කොලෙස්ටරෝල් වලින් මිදෙන්න දිනපතා මසාලා ටී එකක් හදාගෙන බොමු.

මසාලා තේ කියන්නේ ඉන්දියාවේ ඉතාමත් ජනප්‍රිය කිරි තේ එකක්. අවශ්‍ය නම් කිරි නැතිව බොන්නත් හැකියි. මෙහිදී මෙම තේ එක වැදගත් වෙන්නේ එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසයි. අපගේ අක්මාව LDL කොලෙස්ටරෝල් නිපදවන්නේ අපගේ ධමණි වල ඇතුල් බිත්තියේ යම් ඔක්සිකරණයක් සිදු වීම නිසාය. මෙම ඔක්සිකරණය සිදු කරන්නේ අපගේ ධමණි තුල ඇති මුක්ථ ඛන්ඩක නැතිනම් ඉලෙක්ට්‍රෝන ඌණතාවයකින් පෙලෙන ඔක්ෂිජන් ධන අයන විසින් වේ. මේවා මුක්ථ ඛණ්ඩක ලෙස හදුන්වයි Free radical. මෙම Free radical නිෂ්ක්‍රීය කලේ නැතිනම් ඔවුන් ධමණි බිත්තියේ ඇති ඉලෙක්ට්‍රෝන ගලවා තමාගේ ඌණතාවය සපුරා ගන්නා නිසා මේවා අපට ඉතාමත් අහිතකරය. අපි යම් හෙයකින් මෙම Free radical නිශ්ක්‍රීය කලේ නැතිනම් ධමණි බිත්ති ඇතුලත සෛල අතර ඇති අන්තර් බන්ධන ගලවා එහි ඇති ඉලෙක්ට්‍රෝන ගලවාගෙන මෙම Free radical ස්ථායි වේ. මෙම හේතුව නිසා තමයි අදාල ස්ථානය තුලින් රුධිරය ගමන් කරන එක නවත් වන්නට LDL කොලෙස්ටරෝල් පැමිණෙන්නේ. මෙම ක්‍රියාව දිගින් දිගටම සිදු වීම නිසා රුධිරයේ LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයි ග්ලිසරයිඩ් මට්ටම වැඩිවේ. අපේ රිපෝට් එකේ මෙම දත්තයන් දුටුවිට අපි කල යුතු වන්නේ කොලෙස්ටරෝල් විනාශ කිරීම නොව ඊට හේතු වූ Free radical ඉවත් කිරීමයි. Free radical නිසා ඔක්සිකරනය සිදුවේ. ඉතිං අපි කල යුතු වන්නේ ප්‍රති ඔක්සිකාරක අපගේ ශරීරයට දිනපතා ලබා දීමයි.

දිනකට අප ශරිරයේ ඇතිවන මුක්ත ඛන්ඩක Free radical ප්‍රහාර වලට මුහුන දීම සදහා ප්‍රතිඔක්සිකාරක ඒකක ORAC points 20000 ක් අපි ආහාර සමග ගත යුතු වෙනවා. එසේ නොගත හොත් සිදු වන්නේ අදාල ප්‍රමාණයට LDL කොලෙස්ටරෝල් අක්මාව විසින් නිපදවීමයි. මේවා තමයි ධමිණිවල ඇතුලත බිත්තියේ තැන්පත් වෙන්නේ. ඉස්සර නම් කුස්සියේ අපේ ආච්චිලා ග්‍රෑම් 200 ක විතර ලොකු තුනපහ ගුලියක් අඹරනවා. ඒකේ මම හිතන්නේ ORAC points 150,000 විතර තියෙන්න ඇති. දැන් එහෙම නැහැනේ. ඉතිං අපිට තේ එකට මේ තුනපහ වර්ග කිහිපයක් එක් කරලා බොන්න පුලුවන්. ඒක හරිම රසයි. මේ තේ එකේ ඇති ප්‍රතිඔක්සිකාරක ප්‍රමණයත් අපි ගනන් හදලා බලමු.

අපිට මේ එක ටී එකකින් පුලුවන් ORAC points 10000 ක විතර ප්‍රති ඔක්සිකාරක ප්‍රමානයක් ලබා ගන්න. ORAC points කියන්නේ Oxygen Radical Absorbance Capacity කියන එක. ඒ කියන්නේ අපගේ ශරීරයේ හටගන්නා මුක්ත ඛණ්ඩක Oxygen Radical නිශ්ක්‍රීය කරන්නට හැකි අණු විශේෂයක්.මේ ගැන මම මීට පෙර කොලෙස්ටරෝල් ගැන කතාකරන විට සාකච්චා කලා.

ඉතිං අපිට මේ වාගේ තේ එකක් හදාගෙන කොලෙස්ටරෝල් වලින් මිදෙන විදිහක් කතා කරන්නයි බැලුවේ.

මම එහෙනම් මේකේ පොඩි විද්‍යාත්මක විශ්ලේෂනයක් කරන්නම්.

මුලින්ම අපි දෙදෙනෙකුට ඇතිවෙන්න අවශ්‍ය කලමනා බලමු. ඊට ඉදිරියෙන් මම අදාල ද්‍රව්‍යෙය් ORAC points ගණන සටහන් කරන්නම්.

  • කුරුදු කුඩු තේ හැන්දයි. 5g – ORAC points 6571.25
  • කරාඹු නැටි. 2g – ORAC points 2902.75
  • ගම්මිරිස් 4g – ORAC points 1362
  • අමු ඉගුරු 10g – ORAC points 1485
  • මිංචි කොල 5g – ORAC points 698.75
  • කරදමුංගු 2g – ORAC points 200
  • පිරිසිදු තේකොල තේ හැදි දෙකයි. ORAC points 5400

එකතුව ORAC points 18619.75

ඒ කියන්නේ මෙම තේ එක මගින් සාමාන්‍යෙයන් එක් අයෙකුට දිනකට ORAC points 10000 ක් විතර ලබා ගන්න පුලුවන්. නිරෝගී කෙනෙකුට දෛනිකව අවශ්‍ය වන ORAC points ගණන 20000 යි. කොලෙස්ටරෝල් දැනටමත් ඇති අයට මේක දෙගුණයක් වත් විය යුතුයි.

අපි දැන් බලමු මේක හදන විදිහ.

මුලින්ම සියළුම කලමනා වංගෙඩියක දාලා කොටා ගන්න. දැන් සාස්පානක් ලිපේ තබා ඊට වතුර කෝප්ප 1ක් එක් කරන්න. අර කොටාගත් ද්‍රව්‍යද වතුරට එක් කරන්න. හොදින් රත්වෙන්න හරින්න.වතුර නටන විට තේකොල තේ හැදි දෙක එක් කරන්න. දැන් තව හොදින් රත් වෙන්නට හරින්න. දැන් මේකට එළ කිරි කෝප්ප දෙකක් එක් කරන්න. හැදි ගාමින් රත් කර හොදින් උතුරන තුරු රත් කර බාගන්න. දැන් පෙරාගෙන අවශ්‍ය නම් දුඹුරු සීනි දමා පානය කරන්න. මේ ප්‍රමානය දෙදෙනෙකුට සෑහේ.

තම තමන්ගේ අවශ්‍ය රසයට අනුව වට්ටෝරුව වෙනස් කරගන්න.

මේ ආකාරයටම ගෙදර බත් එකත් හදන්න. බත් එක ලිපේ තියන්න කලින් මේ කලමනා ඒකට එක් කරන්න. කුරුදු කුඩු තේ හැදි 1යි, මුරුංගා කොල කුඩු තේ හැදි 2 යි . කොත්තමල්ලි කුඩු තේ හදි 1යි. එළගිතෙල් මේස හැස්දක්. කරපිංචා රම්පේ. දැන් මේවා සමගම බතලිපේ තබන්න. බලන්න මුලු ගේම සුවදයි බත ඉදෙනකොට. කහ පොඩ්ඩක්ද දැම්මට කමක් නැහැ. හරිම රහයි. කරලා බලන්න. මේ කොහොම හරි අපි කරන්නේ ප්‍රතිඔක්සිකාාරක ගුණය වැඩි කරගන්න එකයි.

මාසයක් විතර මේ තේ එක බීලා කොලෙස්ටරෝල් චෙක් කරලා බලන්න.

වැදගත් යමක් ලිපියේ ඇතැයි කියලා හිතනවා නම් ෂෙයාර් කරන්න.

මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *