prednisolone නිසා ඇතිවන ආබාද තත්වයන් ගැන දැනගෙන සිටීමට සටහන් කරමි.

ලිලාන් මහතා ඊයේ ඇසූ පැනයට මා බාගෙට පිලිතුරු දුනානා යැයි සිතුන නිසා මේ ටිකත් ලියන්න හිතුනා.

මම ඊයේ රාත්රියේ ගෙන ආ පිලිතුරට මම හිතන්නේ ලිලාන් මහතා එතරම් එකග වෙන එකක් නැහැ මොකද මම කතා කලේ රෝගය ඇතිවීමට හේතුවයි.නමුත් ලිලාන්මහතා දක්වන ආකාරයට prednisolone නිසා ඇතිවන ආබාද තත්වයන් ගැන අපි දැනගෙන සිටීම වැදගත් වෙනවා. අපි කාලෙකට ඉස්සෙල්ලා කතා කලා කොලෙස්ට්‍රම් ගැන. මේාවා තියෙන්නෙ මවු කිරි වල. මව මුලින්ම දරුවාට දෙන කිරි වලින් කරන්නෙ මෙම වටිනා කියන පෝෂ්‍ය කොස් දරුවාට ලබා දීමයි. ඉන් සිදු කරන්නේ දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමයි. දරුවා බාහිර ලෝකයට නිරාවරනය වන විගස මේ ටික දරුවාට දෙන්න ඕනි. එය ඉතා වැදගත්. මේ නිසා දරුවා මුළු ජීවිත කාලයම ප්‍රතිශක්තිය ඇතිව ජීවත් වීමට අඩිතාලම දමනවා.

prednisolone වලින් කරන්නේ මේකට ප්‍රති විරුද්ධ ක්‍රියා වලියයි. ඒ කියන්නේ ප්‍රතිශක්ති කරන පද්ධතිය අක්‍රිය කිරීමයි. මේ නිසාම රෝගියා වෙනත් රෝග ගණනාවකට ගොදුරුවීමේ විශාල ඉඩක් සැලසෙනවා. මෙය නැවත යතා තත්වයට පත් කිරීම ඉතා අසීරු වෙනවා. ඒ තරමටහ අපි අපගේ ප්‍රතිශක්තිය දුර්වල කරලා තියෙන්නේ. දැන් වේනා වලින් තොර ජීවිතයක් සොයා ගන්නට හරිම අපහසුයි. ඇති එකම විසදුර prednisolone වැනි ස්ටෙරොයිඩ් වර්ගයක් ගැනීම පමණයි. මේ නිසාම නැවත නැවත රෝගියා මේවා ගන්නවා.

ලිලාන් මහතා මෙම තත්වයට මම හිතන්නේ යෝජනා කරන්නේ නිල වෙදකමේ එන යම් ක්‍රමයක්. එයද සාර්ථක විය හැකියි. මොකද මම දන්නා දෙයක් තමයි නිල වෙදකම හරහා වකුගඩු වලට යම් සංඥාවන් ලබා දිය හැකයි. මේ නිසාම වකුගඩු නිසිලෙස ක්‍රියාත්මක වෙනවා. වකුගඩු කියන්නේ අපගේ සිරුරේ ඇති පෙරණය කියා සිතුවත් ඇත්තටම එය එසේ නොවේ. පෙරණයකින් සාමාන්‍යෙයන් අපද්‍රව්‍ය ටික තියාගෙන අවශ්‍ය ටික තමයි වෙන් කරන්නෙ. වකුගඩු ඒකේ අනිත් පැත්ත. අවදව්‍ය ටික බැහැර කරනවා. මෙම ක්‍රියාවලිය වකුගඩුවේ අතුරුපලයක පමණයි. වකුගඩු තුල අපි කිසිවෙකු නොසිතන ක්‍රියාවලිකය් සිදු වෙනවා. මේ ගැන මට විද්‍යාත්මකව ඔප්පු කරන්නට බැහැ. මාද මේවා දැනගත්තේ යතිවරයන් වහන්සේලාගෙන්. සහ උන්වහන්සේලාගෙන් ඉගෙනගත් ඍෂිවරයෙක් බදු වෙදමහත්මයෙකුගෙන්. නමුත් මට යම් යම් උදාහරන කිහිපයක් ගෙන ආ හැකයි. එයින් යම් දෙයක් තේරුම් ගන්නට පුලුවන්.

අපි දැකලා තියෙනවා කිසිම දිනක පෝෂණයක් ඇතැයි සිතිය නොහැකි ආහාර සැමදා ගන්නා අය නිරෝගීව ඉන්නවා. සමහර අය ඉන්නවා මුලු ජීවිත කාලයටම කන්නෙ චපාති සහ චටි්නි. මෙවැනි අය මම මේ කතා කරන සප්ලිමන්ට් ගන්නේ නැහැ. මේ ගැන ඔබට සිතේන්නේ නැද්ද? සමහර අය ඉන්නවා භාවනා කරනවිට ඉතාම සුලු ආහාරයක් ගන්නේ. බුදුන් වහන්සේ දේශනා කරලා ත්යෙනවා රහතන් වහන්සේ ආහාර ගන්නේ කුඩා දරුවෙකුගේ ප්‍රමාණය බව. දැන් මේවා සමග අපිට පැටලෙන්නට වෙනවා නේද?

බුදුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න අදිටන් කරන විට දෙවි වරුන් ඊට විරුද්ධවෙනවා. දෙවිවරුන් කියනවා ඔබ වහන්සේ මොනවා හරි වලදන්නේ නැතිනම් අපි දිව්‍ය ඕජස් ඔබ වහන්සේගේ සිරුරට ඇතුල් කරනවා කියලා. ඒ කියන්නේ එහෙම දෙයක් කරන්නට හැකියි කියන එකයි. අපි ඒ ගැනකවදාවත් සිතලා තියෙනවාද?

නවීනවිද්‍යාවට අනුව ශක්තිය ජණනය කල නොහැකියි. ශක්තිය පරිවර්ථනය කිරීම පමණක් කල හැකියි. අවසානයේ අවශ්‍ය වෙන්නේ මෙම කර්මජ කය පවත්වන්න අවශ්‍ය ශක්තිය ජනනය කිරීමයි. ඒකට තමයි අපි ආහාර සමග පෝෂණය ගන්නේ. ශක්තිය ජනනය වෙන්නේ මිනිසාගේ හෘදය තුලයි. මෙය දැන් දැන් විද්‍යාඥයින් පිලිගන්නට සූදානම් බවක් පේනවා. ඒත් භෞතිකවාදීන් එය ප්‍රතික්ෂේප කරනව. අපි ඒ අයව පැත්තකින් තියලා මේ ගමන යන්නට වෙනවා. අපි යම් රූපයක් දැකලා ඊට ලෝබ දෝෂ මෝහ යන අකුසල සිතිවිලි සමග බැදීම නිසා යම් ශක්තියක් හෘදය තුල ආරම්භ වෙනවා. මෙසේ ආරම්භ වන ශක්තිය වේරම්භයේ තැන්පත් වෙනවා. මේ අනුව අපි කල්ප අනූවක් තුල සිදු කල කර්ම වල ශක්තිය වේරම්භයේ තියෙනවා. අපි නැවතත් අර කලින් කියපු රෑපයම දැක්කොත් අන්න එතනට ගතියට ගතිය ඇදිලා එනවා.මේකට ගති ආකර්ෂණය කියා කියනවා.දැන් අර කලින් තිබුනු ශක්තිය නැවතත් දෙගුන වෙලා ආපහු වේරම්භයේම තැන්පත් වෙනවා.මේ විදිහට තමයි අපි කර්ම රැස් කරන්නේ. මේ අනුව සිත කය මනස යොදවලා කර්ම එකතු කරනවා. අපි මෙක් කතා කරන ශක්තිය වේරම්භයේ කල්ප 90 ක් පවතිනවා. මේ නිසාම අපි යම් කර්මයක් කලා නම් එය පලදෙන්න ඇති උපරිම කාලය කල්ප 90ක් විතරයි. ඉන් පසු ඒවා අහෝසි කර්ම ලෙසට ගැනෙනවා.

යම් කෙනෙක් මේවායින් මිදෙන්න අවශ්‍ය නම් බුදුන් වහන්සේ ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කරලා තියෙනවා. මේ ගමනත් දැං වරදාගෙන ඇති අපි නිවනක් ගැන දෙතුන් පැත්තකට බෙදිලා තර්ක කරනවා. මේ ගැන සිතන්න ඔබට බාර කරනවා මොකද අපි කතා කරන්නේ ලෞකික දෙයක් ගැන නිසා.

දැන් මාතෘකාවේ ඇති කාරනා දෙස බැලුවහොත් අපිට අවශ්‍ය පෝෂණය හෝ ශක්තිය ලබා ගන්නට හැකි ක්‍රම තමයි වැදගත් වෙන්නේ. මෙම ශක්තිය ලබා දෙන බලාගාරය තමයි වකුගඩු කියන්නේ. ජලය ටැංකියකට එකතු කරලා විභව ශක්තිය අවසානයේ විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා වාගේ ක්‍රියාවලියක් වකුගඩු තුල සිදුවෙනවා. අපි යම් ක්‍රමයකින් වකුගඩු නිසිලෙස ක්‍රියාත්මක කලහොත් අදාල ශක්ති ජනනය සිදුවෙනවා. වකුගඩු දුර්වල නම් එය එසේ සිදු වන්නේ නැහැ. ලිලාන් මහතා පවසන ව්‍යායාම හෝ නිල තෙරපි මගින් කරන්නේ මෙම කාර්‍යය බව මා විශ්වාස කරමි. මේ නිසා රොගියෙකු එම තත්වයෙන් මිදෙන්නට නිල වෙදකම, ව්‍යායාම කිරීම වැනි කාරණා මේ ආකාරයෙන්ද බලපානවා.

කර්මය ගැන සියළුම රොගීන් සැලකිලිමත් වීම වටිනවා. ඒ ගැන අපි මින් පරෙත් කතා කලා. එසේම ඔබලාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් රොගයක් සුව කරගැනීමට වැදගත් වෙනවා. මේ නිසයි බෝධිපූජා වැනි ශාන්තිකර්ම වලින් රෝගීන්ට ගුණ දෙන්නේ. මේ වා ගැන විශ්වාසයක් නැති අයට නම් ඉතිනං එකම පිහිට බටහිර වෙදකම විතරයි. එහිද වරදක් මම දකින්නේ නැහැ. මොකද ඒක එයාල කල කර්මයක්ම විය යුතු නිසා.

මෙම කොටස සමග පැටලෙන්න එපා. එකග නැතිනම් ඉවත් කරන්න. කොස් ගෙඩියේ කන කොටසට වඩා වැඩි කොටසක් විසි කරනවානේ. අවශ්‍ය ටික විතරක් ගන්න.

තවත් කෙනෙකුට දැනගන්නට සලස්වන්න. එය දහස් ගණනකගේ හිතසුව පිනිස වේ. ෂෙයාර් කරන්න.

මෙත් සිතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *