කොළ කැද හදන නියම ආකාරය ගැන අහල තිබුණු පැණයකට පිලිතුරක්.

කොළ කැද හදන නියම ආකාරය ගැන අහල තිබුණු පැණයකට දුන් පිලිතුර. අන් අයටත් වැදගත් වෙයි.

කොළ කැද හදන ආකාරය.

කොළ ටික හොදින් සෝදා කොටා ගන්න. මුළින්ම මිරිකන යුශ භාජනයකට අයින් කරගන්න. මේවා කැද උයන්නට ගන්න එපා. දැන් අර කොටපු කොළ වලට පොල් එහෙම දාල නැවත කිහිප වාරයක් කොටා යුෂ පෙරා ගන්න. දැන් වෙනදා කැද හදන විදිහටම කැද එක ලිපේ තියලා හාල් එහෙම දාලා හදන්න. කැද නිසි පදමට සකස් වුනාට පස්සේ ලිපෙන් බාලා නිවෙන්නට හරින්න. බොන්නට ඇති ගානට අවාට පස්සේ අර මුලින්ම අයින් කර ගත් කොළ යුෂ ටික එක් කර ගන්න. දැන් බීමට හැකියි. මෙසේ කිරීමෙන් කොළ කැදවල ගුණය වැඩිපුර ලබා ගතහැකිය.

බ්ලෙන්ඩර්කලාට කමක් නැද්ද කියලත් අහලා තිබුනා. වංගෙඩියේ කොටා ගන්නාවා නම් තමයි වඩාත් හොද. ඒත් එතින් දැන් තියෙන සමාජ රටාවත් එක්ක කරන්න අපහසුයිනෙ. ඒක නිසා බ්ලෙන්ඩරය මගින් හෝ මේ ආකාරයට හදා ගන්න. එපමණක් නොව මේ සදහා මැටි හට්ටියක් සහ දර ලිපක් භාවිතා කරන්නට හැකිනම් මෙහි ගුණය තවත් වැඩි වෙනවා. දරවල ස්වභාවය අනුව රස පවා වෙනස් වෙනවා.

කැද බොන විට හැකිනම් සීනි දාන්නේ නැතිව බොන්න. සීනි සමග සමහර විටමින් ගත් විට ඒවා නිසි ලෙස ක්‍රියා කරන්නේ නෑ. 

කොළ තෝරා ගන්නා විට තිත්ත රසය ඇති තොළද තෝරාගන්න. මේවා මැග්නීසියම් බහුලයි. ගොටු කොළ ගන්නා විට වැල් ගොටුකොල මුල්ද සමග ගන්න.

කොළ කැද එකට කුරුදු, එනසාල්, කරාඹු වැනි දෑ ස්වල්පයක්ද එක් කල හැකිනම් එහි ප්‍රති ඔක්සිකාරක ගුණය වැඩි කරගත හැකිය. හැකි සෑම විටම මුරුංගා කොළ එකතු කරන්න (කරල් මුරුංගා) එවිට එහි ප්‍රති ඔක්සිකාරක ගුණය වඩ වඩාත් වැඩි වේ.

පොල් කිරිද ශරීර සෞඛ්‍යයට ඉතාමත් අනගි සහයක් ලබා දේ. අපි පොල්කිරි යහමින් කන නිසා තමයි ලංකාවේ ගවුට් කියන රෝගය අවම මට්ටමක තියෙන්නේ. පොල් කිරි අමුවෙන් වුවද පානයට සුදුසුයි. උදෑසන මිටිකිරි අවුන්සයක් විතර බොනවානම් ඒක හරි වැදගත්. මේකට ගෙදර කොටාගත් කහ ටිකක් දැම්මට කමක් නෑ. පොල් කිරි ගැන කතා කල නිසා කිව්වේ.

මෙසේ සදාගත් කොළ කැද දිනපතා ආහාරයට ගත්තත් ගැටළුවක් නෑ.

Prasad de Mel මහතා පවසන ආකාරයට දිනපතා කැද ආහාරයට ගන්නවානම් කොළවර්ග වෙනස් කරමින් කැද සාදාගන්න.

මෙත් සිතිනි. !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *