සබකෝලයට හේතුව කුමක්ද?

සබකෝලයට හේතුව කුමක්ද? යන පැනයට මගේ පැහැදිලි කිරීම මෙසේ දක්වමි.

අපගේ සිරුර හෝමෝන වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් නිපදවයි. මේවායින් එක්වර්ගයක් ස්නායු හරහාද අනෙක් කොටස රුධිරය හරහාද අදාල ස්ථාන කරා යොමුවේ. මෙයින් සබකෝලය හා බැදුණු එක් හෝමෝනයක් ඇත. ඒ ඩොපමින් නැමති හෝමෝනයයි. මේවා අපි නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් ලෙස හදුන්වමු. මෙම හෝමෝනය නැතිවූ විට හිතේ සතුට අඩුවේ. එසේම මේය නැතිවන විට ඒ සතුට ලබා ගැනීම සදහා එක් එක් අය නානාප්‍රකාර ක්‍රම සහ විධි තමාටම ආවේනික වෙන ආකාරයට යොදාගනී.

මෙම පැණයට පිලිතුරු සැපයූ අය එක් එක් අතට ඇගිලි ද්ක් කලද අවසානයේ මේක වන්දි ගෙවන්නට වන්නේ දරුවාටය. අනෙක් අතට මෙම තත්වය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ඇත. වැඩි හිටියන් නම් මෙම හෝමෝනය බලහත්කාරයෙන් ශ්‍රාවය කරගැනීමේ ක්‍රම සහ විධි පාවිච්චි කරයි. සිගරට් අරක්කු මත්ද්‍රව්‍ය මෙම ඌණතතාවය නැති කර ගැනීමේ මගක් ලෙසට භාවිතා කරයි. මත් ද්‍රව්‍ය ගැන මා වෙනමම කතා කර ඇති නිසා මා මෙහි ඒ ගැන කතා නොකරමි. සබකෝලය ගැන පමණක් කතා කරමි.

යම් දරුවෙකුගේ මොළයේ බොපමින් නිපදවීම දුර්වල නම් එය එම දරුවා මුළු ගැන්වෙන්නට ප්‍රධානම හේතුව වේ. දරුවාට බාහිර පරිසරයෙන් ඇතිවන පීඩණය නිසා ඇතිවන මානසික තත්වයන්ද මීට බලපාන්නේ නැතිවා නොවේ. එසේ වුවත් එයද මැඩලන්නට මෙම හෝමෝනයට හැකිය. මේනිසා ඩොපමින් හෝමෝනය නිසි ලෙස නිපදවන දරුවන් යම් හිත් තැවුලකට ලක් වුවත් එය ඉතාමත් ඉක්මනින් නැවතත් යතා තත්වයට පත් කරගන්නට දනී. කිසිම දෙයක් නිසා මොවුන් සැලෙන්නේ නැත. එසේ නම් මෙම හෝමෝනය නිසිලෙස නිපදවීම සදහා අප විසින් සිදුකල යුුතු කාර්‍යය කුමක්ද යන්න සොයා බැලිය යුතු වේ. ඊට පෙර යම් දරුවෙකු ගේ ඩොපමීන් ඌණතාවය නිසා හටගත හැකි වෙනත් මානසික තත්වයන් ගැන යම් කරුණු ටිකක් කතා කරමු.

ඩොපමින් ඌණතාවයක් අති කෙනෙක් සැම විටම ඩෙපමින් නිපදවන්නට යම් යම් උත්තේජන ඇති කරයි. එම උත්තේජනය නිසා ඩෙපමින් හෝමෝනය ශ්‍රාවය වන අතර ඒ අවස්ථාවේ සිතේ සතුටක් ඇතිවේ. නමුත් මෙහ තාවකාලික නිසා නැවත නැවත අදාල උත්තේජනය ලබාදිය යුතු වේ. අදාල ඩොපමින් උත්තේජනය කරන ක්‍රම කිහිපයක් නම්, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, මත් ද්‍රව්‍ය වැනි බෙහෙත් වර්ග ගැනීම, ලිංගික චර්‍යාවන් වෙත යොමුවීම, විකෘති ආහාර රටා වලට යොමු වීම. වීඩියෝ ගේම් වැනි දෑට දක්වන දැඩි බැදීම. සංගීතය චිත්‍ර නැටුම් වැනි සෞන්ධර්‍යාත්මක විශයක් කෙරෙහි යොමුවීම, ක්‍රීඩා සදහා යොමු වීම. යන ඒවා මින් සමහරකි. මේ සියල්ල මගින් සිදු කරන්නේ ඩොපමින් වර්ධනය කිරීමයි. දැන් ඔබගේ දරුවා මින් කුමන මාර්ගයකින් මෙම හෝමෝනය වර්ධනය කර ගත යුතුද යන්න ඔබම තීරණය කල යුතුය. පහේ ශිෂ්‍යත්ව පන්තියට ලමයි ගෙනයන්නේ මේ දරුවන්ගේ මානසික මට්ටම ගැන නොව තම දරුවා කෙසේ හෝ ප්‍රසිද්ධ පාසලකට යවා තම මාන්නය වර්ධනය කරගැනීමේ අදිටනින් වුවද හොදම ප්‍රතිඵල එන්නේ දුර බැහැර වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කරන දරුවන් ගෙන් බව නොරහසකි. මේ ගැන ඔබ ඔබේම හදවතට තට්ටු කර බලන්න. පිලිතුර ලැබේවි.

වැඩිහිටියන් මේ සදහා මත්ද්‍රව්‍ය භාවිතා කරන අතර සමහර අයට කෙනෙක් සමග කතා කිරීමට සිගරට් එකක් නැතුවම බැරිය. දැන් දැන් දරුවන්ද යම් යම් මත්ද්‍රව්‍ය වලට යොමු වෙමින් සිටී. එසේම කාමුක චිත්‍රපටිවලටද වීඩියෝ ගේම් වලටද යොමු වෙමින් සිටී. මේ සියල්ලෙන්ම සිදු කරන්නේ ඩෙපමින් නිපදවීම උත්තේජනය කිරීමයි.

ඩෙපමින් ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම මෙම හෝමෝනය මගින් සිදු කලද එම හෝමෝනය නිපදවීමට අවශ්‍ය පෝෂණය නැතිනම් කුමක් වේවිද? දරුවා කෙතරම් කලත් මානසික ආතතියකින් සිටින බව ඔබට පෙනේවි. දැන් ඉතින් මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වීම හැර දෙයක් ඔඉට ඉතිරිව ඇත්නම් ඒ ගුප්ත ක්‍රමයක පිහිට පැතීම පමණි. මා මෙවැනි අවස්ථාවලදී සිදුකරන එක් සාර්ථක උපක්‍රමයක් ඇත. මා හට මෙයට උදාහරණ විශාල ප්‍රමාණයක් පෙන්විය හැකිය. මාගේ නිවස තුලම මෙයට අවශ්‍ය උදාහරණ ඇති නිසා මා එය ගෙන හැර දක්වන්නම්. මගේ දරුවන් තිදෙනාටම මම දිනපතා දෙන සප්ලිමන්ට් එකක් ඇත. මෙමගින් ඩෙපමින් නිපදවීමට අවශ්‍ය පෝෂණය ලැබෙන බව මම හොදින්ම දැන සිටියෙමි. මෙම සප්ලිමන්ට් එක මතට ඇබ්බැහි වූ අයෙක්ට දුන් විට මාස දෙක තුනක් ඇතුලත ඇබ්බැහි වීම නවතිනු මා දැක ඇත. මාගේ දරුවන් තිදෙනාදෙ මෙම සප්ලිමන්ට් එක දිනපතා දුන්නෙමි. මොවුන් තිදෙනා දැනට වයස 22, 19, 14 යන වයස් වල සිටින අතර කිසිම සබකෝලයක් නැත. ඇබ්බැහිවීම් හෝ සමාජයට නොගැලපෙන චර්‍යාවන් සදහා යොමු වීම් නැත. හොද නරක හදුනයි. පාසලේ කැපීපෙනෙන දරුවන් වෙයි. මේ සියල්ලටම හේතුව මෙම ආහාර රටාව බව මා හොදින්ම දනිමි. ( අදාල සප්ලිමන්ට් එකේ නම මෙහි පල නොකරන්නේ එය වෙළද දැන්වීමක් වන නිසාය.)

අප එදිනෙදා ගන්නා ආහාර වලද ඩොපමින් නිපදවීමට අවශ්‍ය පෝෂණය ඇති ආහාර ඇත. ඒවා මගින්ද මෙම තත්වය නිසි ලෙස පාලනය කරගත හැකිය. අදාල ආහාර ලැයිස්තුවක් පහත දක්වා ඇත.

  • ආමන්ඕ.
  • අලිගැට පේර.
  • කෙසෙල්.
  • මස්ල කිරි, බ්තිතර, කුකුල් මස්.
  • ලීමා බෝංචි.
  • තල සහ වට්ටක්කා ඇට.

මෙම ආහාර ගැනීම මගින් ඩෙපමින් නිපදවීමට අවශ්‍ය පෝෂනය ලැබේ.

මේ අනුව ඔබගේ දරුවා පහත සදහන් ආහාර වලින් වෙන් කර පෝෂණය සපිරි ආහාර වේලක් ලබා දී දරුවා ගැන අවධානයෙන් පසුවන්න. සිදුවන වෙනස් කම් ගැන විමසිලිමත් වන්න. වැඩි විස්තර අවශ්‍ය නම් කතා කරමු.

ඉවත් කල යුතු ආහාර රටා.

  • පාන්පිටි වලින් සදන ආහාර
  • ගැඹුරු තෙලේ බදින ආහාාර
  • කාබනේටඩ් බීම වර්ග
  • බාබකියු වැනි කෙලින්ම ගින්දර හා සම්බන්ධ වන ආහාාර
  • සොසේජස් වැනි කෘත්‍රීම ආහාාර,
  • නයිට්රේට් සහිත මස් වර්ග
  • අජිනොමොටෝ වැනි රසකාරක එක් කල ආහාර (MSG)

නරක දේ ඉවත් කර හොද දේ දෙන්න. දරුවා සමාජයට හොදක්ම කරාවි.

 

මෙත් සිතිනි.

Close Menu