බලන්න නවීන විද්‍යාවේ දියුණුව. අමාශයේ කෑල්ලක් කපලා දැම්මහම ස්ථූලතාවයට විසදුම ලැබෙනවලු. මම මේකට නවීන අවිද්‍යාව කියලා කියන්නේ මේ නිසයි.

බලන්න නවීන විද්‍යාවේ දියුණුව. අමාශයේ කෑල්ලක් කපලා දැම්මහම ස්ථූලතාවයට විසදුම ලැබෙනවලු. මම මේකට නවීන අවිද්‍යාව කියලා කියන්නේ මේ නිසයි.

සියළුම පර්යේෂණ වලට සතුන් යොදාගන්නා පර්යේෂකයන් මේ ගැන සතුන්ගෙන් ඉගෙන නොගන්නේ ඇයි. සතුන් හට මේ ගැටළුව නැත්තේ ඇයිදැයි සොයා බැලිය නොහැකිද? විද්‍යාව දියුණු වුවත් මේවාට විසදුම් සොයා ගන්නට නොහැකියි. කෙසේ හෝ ඇගේ කෑල්ලක් කපලා තමයි විසදුම සොයන්නේ. අනාගත පරපුරට දෙවියන්ගේම පිහිටයි.

ස්ථූලතාවයට හේතුව වැඩිපුර කන එක නොවෙයි. වැඩිපුර කැලරි ශරීර ගත වෙන එක. ඒකට හේතුව බඩගින්න කියන එක හදුනන්නේ නැති කම.බඩගින්න කියන්නේ හරියට හිසේ කැක්කුම වගේ එකක්. මොළයට පිටින් ඇති ධමණි වල පීඩණය වැඩි වුනහම ඒක දන්වන්න වේදනාවක් ඇති වෙනවා. මොළයේ ඇතුලත වේදනා සංවේදක නියුරෝන නැහැ. ඒ වුනාට මොළයේ පිටත ඇති රුධිර නාල බිත්ති වලට සම්බන්ද වේදනා සංවේදන නියුරෝන තියෙනවා. මේවා තියෙන්නේ ඇයි. පීඩණය වැඩිවුනොත් දැනුම් දෙන්න. මොකද වැඩි පීඩණය නහරයක් පුපුරා යෑමට හේතුවක් විය හැකි නසා. මේනිසා අදාල පීඩණය අඩු කර ගැනීමට අපි දිය යුතු පෝෂ්‍ය කොටස් කිහිපයක් තියෙනවා මේවා දුන්නහම අර පීඩණය අඩුවෙලා කැක්කුම නැති වෙනවා. අපි කරන්නේ මොකක්ද අර පීඩණය අඩු කරන එක පැත්තක තියලා වේදනාව ගැන වද වෙන එක. ඉතින් මේ සිතිවිල්ල ලෝකයේ විශාල වෙලදාමක් කරගෙන පැරසිටමෝල් එක එක නම් වලින් විකුණනවා. ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

දැන් බඩ ගින්න කියන්නේ මොකක්ද? බඩහිස් වුනහම එන ගින්නක් නම් රාත්‍රී 8 ට කෑම කන කෙනා උදේ 8 වෙනකම් බඩගිනි නැතිව ඉන්නේ කොහොමද? මොකද රෑට කන කෑම විතරක් පැය 12 ක් විතර ආමාශයේ තියෙනවාද? නෑනෙ. එහෙනම් බඩගින්න කියන්නේ මොකක්ද?

අපගේ ශරීිරයේ ක්‍රියාකාරීත්වය සදහා අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂණ කොටස් 91 ක් තියෙනවා.

  • මිනරල් ( ඛණිජ ලවන ) 60
  • විටමින් 16
  • ඇමයිනෝ අම්ල 12
  • මේද අම්ල 3 ( ඔමේගා 3, 6, 9 )

මේවා අපගේ ශරීරයේ හදන්න බැරි ඒවා. මේ නිසා අපි මේ ටික පිටින් දෙන්න ඕනි. දවසකට අවශ්‍ය ප්‍රමාණය ගත්තොත් මේ ටික ග්‍රෑම් 15 ක් වත් නැති තරම්. අපගේ සිරුර ඉල්ලන්නේ මෙන්න මේ ටික. නැතිව පාංපිටි ගොඩක් නෙවෙයි. මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. සුදු පාට හාල් උයපුවහම කන බත් පිගානේ සයිස් එකයි රතුපාට හාල් උයපුවහම කන එකේ සයිස් එකයි මතක් කරගන්න. මම කියන්නේ අර කඩේ තියෙන ඩයි දාපු රෝස පාට හාල් නෙමෙයි. කුරුලුතුඩ වගේ තද රතු හාල්. ඔබ කවදා හරි කුරහං තලප කාල තියෙනවාද? කුරහං තලප කන්නට හැකි ප්‍රමාණය කොපමණද? වැඩිය කන්නට බෑ නේද? ඇයි ඒ. මම අර කියපු පෝෂණ කොටස් බොහොමයක් රතු පාට හාල් වල සහ කුරහං වල තියෙනවා. දැන් එතකොට නැවත බඩගින්න එන්නේ සුදුපාට පාන්පිටි කැවමද නැතිනම් රතුපාට බත් හෝ කුරහං තලප කෑවමද කියලා හිතලා බලන්න. එහෙනම් දැනගන්න බඩගින්න කියන්නේ කුසයේ තරම සමග ඇතිවන දෙයක් වත් හිස් වන විට ඇතිවෙන දෙයක් වත් නොවේ. අපි මොනතරම් පෝෂණයක් සිරුරට ලබා දෙනවාද යන එක මත ඇතිවන ගිණ්නක්.

බඩගිනි වෙන වාරයක් වාරයක් පාසා මේ නොදන්නා කම නිසා මොනවා හරි කනවා නේද? මේ කන ඒවා වල ඇති කැලරි ප්‍රමාණය ගණනය කලා නම් මහත් වන විදිහ දැනගන්නට හැකියි.

  • අපි කන කෑම වල ඇති කැලරි ගණණ පහත අයුරින් වේ
  • කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 1 ක කැලරි 4
  • ප්‍රෝටීන ග්‍රෑම් 1 ක කැලරි 4
  • ලිපිඩ ග්‍රෑම් 1 ක කැලරි 9
  • ඇල්කොහොල් ග්‍රෑම් 1 ක කැලරි 7

අප දිනකට වැය කැන කැලරි ප්‍රමාණය සාමාන්‍ය යෙන් 2000 විතර කියලා කියන්න පුළුවන්. දැන් ඉතිරි වන කැලරි ටිකට මොකද වෙන්නේ. අපගේ සිරුර පසුව නැවත ශක්තිය ලෙස භාවිතා කිරීමේ අභිලාශයෙන් ලිපිඩ ලෙස තැන්පත් කරනවා. දැන් ඉතින් කෙට්ටු වන කැමැත්ත තියෙන කෙනෙක් කරන්නට ඇත්තේ කුමක්ද? කෑම නොකා ඉන්න එකද නැතිනම් අර අදාල පෝෂන කොටස් 91 ලබා දීලා දැනට වැඩිපුර තැන්පත් කර ඇති මේදය ශක්තිය ලෙසට පරිවර්ථනය කරන්නට ඉඩ සලසා දෙන එකද?

ඔබ මේ කියන පෝෂණ කොටස් ටික දිනපතා ලබා දෙන්නේ නම්. දිනකට පිටතින් ලබා දෙන කැලරි ප්‍රමාණය කිසිම ප්‍රශ්නයක් නැතිව 350 කින් අඩු කරන්නට හැකිය. කැලි 350 ක් යනු මේදය ග්‍රෑම් 50 කි. මේ අනුව දින 20 ක් ඇතුලත කිලෝ 1 කින් බර අඩු කරගත හැකිය. මාස 10 ක් අතුලත කිලෝ 15 ක් අඩු කරගත හැකිය. මම මේ කිව්වේ ව්‍යායාම නොකරයි. ව්‍යායාම සදහාද විශාල පෝෂණ කොටස් ප්‍රමානයක් අවශ්‍ය වේ. මේ නිසා ව්‍යායාම කරන අය අදාල පෝෂණ කොටස් නිසි ලෙස ලබා ගත යුතුය. නැතිනම් ඇතිවන තත්වය තවත් දරුණු වෙි.
ව්‍යායාම කරන අයට නැතිනම් හෘද රෝග හැදෙන්නට නොහැකිය. ඒත් අප සමාජයේ ඕනෑ තරම් ඒ සදහා උදාහරන ඇත. ඔබම සිතා බලන්න. මම මෙහි ඒවා සටහන් නොකරමි. මිත්‍යාව ගැන පමනක් සිතන්නට පාර සකස් කරමි.

මෙත් සිතිනි. !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *