මිත්‍යා මත ගණනාවක් නිසා අද සමාජයේ ඇති විශාල සෞඛ්‍ය ගැටලූවක් ලෙස ගැස්ට‍්‍රයිටීස් රෝගය දැකිය හැකය.

ගැස්ට්‍රයිටීස්.

අද සමාජයේ ඇති විශාල සෞඛ්‍ය ගැටලූවක් ලෙස ගැස්ට‍්‍රයිටීස් රෝගය දැකිය හැකය. මිත්‍යා මත ගණනාවක් නිසා මෙම සෞඛ්‍යය ගැටලූව තවත් ලෙඩරෝග ගණනාවක් වෙත අපගේ ජීවිත යොමු කරමින් සිටී. එක් රෝගී තත්වයකට අප විසින් ගන්නා බෙහෙත තවත් රෝග ගණනාවකට මුල බව අප දන්නවා නම් දැනට ඇති රෝගය දරාගෙන සිටීම හොඳ බව අපි තීරණය කරන්නෙමු.

ගැස්ට‍්‍රයිටීස් කියූ පමණින්ම අපගේ සිහියට නැගෙන්නේ අපගේ ආමාශයේ ගෑස් වර්ධනය වී ඇති බවය. මේ නිසා දැන් සමහර ගෙවල් වල ගෑස් පෙති නම්න් හඳුන්වන බෙහෙත් වර්ග නිතරම තබා ගනී. ආහාර ගෙන අවසන් වූ පසු උදරයේ වේදනාවක් එන බවත් එම පෙති ගිල දැමූ පසු එම වේදනාව නැතිවී යන බවත් ඔවුන් දනී. මේ නිසා ආමාශය ඇතුලත කුමන ක‍්‍රියාවලියක් සිදු වුවත් වේදනාව සමනය කර ගැනීමේ අදිටන ඇතිව මෙවැනි පෙත්තක් හෝ දෙකක් ගිල දමයි. අදාල පෙති මගින් සිදුවන හානිය අප මෙම ලිපිය අවසානයට පෙර දක්වන්නෙමු. ප‍්‍රථමයෙන් මෙම රෝගය හඳුනා ගත යුතුය.

gastric juice

මෙම රෝගය හටගන්නේ අපගේ ආමාශය ආශ‍්‍රිතවය. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව මෙම තත්වය අම්ල පිත්ත ප‍්‍රදාහය ලෙස හඳුන්වයි. මෙම අර්ථ දැක්වීම ගෑස් සමග සැසඳෙන්නේ නැති බව ඔබට පෙනෙනවා ඇත. අම්ල සහ පිත අතර ඇති සම්බන්ධතාවය අපි සලකා බලමු. අම්ල යනු pH අගය 7 ට අඩු ද්‍රව වේ. මේවාට අපි ඉංග‍්‍රීසි බසින් ඇසිඞ් යැයි පවසමු. පිත යනු භාෂ්මික ද්‍රාවනයකි. භෂ්ම යනු pH අගය 7 ට වැඩි ද්‍රව වේ. මෙවැනි ද්‍රාවන දෙකක් එක් වූ විට මිශ‍්‍රණයේ ඇති සාන්ද්‍රනය අඩු වේ. මේ නිසා සාන්ද‍්‍ර pH අගය සහිත මාද්‍යයක සිදුකල යුතු වන රසායනික ප‍්‍රතික‍්‍රියා සිදුකිරීමට නොහැකි වී යයි. අපගේ ආමාශය තුලද මෙම තත්වය හට ගනී. ආමාශය තුලදී ප්‍රෝටීන ජීර්ණය කරන අතර වෙනත් පෝෂ්‍ය පදාර්ථ අඹරා ද්‍රව මට්ටමකට ආහාර පරිවර්ථනය කරයි. අප විසින් ආහාරයට ගන්නා මස් කැබැල්ලක් සම්පූර්ණයෙන් දියකර හැරීමට තරම් වන සාන්ද්‍ර ආම්ලික තාවයක් අපගේ ආමාශය තුලඇත. ආමාශයේ ඇති යුෂ ස්වල්පයක් ගෙන ඔබගේ අත්ල මත තැබුව හොත් අතේ ඇති අස්ථි දක්වා පිලිස්සී යනු ඇත. නමුත් ආමාශ බිත්තියේ ඇති ඝණ ශ්ලේෂ්මල පටලය මෙම අම්ල වලින් දිය කල නොහැකිය. මේ නිසාම අපගේ ආහාර ජීර්ණය නිසියාකාරව සිදු කර ගත හැකි වී ඇත. නොඑසේනම් ආහාර ගන්නා සෑම විටම අධික වේදනාවකින් පෙලෙන්නට සිදු වනු ඇත. ඒ ආමාශ බිත්තිද ප්‍රෝටීන් වලින් සෑදී ඇති නිසා ඒවාද ජීරණය වන්නට පටන්ගන්නා නිසාය. මා මෙම කරුණු ගෙන හැර දැක් වූයේ ආමාශයේ ඇති යුෂ වල ඇති සාන්ද්‍රනය කියා පෑමටය. ආමාශයික යුෂ වල සාන්ද්‍රනයේ pH අගය 1.5 ත් 2 ත් අතර වේ. අපගේ අක්මාවේ නිශ්පාදනය කරන පිත භාෂ්මික වේ. මෙහි සාන්ද්‍රනයෙ ච්‍ය අගය 7 ට වැඩිය. සාමාන්‍යයෙන් 9 ක පමණ අගයක් ගනී. ආමාශයෙන් පහලට පැමිණෙන අවශෝෂණය සඳහා සූදානම් ව ඇති ආහාර ආම්ලික තාවයෙන් යුක්ත නිසා පිත එක් කිරීම මගින් එම ආහාර භාෂ්මික තත්වයකට ගෙන එයි. මේ නිසා ආමාශයෙන් පසු ඇති ආහාර මාර්ගයේ ගමන් කරන ආහාර වල ඇත්තේ භාෂ්මික ස්වභාවයකි. නො එසේනම් pHඅගය 7 ට වැඩිය. අප ආහාර නොගන්නා වේලාවට ආමාශයේ ආම්ලික තාවය අවම තත්වයක ට පත්වේග මේ අවස්ථාවේදී කුඩාන්ත‍්‍රවල ඇති පිත ආමාශයට අතුලූ විය හැකිය. සමහර විට මෙම පිත අපගේ මුඛය හරහා පිටතට පැමිණීමේ හැකියාවක් ද ඇත.

කෙසේ හෝ අම්ල පිත්ත ප‍්‍රදාහය නිසා ආමාශයේ ඇති ආම්ලික තාවය අඩු වූ බව දැන් ඔබට පැහැදිලි වන්නට ඇත. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ගැස්ට‍්‍රයිටීස් යනු ආමාශයේ ආම්ලික තාවය වැඩි වීමකි. මෙතනම පරස්පරයක් ඇතිබව දැන් ඔබට වැටහිය යුතුය.

අප මෙහිදී ගෙන හැර දැක්වූයේ ආමාශයේ ඇති ආම්ලික තාවය ගැන සුලූ හැඳින්විමකිග අපි දැන් මෙම ආම්ලික තාවය ඇතිවන ආකාරය සහ අදාල වන හෝමොනල අම්ල සහ එන්්සයිම ගැන යම් දැනුමක් ලබා ගනිමු.

අපගේ නාසයට ආහාර වල සුවඳ දැනෙන අවස්ථාවේ සිටම අපගේ ආහාර ජීරණ පද්ධතිය ක‍්‍රියා කරන්නට පටන් ගනී. මුඛයේ ඇති ග‍්‍රන්ථි වලින් එන්සයිම නිකුත් කරයි. කටට කෙන්නට ල උනපටන් ගනී. ආහාර දකින විමෙමට තත්වය තවත් උග‍්‍රවේ. ආහාර මුඛයට ගෙන සපන විට අපගේ උදරයද ඊල`ග පියවර සඳහා සූදානම් වේග අපෙගේ ලිපියට පාදක වූ රෝගයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ මෙම ක‍්‍රයාවලිය සඳහා වන හෝමෝනයකි. අප ආහාර සපන විට අපගේ ආමාශය තුල ඇති ගැස්ටී‍්‍රන් නිපද වන සෛල උත්තේජනය වේ. අප ආහාර සපා ගිලීමෙන් පසු සුලූ වේලාවකින් ආමාශයට ඇතුලූ වේ. මෙසේ එක්රැස් වන ආහාර නිසා ආමාශ බිත්තිය ඇදෙන්නට පටන් ගනී. මේ අවස්ථාවේදී ආමාශ බිත්තියේ ඇති ගැස්ටි‍්‍රන් සෛල මගින් ගැස්ටී‍්‍රන් නම් හොමෝනයක් ආමාශ කුහරයට මුදා හරී. මෙම හෝමෝනය ආමාශ බිත්තියේ ඇති තවත් සෛල විශේෂයක් උත්තේජනය කරයි. මෙම සෛල චීෆ් සෛල සහ පරයිටර් සෛල ලෙස හඳුන් වන අතර මෙම සෛල වලින් හයිඩ්‍රොක්ලෝරික් (HCl) අම්ලය සහ පෙප්සිනෝජන් එන්සයිමය නිදහස් කරයි. මෙම HCl ඉතාමත් සාන්ද්‍ර අම්ලයකි. ඒ සමගම පෙප්සිනෝජන් නැමති අක‍්‍රිය එන්සයිමයක් ශ‍්‍රාවය කරයි. මෙම අක‍්‍රිය එන්සයිමය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග එක් වී ඉතාමත් සකි‍්‍රය පෙප්සීන් සාදයි. පෙප්සීන් මගින් අප ආහාරයට ගන්නා ප්‍රෝටීන ජීර්ණය කරයි. ඉහත ඇති රූප සටහනින් මෙම ක‍්‍රියාවලිය පැහැදිලි කර ගත හැකිය.

Gastrin112

ආමාශ්‍ය තුල මෙතරම් සාන්ද්‍ර ආම්ලික තාවයක් පවත්වාගෙන යන්නේ කෙසේද? එසේම පෙප්සීන් වලට ප්‍රෝටීන් ජීරණය කල හැකිනම් ආමාශ බිත්තිය ජීරණය නොවන්නේ ඇයි? අපි මේ කරුණ හරි හැටි දන්නේ නැත්නම් මින් ඉදිරියට මේ ලිපිය තේරුම් ගත නොහැකිය.

ආමාශ බිත්තියේ ඇතුල් පැත්ත නිර්මාණය වී ඇත්තේ ඝණ ස්ලේෂ්මල පටලයකින්. මේ ශ්ලේෂ්මල පටලය පෙප්සීන් වලට හෝ HCl වලටජීරණය කල නොහැකිය. මේ නිසා ඉතාමත් සාන්ද්‍ර HCl රදවා තබා ගැනීමට අපගේ ආමාශය සමත්ය. නමුත් අපගේ ශරීරයේ මෙම ස්ලේෂ්මල ස්ථරය ඇත්තේ ආමාශයේ පමණි. ආමාශයෙන් පිටතට මෙම අම්ල නොයන්නේ ආමාශයේ දෙකෙලවර ඇති කපාට නිසාය.

යම් හෙයකින් අපගේ ශරීරයට අප ඉහත දැක්වූ පෙප්සිනෝජන් හෝ HCl නිපදවිය නොහැකි වී නම් කුමක් සිදු විය හැකිද? ආමාශයේ ආම්ලිකතාවය පී එච් අගය 2ක් විතර වෙනකම් ගැස්ට්‍රීන් හෝමෝනය මුදා හැරීම සාමාන්‍ය සිරිතයි. මේ නිසා අදාල හෝමෝනය සහ HCl නිපදවන තුරු ගැස්ටී‍්‍රන් මුදා හැරීමට අදාල සෛල වලට සිදුවේ. මක් නිසාද යත් දැනට ආමාශයට පැමිණ ඇති ආහාර ජීර්ණය කිරීම සඳහා අදාල අම්ලය සහ එන්සයිමය අවශ්‍ය වන නිසාවෙනි. නමුත් සිදු වන්නේ අනර්ථයකි. ආමාශයේ සාමාන්‍යයෙන් තිබිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ගැස්ට්‍රින් ප්‍රමාණයක් ආමාශය තුල එක් රැස් වේ. මෙම ගැස්ටී‍්‍රන් වලට අපගේ ආමාශය සහ ගලනාලය අතර ඇති කපාටය ඇරිය හැකිය. චීප් සෛල සහ ෆයිටර් සෛල උත්තේජනය වන අයුරින්ම දැන් මෙම කපාට විවර වන්නට වෙර දරයි. මේ නිසා මේ වන විට ආමාශයේ ඇති ආමාශයික යුෂය ඉහලට එන්නට පටන් ගනී. දැන් සිදු වන්නේ සිතා ගන්නටවත් අපහසු ක‍්‍රියාවලියකි. ආමාශය තුල අම්ලික තාවයට ඔරොත්තු දෙන මට්ටමට ආමාශ බිත්තිය නිර්මාණය වී තිබුනද ගලනාලය තුල එසේ සකස් වී නැත. උඩට එන ආමාශයික යුශය ගලනාලය තුල මහත් වේදනාවක් ඇති කරමින් ඉහලට ඇදේ. හරියට තමාගේ පපුව හිරවීගෙන එන බවක් දැනේ. සමහරු මෙය හෘද රෝගයක් බව සිතන්නට පටන් ගනී. සාන්ද්‍රනය අඩු වුවද තරමක් දුරට ප්‍රෝටීන ජීර්ණය කිරීමේ හැකියාව ඇති මෙම ආමාශයික යුෂය ගළණාලය තුවල කරයි, එය අරුමයක් නොවේ. අපගේ ශරීරයේ බාහිර ඉන්ද්‍රියක යම් තුවාලයක් ඇති වූ විට ඇති වන වේදනාව අපි දන්මු. නමුත් අභ්‍යන්තරයේ තුවාලයක් ඇතිවූ විට දනෙන්නේ වෙනස්ම ආකාරයේ වේදනාවකි. හරියට කවුරු හරි තදින් මිරිකනවා වැනි වේදනාවකි. ගළණාලයේද මෙවැනි වේදනාවකට මෙම ආමාශයික යුෂ මග පාදයි.

එපමණක් නොවේ. අපි නෙැදැනුවත්ව මෙම කාර්‍යය නවතාලන්නට අපගේ සිරුර වෙර දරයි. ඇරෙන්නට හදන ආමාශයේ කපාටය වසා තබන්නට දරණ උත්සාහය නිසා අපිට වෙනම අපහසුතාවයක් ඇතිවේ. ගැස්ට්‍රයිටීස්ඇති අය මේ වේදනාව දන්නවා. හරියටහ පපුවේ මැද ඉලඇට වලට පහලින් ඇතිවන මහා වේදනාවක් ඇත. මේ අර ගැස්ට්‍රීන් වලින් අරින්න හදනකපාටය වසා සිටින්නට අපගේ සිරුර දරන මහන්සියයි. එය වේදනාකාරී වන්නේ ඒතරම් තද කරගෙන සිටින නිසය. නමුත් මෙම වේදනාව අපට ගෙන එන්නේ සංඥාවකි. ඒ අපගේ ආමාශයේ ආම්ලික තාවය මදි කියන සංඥාවයි. නමුත් අපි කරන්නේ මොනවාද කියලා මම කියන්නට අවශ්‍ය නැහැ.

ගැස්ට‍්‍රයිටීස් යනු ආමාශයේ වාතය පිරීම නිසා ඇතිවන තත්වයක් නොවන බව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. මෙම තත්වයට හේතුව වන්නේ දුර්වල HCl නිශ්පාදනය බව කිව යුතුය.HCl නිශ්පාදනය කිරීම සඳහා හයිඩ‍්‍රජන් සහ ක්ලෝරයිඞ් අවශ්‍ය වේ. හයිඩ‍්‍රජන් අප පානය කරන ජලයෙන් ලබා ගත හැකිය. නමුත් ක්ලෝරයිඞ් යනු අප ගන්නා ආහාර වල බහුල මූලද්‍රව්‍යයක් නොවේ. ක්ලෝරයිඞ් අපට ලැබෙන ප‍්‍රධාන මාර්ගය වන්නේ ලූණු ආහාර වලට එක් කිරීමයි. ලූණු යනු සෝඩියම් ක්ලෝරයිඞ් (NaCl) වේ. මෙමගින් කලෝරයිඞ් ලබා ගත හැකිය. ඔබ ලූණු අඩුවෙන් ආහාරයට ගන්නා කෙනෙකු නම් ඇතිවන තත්වය දැන් සිතා ගත හැකියැයි සිතමි. ඉහත රූපය මේ ගැන තවත් ඔබව දැනුවත් කරනු ඇත.

ලූණු වලින් කලෝරයිඞ් ලැබුනද චීෆ් සෛල වලින් පෙප්සිනොජන් සහ HCl ලබා ගැනීමට නම් කැල්සියම් තිබිය යුතුය. මේ ආකාරයට ඔබගේ ශරීරය යම් කිසි පෝෂණ ඌණතාවයකින් පෙලෙන්නේ නම් රෝග ගනනාවක් ඔබව ගිල ගනු ඇත.

ලූණු කෑම නතර කරන ලෙසට සමහර විට ඔබට උපදෙස් ලැබී තිබෙන්නට පලූවන. ඒ අධි රුධිර පීඩණය නිසා නම් මා මින් පෙර ලියූ අධි රුධිර පීඩණය ගැන ලිපිය කියවා දැනුවත් වන්න. අධි රුධිර පීඩණය යනු තවත් එක් පෝෂණ ඌණතාවයක ප‍්‍රතිඵලයකි. අදාල පෝෂ්‍ය කොටස් සිරුරට ලබා දීම මගින් මෙම තත්වයෙන් ඈත් විය හැකිය.

ගැස්ට‍්‍රයිටීස් වලට ඔබ විසින් දැනට ගන්නා බෙහෙත් ගැනද යමක් කීමට මා හට සිතුනා. දැනට බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතුව වන්නේ ආමාශයේ අධික ආම්ලික තාවයයි. මේ නිසා ගැස්ට‍්‍රයිටීස් සඳහා proton pump inhibitors (PPIs) නැමති කාණ්ඩයට අයත් ඔසු ලබා දෙයි. මෙ මගින් සිදු කරන්නේ අපගේ ආමාශ බිත්තියේ ඇති අම්ල නිකුත්කරන සිදුරු වසා දැමීමයි. දැන් ඔබගේ ගලනාලය තුවාල කිරීමට හෝ රිදවීමට අම්ල නොමැත. දැන් ඔබගේ වේදනාවද නොමැත. නමුත් මේ හේතුව නිසා ඔබ විසින් ගන්නා ආහාර ජීර්ණය දුර්වල වේ. දැන් ඔබගේ සිරුරට පෝෂණ කොටස් උරා ගන්නේ කෙසේද? තවත් රෝග ගනනාවක් මේ නිසා හටගනී. ඒවාට තවත් බෙහෙත් බොන්නට සිදු වුවද ඔබට එය තවත් සාමාන්‍ය රෝගී තත්වයක් පමණි. ජීවිතය ලෙඩ රෝග ගණනාවක් සමග අවසන් කිරීම දැන් දැන් සාමාන්‍ය සිරිතක් බවට පත් වී ඇත. තාවකාලික සහන පසුපස යන්නට එපා. ස්ථිර විසඳුමක් කරා යන්න.

මෙම තත්වය නිසා පීඩා විදින සුවහසක් ජනතාව වෙනුවෙන් අපිට සිදුකල හැකි මෙහෙවර සිදුකරමින් සිටී. ඔබට පිලියන්දල සුවසෙත හෙල ඔසු ආයතනයට පැමිණ මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කරගත හැකිය. මෙහිදී ඔබට නොමිලයේ බයෝ රෙසොනන්ස් පරීක්ෂාවකටද භාජනය වීමේ හැකියාව ඇත. එය ඔබ සිංගප්පූරුව වගේ රටක කරනවා නම් ඩොලර් 480 පමණ වියදමක් යන පරීක්ෂාවකි. නමුත් ඔබ වැනි රෝග වලින් පෙලෙන අයගේ සුබසිද්ධිය පිනිස මෙම තාක්ෂණය මෙම ස්ථානයේ නොමිලයේ ලබා දේ. ඔබ පිටරටක සිටින කෙනෙක් නම් ඒ සදහාද විකල්ප ඇත. පහත ඇති අංකයකින් අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.

healthy-stomach-acid

ඔබ මෙම තත්වය හැකි ඉක්මනින් සුව කල නොගත හොත් ඔබ ඉදිරියේදී ප්‍රෝටීන් ඌණතාවය නිසා ඇතිවන රොි්ග ගණනාවකට භාජනය වනු ඇත. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා නිර්මාණය වි ඇත්තේ ප්‍රෝටීන වලින්. ඉතින් මේ තත්වය නිසා ප්‍රතිශක්තිය දුර්වල වීම පවා සිදුවේ. ඒ නිසා මෙම තත්වයෙන් මිදීමට හැකි ඉක්මනින් ප්‍රතිකාර ගන්න.

මේ අතරම ඔබගේ අවධානය තවත් වැදගත් කාරණයක් වෙත ගෙන යෑමට සිතුවෙමි. ඒ අප කුඩා දරුවෙකු ගේ ආහාර ජීරණ පද්ධතිය රැවටීම සඳහා දෙන සූප්පුව ගැනය. සූප්පුව කටට දුන් පසු දරුවා නිදා ගන්නවා විය හැකිය. නමුත් සූප්පුව උරණ වාරයක් වාරයක් පාසා අමාශය ආහාර බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ නොදන්නවා විය හැකිය. මෙම සංඥාවන් නිසා ආමාශ බිත්තියේ ඇති ෙසෙල උද්ධීපනය වන්නට පටන්ගනී. ඔබගේ දරුවාට ගැස්ට‍්‍රයිටීස් ඇතිවීම මේ අනුව පටන් ගන්නා බව ඔබ නොදන්නවා විය හැකිය. ස්වභාව ධර්මයට විරුද්ධව ඔබ ක‍්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම ඔබට ඊට වන්දි ගෙවන්නට සිදුවන බව සිතට ගන්න. මෙහිදී ඔබ නොව ඔබේ දරුවා ඊට වන්දි ගෙවයි. දැන් දැන් ළදරුවන්ට බඬේ අමාරු වැඩිවීමට මෙය හේතු වී ඇති බව ණුවනින් බලා කටයුතු කරන දෙමව්පියන්ට තේරුම් යා යුතුය.

ඔබගේ චුයින්ගම් සැපීමත් මීටම සමානය. ඔබ චුයන්ගම් එක සපන සෑම වාරයක් පාසාම උදරය රැවටීමට ලක්වේ. චුයින්ගම් එකක් විනාඩි තිහක් පමණ සැපූ පසු ඔබගේ උදරයේ යම් වේදනාවක් ඇති බව සිහියෙන් යුතුව සිටින ඔබට දැකගත හැකිය. ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් ලාබ ලැබීමේ ඒකායන බලාපොරොත්තුව ඇතිව වෙළඳ පොලට යොමු කරන සියලූ භාණ්ඩ සිතා නොබලා පරිහරණය කිරීමේ වරදට ඔබ ඔබටගේ ජීවිතයෙන් වන්දි ගෙවන බව සිතට ගන්නේ නම් ඔබට වැලඳෙන ලෙඩ රෝග ගනනාවකින් වැලකිය හැකිය.

ගැසට‍්‍රයිටීස් වලට දැන් ඔබ කල යුතු වන්නේ කුමක්ද? වේදනාව සමණය කර ගැනීමද? එසේත් නැතිනම් ස්ථිර විසඳුමක් කරා යෑමද? ප‍්‍රථමයෙන් තමන් තීරණයක් ගන්න. මෙම රෝගය තමාටම සුව කර ගත හැකිය. සිදු කල යුතු වන්නේ අදාල පෝෂණ කොටස් ගැන දැනුවත් වීම සහ ඒවා නිරතුරුව සිරුරට ලබා දීමයි.

ඔබට සෙරෙන්ඩිබ් ෆෝචූන්ස් ආයතනය මගින් නොමිලයේ ලබා දෙන අවස්ථා උපයෝගී කරගෙන මෙම රෝගී තත්වය ගැන දැනුවත් වන්න. වැඩි දුර විස්තර පහත අංකයකින් ලබා ගන්න.

0715560055 / 0777316629

ගැස්ට‍්‍රයිටීස් සහිත කෙනෙකු තම වේදනාකාරී තත්වය තාවකාලිකව මග හැර ගැනීම සඳහා පහත දැක්වෙන ක‍්‍රම අනුගමනය කරන්න.

වේදනාව ඇති වේලාවට ලණු මිශ‍්‍ර උණුවතුර සිවල්පයක් පානය කරන්න.

ආහාර හැකිතාක් වේලා මුඛය තුල රඳවා ගෙන සපා ගිලින්න. මෙමගින් ආමාශයට ඇති වැඩ කොටස අඩු කර ගත හැකිය.

රාත‍්‍රි ආහාර වේලට කැඳ වැනි සරල ආහාරයක් එක් කර ගන්න. එම කැඳ සඳහා අවශ්‍ය සියලූ පෝෂණ කොටස් එක් කොට බ්ලෙන්ඩරයක් ආධාරයෙන් පොඩි කර ගෙන අනුභව කරන්න.

මස් වැනි යමක් ආහාරයට ගන්නා විට හොඳින් සපා ගිලින්නට මතක තබා ගන්න. මස් පිසින විට කුඩා කැබලි වලට කපා පිසීම සුදුසුය. මස් වල ඇති තද ගතිය නැති කර ගැනීම සඳහා මස් පිසින විට අමු පැපොල් කෑල්ලක්එ ක් කරන්න.

 

ගැස්ට්‍රයිටීස් සහිත අයට නිවසේදී සදා ගත හැකි බෙහෙතක්

මෙම පැරණි ඔසුව අපට කියා දුන්නේ වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේයි. අපි උන්වහන්සේට පින් අනුමෝදන් කර මෙම බෙහෙත ගැන දැනගනිමු.

අවශ්‍ය කලමණා.

  • හොදින් සෝදාගත් වැල් ගොටුකොළ මුල්ද සමග මිටක් විතර.
  • කෝමාරිකා අඩිබාගයක විතර පිත්තක්.
  • ඉගිණිකුඩු ස්වල්පයක්.

මුලින්ම ගොටුකොල ටික බ්ලෙන්ඩරයකට දාන්න. දැන් කෝමාරිකා පිත්ත කටු ඇරලා සුද්ද කරලා මදය සූරලා ඒ ටිකත් බ්ලෙන්ඩරයට දාන්න. දැන් මේ ටික හොදින් බ්ලෙන්ඩර් කරලා පිරිසිදු රෙදිකඩකින් මිරිකා පෙරා ගන්න. දැන් මේ යුෂ ටිකට ලුණු ස්වල්පයක් එක් කර ඉගිණි කුඩු තේහැදි බාගයක් පමණ එක් කර හිස් බඩ බොන්න. මේ විදිහට දින හතක් විතර කරලා බලන්න.

නමුත් මෙය ඔබට දීර්ඝකාලීනව සුව වන්නට නම් ඉහත දැක්වූ ක්‍රම අනුගමණය කරන්න.

දැන් අපි මෙතන කතා කලේ ගැස්ට්‍රයිටීස් සහ හාර්ට් බර්න් ඇතිවන්නට ප්‍රධාන හේතුවක්. මෙයට අමතරව තවත් හේතු කිහිපයක් තියෙනවා. ඒ කිහිපයක් අපි කෙටියෙන් කතා කරමු.

අපගේ ආමාශය සහ ග්‍රහණිය වැනි තැන් වල සමහර විට ජීවත් වෙනවා ඉතාමත් දරුණු බැක්ටීරියාවක්. ඒ තමයි helicobacter pylori කියන බැක්ටීරියාව. මෙම බැක්ටීරියාව අපගේ ආමාශයේ ඇති ශ්ලේෂ්මල පටලය තුවාල කරනවා. ඉතිං අර ඇසිඩ් කෙලින්ම ආමාශ බිත්තියේ ගැවෙනවා. මේ නිසා ආමාශ බිත්තිය තුවාල වෙනවා. මේ සදහාද සිංහල බෙහෙත් තියෙනවා. නමුත් මෙමතත්වය දැනගැනීිමයි වැගත් වන්නේ. බයෝ රෙසොනන්ස් තාක්ෂනය මගින් මෙයි ඉතාමත් ඉකිමනින්දැනගත හැකියි. මේනිසා වැඩි ඩැමේජ් එකක් වෙන්න කලින් බැක්ටීරියාවෙන් මිදෙන්නට හැකියි.

තවත් එක් කාරණාවක් තමයි අපගේ ආමාශයේ කපාට නිසිලෙස වසා ගැනීමට නොහැකි වීම. එයට ප්‍රධාන හේතුව තමයි අප ගන්නා ආහාර වල කැල්සියම් සහ මැග්නීසියම් නිසි ලෙස නැති වීම. එසේම ආහාර වල පෝෂණයනැති වීම.

මේ වගේ කරුණු නිසා තමයි ගැස්ට්‍රයිටීස් කියන රෝගයෙන් අපි පීඩා විදින්නේ. වෙනත් විශේෂ කරුනු දැනගන්නට අවශ්‍ය නම් කතා කරන්න.

තවත් කෙනෙකුට දැනගන්නට සල්ස්වන්න ෂෙයාර් කරන්න.

මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *