියන තත්වයන් මත එක් එක් භාවයන් ග්‍රහනය කරගන්නවා. ඒ අනුව අදාල ප්‍රතිපල භුක්ති විඳින්න වෙනවා. ඒත් ඒ ආ පලය නිරැද්ධ කරගන්න විදිහ ඉගෙන ගන්න එකයි වැදගත්.

‍මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *