සමට පමණක් සීමා නොවූ රූපලාවන්‍යය.

රූප ලාවන්‍යය කියූ සැනින් අපට මතකයට නැගෙන්නේ සුරූපී කාන්තාවකි. ඇත්තටම මෙය කාන්තාවන්ට පමණක් අවශ්‍ය වන විෂයක්ද? නමුත් දැන් දැන් පිරිමි පක්ෂයද මේ ගැන උනන්දුවක් දක්වන බව පෙනී යයි. අප මෙම ලිපිය මගින් කථාකිරීමට උත්සහ කරන්නේ ඇත්තටම රූප ලාවන්‍යය සමට පමණක් නොව මුලු සිරුරටම නිසියාකාරව කරගන්නේ කෙසේද යන්නය.

රූපලාවන්‍යය ගැන කථා කරන විට මුලින්ම අපගේ සිහියට නැගෙන්නේ චරමයයි. නිරෝගී සමක් යනු රූපලාවන්‍යයේ අනිවාර්්‍ය අංගයක් වේ. මීලඟට අවශ්‍ය වන්නේ ශරීරයේ හැඩය පවත් වා ගැනීමය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අපගේ මාංශ පේෂි නිසි අයුරින් වර්ධනය කර ගැනීමත් අනවශ්‍ය මේදය තැන්පත් වීම අවම කර ගැනීමත්ය. ශරීරයේ හැඩය පවත්වා ගැනීමට සහ ශක්තිමත්ව තබා ගැනීමට අස්ථි ශක්තිමත් විය යුතුය. අපි මෙම කරුණු කාරනා සියල්ල ගැන පෝෂණ ඇසකින් බැලීම තුලින් මෙයට ඉතාමත් සාධාරණ පිළිතුරක් බලාපොරොත්තු විය හැකිය.

රූපලාවන්‍ය ගැන කථා කරන විට මතුවන එහෙත් කථා නොකරන තවත් මාතෘකාවකි වයසට යෑම. අපි මෙහිදී වයසට යෑම ලෙස අදහස් කලේ වයස් ගත පෙනුම ඇති වීමය. සමහර අය වයස වැඩි වුවත් අඩු පෙනුමක් ඇති බව ඔබට දැනෙනවා ඇති, මෙයටද යම් හේතුවක් ඇත. අපි ඒ ගැනද මෙම ලිපි ඔස්සේ කථා කිරීමට බලා පොරොත්තු වෙමු.

සම නිරෝගීව පවත්වා ගත නොහැකි වූ තැන නානාප‍‍්‍රකාර ආලේප භාවිතා කිරීම සාමාන්‍ය සිරිතයි. ඔබ සිතන අන්දමට චර්මය නිරෝගීව පවත්වා ගැනීමේ නියම පිලියම මෙයද? එය අද සමාජය ගිලගෙන ඇති තවත් එක් වෙළඳ උපක්‍රමයක් පමණි. ඉන්දියාවේ නළුවෙක් පෙන්වා ඔහු යම් ආලේපනයක් භාවිතා කරන බවට රූපවාහිනියේ දැන්වීමක් පල කරන විට එය නරඹන ඔබ කෙතරම් වශී වෙනවාද? ඇත්තටම ඇය හෝ ඔහු මේවා භාවිතා කරන්නට ඇත්ද? එසේ නොමැති බව දැනවීම නරඹන ඔබ හොඳා කාරවම දනී. දැන්වීම් පල කරන සමාගම අදාල නළුවා හෝ නිලිය සමග නීතිමය එකඟ තාවයක් ඇති නොවන්නටල ලැබෙන මුදල නිසා අදාල රඟපෑම කරන පුද්ගලයා ඒ හා සමාන වෙනත් වෙළඳ භාණ්ඩ වල දැන්වීම් වලට පෙනී සිටිනු නොඅනුමානය. නමුත් එකඟ වූ කාල සීමාව අවසන් වූ පසු ඔහුට හෝ ඇයට වෙනත් වෙළඳ ආයතනයක දැන්වීමකට පෙනී සිටිය හැකිය. මෙවැනි දැන්වීම් ඔබ කොතෙකුත් දැක ඇතැයි සිතමි. මා මෙහිදී ගෙන හැර දැක්වීමට උත්සහ කලේ අදාල රඟපෑම කරන පුද්ගලයා වෙළඳ භාණ්ඩය භාවිතා කිරීමේ සම්භාවිතාවය ඉතාම අවම බව ගෙන හැර දැක්වීමටය.

ඇත්තටම මෙම නළු නිලියන් මෙතරම් ලස්සන වන්නේ කෙසේද? මීට හේතු කිහිපයක් ඇත.

වේෂ නිරූපනය මගින් අලංකරණය කිරීමග
නව තාක්ෂණය යොදා රූපගත කිරීම මගින් සමේ ඇති සුමට බව වැඩියෙන් පෙන්වීම.
ශරීරය ගැන උනන්දු වීම නිසා ආහාර වල ප‍‍්‍රතිපත්තියක් ඇති කර ගැනීම සහ ව්‍යායාම වල නිරත වීම.
ශරීර සෞඛ්‍යය ගැන උනන්දු වීම.
බාහිර සාධක වලින් ආරක්ෂා වීම සඳහා ස්වභාවික ක්‍‍්‍රීම් වර්ග භාවිතා කිරීම.
මේවායින් ඉතාමත් වටිනාම ක්‍‍්‍රමය වන්නේ තමාගේ සමට අවශ්‍ය පෝෂණය ලබා දීම සඳහා නිසි පෝෂණ ප‍‍්‍රතිපත්තියක් ඇති කර ගැනීමයිග. එමගින් සමට ලැබෙන පැහැය සහ නිරෝගී කම ස්ථිරය. එය අවු රශ්මිය හෝ පාරේ ඇති දුමට වෙනස් නොවේ. ශරිර සෞඛ්‍ය ගැන උනන්දු වන කෙනෙකුගේ සම ගැන වෙනම උනන්දු වීමට දෙයක් ඉතිරි නොවේ. ඔහුගේ හෝ ඇයගේ සම අනිවාර්්‍යයෙන්ම නිරෝගීවේ.

රූපලාවන්‍යය ගැන කථා කරන අය සම ගැන පමණක් කථා කිරීම අවසානාවන්ත තත්වයකි. සමට පිටතින් අලේප කරමින් සිටින වාට වඩා සමේ ඇතුලතින් නිරෝගී සමක් බිහිකිරීමට අවශ්‍ය පෝෂණය සැපයීම වඩාත් වැදගත් වේ. එසේම සම රැුලි වැටීම වලක්වා ගන්නේ කෙසේද යන්න තේරුම් ගත යුතුය. සම රැුුලි වැටෙන්නේ සමට යටින් ඇති කොලැජන් බිඳී යාම නිසාය. කොලැජන් නම් ප්‍රෝටීනය බිඳී යෑම වලක්වන්නේ අක්මාවේ නිපදවන ග්‍රෝත් හෝමෝන් නම් හෝමෝනය මගිනි. මෙම හෝමෝනය නිපදවීම වයසට යත්ම නිපදවීම අඩුවේ. එසේ සිදු වන්නේ වයසට යනවිට අක්මාව දුර්වල වීම නිසාය. අක්මාව නිරෝගීව පවත්වාගන්නා කෙනෙකුගේ මෙම හෝමෝනය නිසි අයුරින් ක්‍‍්‍රියාත්මක වේ. මේනිසා මොවුන් ගේ සම වයසට ගියත් ඉතාමත් නිරෝගී පෙනුමකින් යුක්තවේ.

එපමණක් නොව මෙම ග්‍රෝත් හෝමෝනය මගින් අක්මාවේ නිපදවන තවත් එක් හෝමෝනයක් වන ඉන්සියුලින් ලයික් ග්‍රෝත් ෆැක්ටර් නම් හෝමෝනය නිපදවීම උත්තේජනය කරයි. මෙම හෝමෝනය ශරීරයේ ඇති ග්ලූකෝස් මට්ටම නිරෝගීව පවත්වාගැනීමට ඉන්සියුලින් ලෙසම උපකාරීවේ. මේ නිසා මෙම හෝමෝනය නිසි ලෙස ඇති අයගේ රධිරයේ සීනි මට්ටම ඉතා සාර්ථකව පාලනය කරයි. මේ නිසා මෙවැනි අයගේ කුරුලෑ සහ වෙනත් දිලීර ආසාදන නිසා සමේ ඇතිවන ව්‍යාකූලතා ඇති නොවේ. මේ හෝමෝන දෙකම නිපදවන්නේ අක්මාවේ නිසා අක්මාව නිරෝගීව තබාගැනීම රූපලාවන්‍ය ගැන උනන්දු වන අය මතක තබා ගත යුතුය.

පෝෂණ පදාර්ථ වලින් හෙබි ආහාර අනුභවයට අමතරව වස විස ආහාරයට ගැනීමෙන් වැලකී සිටීම ඉතාමත් වැදගත්ය. ඔබ ආහාරයට ගන්නා වස විෂ වල ඇති හානිය බාහිරට පෙනෙන්නේ කලක් ගත වූ පසුය. ඒ සම හරහාය. මේ නිසාම සමේ රෝගයක් හටගත් පසු එය සුව කරගැනීම ඉතාමත් අපහසුය. සමේ නිරෝගී භාවය පවත්වා ගෙන යෑම සඳහා අපට ගත හැකි ආහාර අපි ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *