සමේ හටගන්නා ඉන්නන් වඳ කර ගන්නට ඉපැරණි කෙම් ක‍්‍රමයක්

මෙම කෙම් ක්‍රමයද අප විසින් ඔබ වෙත ගෙන එන්නේ  වහරක අභයරතනාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසින් මිනිසුන්ගේ හිත සුව පිනිස දේශනා කරන ලද නිසාවෙනි. එසේ හෙයින් උන් වහන්සේටද  අපි ප‍‍්‍රතමයෙන් පුණ්‍යානුමෝදනා කරමු.

පළමුව කෙම් ක්‍රමයක් යනු කුමක් දැයි දැන ගැනීම සුදුසු යැයි සිතමි. කෙම් ක්‍රමයක් කියන්නේ අපට නොපෙනෙන ප්‍රේත කොටස් ලෙස හැඳින්වෙන අමනුෂ්‍ය කොටස් ආධාරයෙන් අපගේ ශරීරයේ ඇති නොයෙක් ආබාධ දුරු කර ගැනීමේ හෝ වගාවන් සදහා ඇතිවන බාදක මැඩගැනීමේ ක්‍රමයක්.  කෙම් ක්‍රම කරන විටදී කථා කරන්නේ නැති බව ඔබ දන්නවා ඇති. එසේ කථා කරන්නේ නැත්තේ  තමාගේ ශබ්ධ තරංග නිසා මෙම ක්‍රියාවට සම්බන්ධ වන අමනුෂ්‍යයන් ඉවත් විය හැකි නිසාත් වෙනත් අමනුෂ්‍යයයන්ගෙන් බාධා පැමිණිය හැකි නිසාත්ය. එසේම තමාගේ සිතද වෙනත් දේ ගැන සිතීම නිසා එක අරමුණක සිටිය නොහැකි තත්වයක් උදා වන බව ඔබට තේරුම් ගත හැකිය. තවත් කාරණයක් නම් මෙම  ක්‍රියාවලිය පටන් ගත් පසු එය අවසන් කරන තුරුම කතා නො කිරීමටත් වෙනත් ක්‍රියාවක් නො කිරීමටත් වෙනත් කෙනෙකුට නොකියා සිදු කිරීම ටත් වග බලා ගත යුතුය.

දන් මෙය සිදු කරන්නේ මේ ආකාරයටයි. මුලින්ම තමාගේ මිදුලේ තිබෙන පුංචි ගල් කැටයක් අහුලා ගන්න කාසියක්ද වෙන් කර ගන්න. කවුරුත් නැති තැනකට ගොස් තමාගේ ඉන්නාගේ මතුපිට කිහිප සැරයක් ගල් කැටය අතුල්ලන්න. ලේ එන තුරු අතුල්ලන්න අවශ්‍ය නෑ. ස්පර්ශ වීම ප‍‍්‍රමාණවත්ග දැන් මේ ගල් කැටය ගිණිපෙට්ටියක් වැනි කුඩා පෙටිටියකට දමන්න. කාසියද එතුලට දමන්න. තමාගේ සිරුරේ තවත් මෙවැනි ඉන්නන් ඉන්නවානම් තවත් ගල් කැටයක් ගෙන පෙර සේම කරන්න.  මෙසේ එක් ඉන්නෙකුට එක් ගල් කැටයක් විය යුතුයි. කාසි එකක් තිබුනහම ඇති. හැබැයි ගිණිපෙට්ටි මදිනම් තවත් ගිණිපෙට්ටියක් ගත යුතු අතර ඊට වෙනම කාසියක් දැමිය යුතුයි. මේ නිසා තමාට අවශ්‍ය කාසි ගල් සහ ගිණිපෙට්ටි ප‍‍්‍රතමයෙන් වෙන් කරගන්න.

දැන් මෙසේ සිදුකල පසු ගල් සහ කාසි සහිත ගිණිපෙට්ටිය තමාගේ පිටුපසට වන්නට අත මිටි මොලවා ගෙන තුන් මං හන්දියක්, නාන තොටුපලක්, වැසිකිලි වලක් වැනි අමනුෂ්‍යයන් ගැවසෙන ස්ථානයකට ගෙන යන්න. එම ස්ථානය කෙතරම් දුර වුවද ගැටළුවක් නැත. දැන් අදාල තැනට පැමිණි පසු කිසිවෙකුට ගත නොහැකි තැනකට විසි කරන්න. මේසියල්ල කලින් තීරණය කල යුතු වුවද කිසිවෙකුට නොකිව යුතුය. ගිණිපෙට්ටි විසි කලයුත්තේද පිටු පසටමයි. තමාගේ ඉදිරිපසට විසි කරන්න එපාග එසේ කරන්නේ පිටි පසට විසි කරන කිසිවක තමාට කිසිදු අයිතියක් නොමැති නිසාය. මේ නිසා මෙම ගිණිපෙට්ටියේ ඇතුලේ තියෙන ඉන්නාගේ ඇති කොටස් තැවරුණු ගල් වල අයිතිය අමනුෂ්‍යයන් සතු වේ. ඒ අතරම අදාල කාසියේ අයිතියද ඔවුන් සතු වේ. මේ නිසා සතුටු වන අමනුෂ්‍යයන් මෙම ගලේ තැවරුණු ඉන්නාගේ කොටස් කෑමට පටන් ගනීග දැන් මේ ස්ථානයේ නොසිට වෙන කොහේවත් නොරැඳී කෙලින්ම තමාගේ පදිංචි ස්ථානය වෙත යන්න. මේ සියළු කරුණු නිෂ්ශබ්දව සිදු කල යුතු අතර ගෙදරට පැමිණි පසු කථා කල හැකිය.

මේ කෙම් ක්‍රමය නිසා සිදුවන දේ ගැන අපි දැන් ටිකක් සොයා බලමු. අපට නොහැකි වුවත් සුනඛයන්ට යම්කිසි කෙනෙකුගේ පසුපස සොයා ගෙන යාමට හැකියාවක් ඇති බව ඔබ දන්නවා ඇති. සොරකමක් හෝ අපරාධයක් සිදුවූ තැන සොරාගේ යැයි සිතිය හැකි යමක් බල්ලාට ඉව කරන්නට දී බල්ලා පසු පස ගිය විට සොරාව සොයාගත හැකිය. එසේ වන්නේ බල්ලා ඉව කල දේ සහ අදාල අයිතිකරු අතර කිරණමය සම්බන්ධයක් ඇති නිසාය. බල්ලාට අදාල කිරණය ඉවට දැනේ. මේ අනුව සොරා සිටින තැන සොයා ගත හැකිය.

මෙම ප‍‍්‍රතිකාරයේදීද සිදු කරන්නේ අදාල කිරණය මෙම ඉන්නන් සුව කිරීම සඳහා යොදා ගැනීමයි. ගල් කැටය තම ඉන්නාගේ ඇතිල්ලූ නිසා ගල සහ ඉන්නා අතර කිරණමය සම්බන්ධයක් අතිවේ. අදාල ගිණිපෙට්ටිය තුලට වී මෙම ඉන්නන්ගේ සාරය ආහාර ලෙස ගන්න අමනුෂ්‍යයන් වෙත මෙම කිරණ මාර්ගයෙන් ඉන්නාගේ ඇති සැරව සහ විෂ ඇදී යයි. ඒ සඳහා ඔබ කොතැනක සිටියත් ගැටළුවක් නැතග මෙසේ මාස 1 1 ක් ‍12 ක් පමණ කාලයක් මෙම අමනුෂ්‍යයන් මෙම ආහාරය රසකරම්න් භුක්ති විඳීග මාස 1 1, 12 කින් පමණ පසු ඉන්නන් සුව වී යන අතර අදාල කිරණයද නැතිවී යයි. මේ නිසා අර අමනුෂ්‍යයන්ට ආහාරය අවසන් වේ. නමුත් ඔවුන් ඔබ සිටින තැනට නොපැමිණේ. ඒ ගැන බියක් අති කරගන්න එපා. මෙහිදී ඔබ තවත් දෙයක් ගැන සිත යොමු කිරීම සුදුසු යැයි සිතමි. එයනම් ඔබ වෙනත් අයගේ ඇඳුම් මාරු කරගෙන අඳින විටදී මෙම කිරණමය ශක්තිය අන් අයගේ කිරණ සමග එකතු වීමයි. මෙමගින් වෙනත් අයගේ ඇති රෝගයක් තමන්ට සම්ප්‍රෙශනය වීමේ හැකියව වැඩිය.

මේ ආකාරයට ඔබගේ ශරීරයේ අති ඉන්නන් සුව කරගත හැකිය. නමුත් ඔබ යම් අකුසල කර්ම යක් නිසා මෙම තත්වයට පත් වී ඇත්නම් එම අකුසලය ඔබ වෙත ගෙන එන තමා ගේම අතින් ඉහත ආත්ම භාවයකදී යම් අවැඩක් අසාධාරණයක් සිදුවීම නිසා අද දුගති ගාමීව සිටින තමාගේම ඥාතියෙකු තමා ලඟම සිටින නිසා ඔවුන් මෙම කිරණය විනාශ කර දමයි. ඒ නිසා ඔබගේ රෝගය සුව නොවේ. එවන් අවස්ථාවකදී ප‍‍්‍රථමයෙන්ම තමාගේ ඥාතියාව දැනට ඉන්නා දුගතියෙන් ඉවත් කල හැකි වන සේ දානමය පින් කමක් සිදුකොට පින් අනුමෝදන් කල යුතුය. එවිට ඔවුන් ඔබගෙන් ඉවත්වන නිසා මෙම ප‍‍්‍රතිකර්මය නිසියාකාරව සිදුකරගත හැකිය.

මෙත් සිතිනි.

Close Menu