ගල් තැළුමට අත්දුටු ප‍්‍රතිකාරයක්ග

මෙම ඔසුවද අප විසින් ඔබ වෙත ගෙන එන්නේ  වහරක අභයරතනාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසින් මිනිසුන්ගේ හිත සුව පිනිස දේශනා කරන ලද නිසාවෙනි. එසේ හෙයින් උන් වහන්සේටද අපි පුණ්‍යානුමෝදනා කරමු.

කකුලේ විළුඹ පෙදෙස ගලක ඇණුනු විට මෙම තත්වය සාමාණයයෙන් හටගනී. යටි පතුල තමාගේ බරට සමාන බරකින් හෝ ඊට වැඩි බරකින් මෙසේ එක පාදයක් මත තෙරපෙන විට උල් ගලක් හෝ එවැනි වෙනත් දෙයක් නිසා මෙම තත්වය හටගනී. මෙම තෙරපීම නිසා යටිපතුලේ තිබු ලේ කැටිවීම නිසා එම ථානයේ වේදනාවක් හටගනී. නමුත් මේ තත්වය ටික දිනක් යන විට සාමාණයයෙන් සමණය වේ. නමුත් කකුල ගලකට  තෙරපෙන විට ඒ මත තිබූ යම් කටුවක් හෝ එම ගලේම කෑල්ලක්හෝ වෙනයම් දෙයක් කකුලේ සම තුලට ඇතුළු වුවහොත් මෙම තත්වය ටිකක් බැ?රුම් වේ. ඊට හේතුව වන්නේ කකුල නැවත නැවත බ්ම තබන තබන වාරයක් වාරයක් පාසාම එම ආගන්තුක කටුව හො ගල් කෑල්ල ටිකෙන් ටික ඇතුලටම යෑම ඊට හේතුවයි.මෙම කටුව හෝ ගල් කැබැල්ල ඇතුලට ගොස් අස්ථි වල වදින තත්වයට පත්වන විට ශරීරයම ඊට විරුද්ධව සටන් කරයි. මෙම කටුව වටා සෙම බැඳේ. මේ සෙම සමග අදාල කටුව එලියට ගැනීම එහි අරමුණ වේ. අදාල කටුව මුදුන ලෙස සැකසුනු කේතු ආකාර කොටසක් කකුලෙන් ඉවත් කිරීමට දැන් ශරිරය සුදානම් වේ. මේ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරන කාලය අපට මහත් වේදනාකාරී කාලයකි. මේ සඳහා මාස කිහිපයක් ගත විය හැකිය.

අප මෙම ප‍‍්‍රතිකාරයේදී සිදු කරන්නේ අදාල ආගන්තුක කොටස ශරීරයෙන් ඉවත් කිරීම සඳහා ශරීරයට උදවු කිරීමයි. මේ නිසා මෙම කොටස ඉතා පහසුවෙන් ශරීරයෙන් ගැලවී යයි.

මේ සඳහා ඔබ විසින් සිදු කල යුත්තේ ඉතා සරල ප‍‍්‍රතිකර්මයකි. කපුරෙදි කැබැල්ලක් සොයා ගන්න. අඵුත් වෙන්න අවශ්‍ය නෑ. අළුත් කෑල්ලක් නම් කලින් සෝදා කැඳ ඇත්නම් ඉවත් කරගත යුතුය. එය අඟල් 5 ක පලල සහ 5ක පමණ දිගට කපාගන්න. දැන් මෙම රෙදි කැබැල්ල හතරට නවන්න. මෙවිට අඟකට ටිකක් ලොකු හතරැුස් කොටුවක් වැනි කොටසක් ඔබ අත තිබේ. මෙම රෙදි කැබැල්ල දැන් ගෙදර කෑමට ගන්නා සාන්ද්‍ර ලූණු වල හොඳින් පොඟවා ගන්න. මෙම ලූණුවල පොඟවා ගත් රෙදි කැබැල්ල තාච්චියකට පොල් තෙල් ස්වල්පයක් දමා ලිපමත තබා හොඳින් රත් වන විට තෙලේ බැදගන්න. රෙදි කැබැල්ල රන්වන්පැහැ වන විට අඬුවක් ආධාරයෙන් එලියට ගන්න.දැන් මෙම රෙදි කැබැල්ල තරමක් රස්නය තිබියදීම ගල් තැළුම ඇති ස්ථානය මත තබා වෙනත් වෙළුම් පටියකින් බඳින්න. මෙසේ දින 4 – 5ක් සිදු කරන්න. මෙම දින කිහිපය ඇතුලත අදාල ගල්තැළුම කකුලෙන් ගලවී වැටෙනු ඇත.

මෙම ප‍‍්‍රතිකර්මය රාත‍‍්‍රී නින්දට යන්නට පෙර සිදුකිරීම සුදුසුය. කලින් කකුල හොඳින් උණුවතුරෙන් පිරිසිදු කරගත යුතුය.

තවත් කෙනෙකුට උපකාර කිරීමේ උතුම් චේතනාව ඇතිව ෂෙයාර් කරන්න. එය ඔබගේ නිරෝගී භාවය පිනිස වනු ඇත.

මෙත් සිතිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *