බියර් ගැන අසා තිබූ පැණයකට මා විසින් දුන් අතුරු පිලිතුරකි.

බියර් ගැන අසා තිබූ පැණයකට මා විසින් දුන් අතුරු පිලිතුරකි. අන් අයටත් වැදගත් කියා හිතුනා.

මේ පෝස්ට් එක දැක්ක සමහරු කොමේනට් කරලා තියෙනවා නෙබී ඉන්න බැරි ඇයි කියලා. සමහරු කියලා තියෙනවා ඒකට හේතුව මානසික ශක්තිය දුර්වල වීමයි කියලා. ඇත්තටම ඒකට හේතව මොකක්ද? ඒකට හේතුව තමයි ඩොපමින් කියන හෝමොනයේ ඌනතාවය. මෙම හොහොමෝනය තමයි අපිට හිතේ සතුට ගෙන දෙන්නෙ. කෑමක් කනවිට. සෙලලම් කරනවිට. විහිළුවක් කරනවිට. ලිංගික ක්‍රියාවක නිරතවන විට වගේ ඕනිම සතුටක් දනවන ක්‍රයාවක් සිදුවන විට මේ හෝමෝනය නිකුත්වෙනවා. මොලය සතුට කියන එක දැනගන්නෙ එහෙමයි.

මත්දව්‍ය වලින් මේ සිස්ටම් එක ආක්‍රමනය කරනවා. බලෙන් ඩොපමින් ශ්‍රාවය කරවනවා. කාලයක් යනවිට මෙය සිදු කිරීමට වැඩිපුර මත්ද්‍රව්‍ය ගන්න වෙනවා. දැන් සිස්ටම් එක දුර්වලයි. ඉතින් සතුටක් ලබන්නනම් මත්ද්‍රව්‍ය ගන්නම වෙනවා.

  • මේ සතුට ලබා ගන්න ඇබ්බැහි වුන කෙනා ඕනිම දෙයක් කරන්නට මැලි වෙන්නේ නෑ.
  • ඩොපමින් ශ්‍රාවය වර්ධනය කරගන්න පුලුවන් ක්‍රම තියෙනවා.
  • ව්‍යායාම කිරීම. විෂේශයෙන් යෝග.
  • භාවනා කිරීම.
  • සංගීතය හෝ ඕනැම සෞන්ධර්‍ය් විශයක නිරතවීම.
  • ඩොපමින් නිපදවීමට අවශය පෝෂනය සහිත ආහාර ගැනීම යන ක්‍රියා ප්‍රධානයි.

තම දරැවන් ගේ පොතේ දැනුම ගැන වදවෙන, හරක් දක්කනවා වගේ ලමයින් ශිෂ්‍යත්ව පන්ති දක්කන අම්මලාට, අනාගතයේ ඩොපමින් නැති කමින් මතට ඇබ්බැහි වුන දරුවන් දැක දැක විඳවන්නට වන බව අකමැත්තෙන් වුව කියමි. මෙම දරුවන්ට සෙල්ලම් කරන්නට වෙලාවක් නැත. කන්නට දෙන්නේ චූන් පාන්ය. නිසි පොෂණයක් හෝ ඒගැන තැකීමක් ද නැත. දෙමව්පියන් දරුවන් හා ඇති සම්බන්ධකම්ද විරලය. මවට දරුවා වෙනුවෙන් ආහාර සකස් කරන්නට වෙලාක් නැත. ප්ලාස්ටික් පෙට්ටියකට දමන බනිස් ගෙඩිය දරුවාගේ කුස ටික වෙලාවකට පුරවනු විනා පෝෂණයක් නොදෙයි. එකී නොකී සියලු කාරණා නිසා කුඩා කලම ඩොපමින් ඌණතාවයට පත්වන දරුවා, ඩොපමින් යහමින් ලබා ගත හැකි ලිංගික ක්‍රියාකාරකම් පැත්තට හැරෙන්නට කිසිදු අනුබලයක් අවශ්‍ය නැත. රූපවාහිනිය අවශ්‍ය අනුබලය දී හමාරය. අන්තර්ජාලය ඉතිරි හරිය බලාගෙන ඇත. මා මේ කියන දේ අද ඔබ අත්විඳිනවා නේද. හදවතට තට්ටු කර බලන්න. ඔබ සිටින තැන ගැන.

ලමයින් පාසලෙන් දෙන ඕනිම දෙයක් කන බව ඔබ දන්නවා ඇති. ගෙදරදී කැකුළු හාල් බත් කන්නට බෑ කිව්වට ඒක ඉස්කෝලෙදි දුන්න නම් ඇටයක් ඉතිරි නොකර කනවා. දරුවන්ට පෝෂණය ලබා දිය හැකි කදිම තැනක් තමයි පාසල. මතට තිත තියන්න කතා කරන පාලකයන්ට තියෙන්නේ මුලින්ම පාසැල් දරුවන්ට හොද පෝෂණය සපිරි ආහාර වේලක් දෙන එක නොවේද? එහෙම කලා නම් ලමා මනස ඩොපමින් ඌණතිවයක්න් පෙලෙන්නේ නැ. දරුවා හොදින් ඉගෙන ගනු ඇත. මොකද වෙනත් මත් බවක් පසු පස යෑමට අනවශ්‍ය නිසාය. ඉගෙන ගැනීම නිසා ලබන සතුට ඔහුගේ ඩොපමින් ප්‍රමාණය තවත් වැඩි කරනු ඇත. මම දේශපානයයෙන් තොරව කියන්නේ ප්‍රේමදාස මහත්තයා මේක දැන හෝ නොදැන පාසැල් දරුවන්ට මුංඇට කඩල කවුපි වගේ ඒවා කන එක අනිවාර්‍ය කලා. ඒත් දැන් ඉන්න අධ්‍යාපන අමාත්‍ය වරු මේවාට උපදෙස් ගන්නේ බටහිර බෙහෙත් විකුණන්නට ලයිසන් අරං තියෙන අයගෙන්. ඉතින් දරුවන් ලෙඩ වෙන එක නිසා ඇතිවන වෙලද පොල අයිති කරගන්නට දැන් සිටම පිඹුුරුපත් හදනවා විනා දරුවන්ට පෝෂණයක් දීමට දේශපාලකයන්ට වුවමනා නැ. ( පක්ෂ බේදයකින් තොරව හිතට ආපු වේගයට ලිව්වේ. කටහරි රිදුනානම් සමාවෙන්න)

ඩොපමින් ඌනතාවයේ උපරිමය තමයි පාකින්සන් කියන්නේ. පාකින්සන් කියන්නේ ස්නායු දුර්වල තාවයක් ඒක හොද කරන්න බෑ කියලා තමයි බටහිර අය කියන්නේ. ඒ ගැන අපි වෙනම කතා කරමු.

මම මේකටම තවත් දෙයක් එක් කරන්නට කැමතියි. ඒක මම ඊයේ මෙහි ටයිප් කලේ නෑ. හැබැයි දැන් හිතෙනවා ඒකත් කියන එක හොදයි කියලා.

මම මේක කියන්නේ විශේෂයෙන් බිරින්දෑ වරුන්ට සහ මවු වරුන්ට. ඔබ ඔබගේ සැමියාට හෝ දරුවාට අවශ්‍ය නිසි පෝෂණය ලබා දෙන්නට වග බලා නොගන්නේ නම් මා ඉහත කී ඩොපමින් නිපදවීම අඩු වන්නට හැකිය. මෙසේ ඩොපමින් අඩුවීමනිසා තම ස්වාමියා හො දරුවන් ඒ සතුට සොයා යන්නට පටන් ගනී. ඒ සතුට සොයන ආකාරය ඔබ මේ ලිපිය කියවා බැලුවානම් තේරෙන්නට ඕනි. විශේෂයෙන් ආශාව කියන එක අපගේ මොළය අපට දනවන්නේ විටමින් මිනරල් ඌණතාවයයි. නමුත් ඒක මානසික ක්‍රියාවලියක් බව සිතා අපි ඊට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් අාකාරයකිනි. මෙම ආශාව ආහාර වලට පමණක් නොව තම විරුද්ධ ලිංගිකයා දෙසටද යොමුවේ. ඇත්තටම මේ ආශාව අසහනයක් දක්වා වර්ධනය වන්නේ නිරායාසයෙනි. මෙහි පටන් ගැන්ම ඇත්තේ පෝෂණ ඌණතාවය නිසා සිරුරේ හටගන්නා දුර්වල තත්වයකිනි. ඔබට පවුලේ අය සමග සතුටින් සිටින්නට අවශ්‍ය නම් පවුලේ සිටින සියළු දෙනාගේ ආහාරය ගැන සැලකිලිමත් වන්න. ඔබට කීකරු ස්වාමියෙක් සහ දරුවන් උරුම කර ගත හැකි බව විශ්වාසයෙන් කියමි.

මෙත් සිතිනි. !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *