හෘදය රොග ඇති අයෙක් බයිපාස් එකකට තීරණය කර සිටියදී එය සුවකල හැකිද?

හෘදය රොග ඇති අයෙක් බයිපාස් එකකට තීරණය කර සිටියදී එය සුවකල හැකිද යන්නට මා විසින් දුන් පිළිතුරක් මෙසේ සටහන් කරමි. මා මෙම ලිපියේ සටහන් කරන්නේ හෘදරෝගයක් සෑදීම වලක්වා ගන්නා ආකාරයයි. එසේ නැතිව ධමණි අවහිර වී විශාල අනතුරක් අතලග ඇති අය සදහා නොවේ. එවැනි අය පිළියන්දල සම්පත් මහත්තයා. අනුරාධපුර ගුණවර්ධන වෙදමහත්තයා වැනි අය වෙත යොමු විය යුතුය. එසේත් නොහැකිම් තමන් කැමති තැනකින් අදාල රොගයට ප්‍රතිකාර කරගත යුතුය. ඒත් මෙම රොගී තත්වය වලක්වා ගත හැකි නිසා මෙසේ සටහන් කරමි.

කොලෙස්ටරෝල් සදහා රුධිර පරීක්ෂාව සදහා රුධිරය ලබා ගන්නේ ශරාවකින් බව ඔබ දන්නවා ඇති. නමුත් කවදාවත් ශිරාවක කොලෙස්ටරෝල් තැන්පත් වී ඇති බව ඔබ අසා ඇතිද? කොලේස්ටරෝල් තැන්පත් වන්නේ ධමණි වල පමණි. කිසිදාක ශිරාවක තැන්පත් වනනේ නැ. මම මේ ක්‍රියාවලියේ විද්‍යාත්මක පැත්ත පෙන්වා දෙන්නම්. එවිට මෙයින් මිදෙන්නට හැමදෙනාටම හැකි වෙනවා. අදාල කොළස්ටරෝල් තැන්පත් වීම මගහරවා ගත හැකි ක්‍රමයත් මා පමසන්නම්.

මේ රුධිර නාල දෙකේ ඇති ලේවල වෙනස වන්නේ ධමණි වල ඔක්ෂිජන්ද ශිරා වල කාබන් ඩයොක්සයිඩ්ද වැඩි වීමයි. ඔක්සිජන් සහිත මාධ්‍යයකදී ඕනෑම දෙයක් මළ බැදෙන්නට හැකියි. නැතිනම් ඔක්සි කරණය වන්නට හැකියි. කාබන් ඩයොක්සයිඩ් ඇති මාධ්‍යයකදී මෙය වෙනනේ නෑ. අපේ අභ්‍යන්තර සෛල ශ්වසන ක්‍රියාවලියට ඔක්ෂීජන් අත්‍යවශ්‍යයි. මේ නිසා අපි ආශ්වාස කරන වාරයක් වාරයක් පාසා මෙම ඔක්සිකරණ ක්‍රියාවලිය සිදු වීමට අවශ්‍ය ඔක්ෂිජන් අපි ශරීරය තුලට ගන්නවා. එය නතර කල නොහැකි ක්‍රියාවකි.

ඔක්සිකරණය යනු කුමක්ද? ඔක්සිජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන 8 සහිත පරමාණුවකි. මෙම පරමාණු සමාන්‍යෙයන් වාතයේ හෝ ජලයේ දියවෙලා පවතින්නේ ඔක්ෂිජන් අණුවක් ලෙසයි. ඔක්ෂිජන් පරමාණුවේ ශක්තිමට්ටම් දෙකක මෙම ඉලෙක්ට්‍රෝන පවතිනවා. පලමු මට්ටමේ 2 ක්ද දෙවැනි මට්ටම‍ෙ6 ක්ද ලෙසට. මේ සම්බන්ධව රුපසටහන් පහත දක්වා ඇති. සාමාන්‍යෙයන් ඔක්සිජන් පරමාණුව ස්ථායි විමට තවත් ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍ය වෙනවා. එසේ ඉලෙක්ට්‍රෝන සොයා ගැනීමට නොහැකිව සිටින ඔක්සිජන් පරමාණු තමාගේම සගයෙකුගේ ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තබාගෙන ඔක්ෂිජන් අනුවක් හදනවා. අප ආශ්වාසයේදී සොයන O2 යනු මෙවැනි ඔක්ෂිජන් පරමාණු දෙකක් තම ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සදන අණුවකි. මෙය ස්ථාවර අණුවක් නොවේ. යම් තැනක ඉලෙක්ට්‍රෝන දෙකක් ගත හැකි කෙනෙක් දුටු විගස මෙම බන්ධනය බිද දමා අර ඉලෙක්ට්‍රෝන දෙන්නටකැමති කෙනා සමග එක් වීම සාමාණ්‍ය සිරිතයි. යකඩ කෑල්ලක් බාහිරට නිරාවරණය වූ විට සිදුවන්නේ මෙම ක්‍රියාවලියයි. යකඩ වල ඇති ඉලෙක්ටෝන සමග එක්වී ෆෙරස් ඔක්සයිඩි සාදයි. මෙය අපි මළකඩ ලෙස හදුන්වමු. එසේම හයිඩ්‍රජන් පරමාණු දෙකක ඇති ඉලෙක්ට්‍රෝන භාවිතා කොට H2O නැතිනම් ජනය සාදයි.මෙය අපිට ඉතාමත් අත්‍යවශ්‍ය අණුවක් වුදත් මළකඩ එසේ නොවේ.

අපගේ ධමණි බිත්ති වල ඇතුලත ඇති පලමු සෛල ස්ථරය එන්ඩොතිලියම ලෙස හදුන්වමු. එම එන්ඩොතීලියමය තනි සෛල ස්ථරයක් ලෙස පවතින අතර 1998 වනතුරු මෙම සෛල ස්ථරය මගින් සිදුවන ක්‍රියාවලිය කිසිවෙක් දැන සිටියේ නැත. මෙම වසරේදී විද්‍යාඥයන් තිදෙනෙක් විසින් සොයාගත් එක් සොයාගැනීමක් නිසා එම වසරේ වෛද්‍ය විද්‍යාවට පිරිනමන නොබෙල් ත්‍යාගය පවා මේ තිදෙනාට පිරිණමන ලදී. අදාල සොය ගැනීම වූයේ අපගේ ධමණි වලට රුධිර පීඩණයක් ඇති වුවහොත් අදාල ස්ථානයේ ඇති එන්ඩොතිලියම් සෛල වලින් නයිට්රික් ඔක්සයිඩ් නිකුත් තරන බවත් අදාල රසායනිකය මගින් ධමණි බිත්තිය ප්‍රසාරණය කර පීඩණය අඩු කිරීමට සලස්වන බවත් ය. මෙම නයිට්රික් ඔක්සයිඩ තත්පර තුනක පමණ කාලයක් රුධිරයේ පැවත නැතිවී යන බව ඔවුන් සොයාගන්නා ලදී. හාට් ඇටැක් එකක් පවා මෙම තත්පර තුනක කාලය තුල නැවැත්වීමට මෙම රසායනිකයට හැකිය. හාට් ඇටෑක් එකක් නතර කරගන්නට දෙන එක් බටහිර ඔසුවක් තමයි Nitroglycerin කියන්නේ. මේකෙන් කරන්නෙත් ධමණි බිත්ති ප්‍රසාරණයට අවශ්‍ය නයිට්‍රික් ඔක්සයිඩ නිපදවීමයි. නමුත් මෙය කෘත්‍රීම ක්‍රියාවලිවක් නිසා නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා නොගත යුතුය.

අපි දැන් කතා කරන්නේ හෘද රෝග ගැන හෙළ වෙදකම ගෘප් එකේ නිසාත්, අදාල වෙදකම සිදු කරන්නේ රෝග ලක්ෂණය පාලනය සදහා නොව, රෝග මූලය දැන එය සුව කිරීම සදහා බවත් අපි දනිමු. දැන් තව දුරටත් කතා කල යතු වන්න් මෙසේ ධමණි බිත්තිය මත කොලෙස්ටරෝල් තැන්පත් වීමට හේතු වන්නේ කෙසේද යන්නත්. එසේ ම ඔක්සිකරණය වීම නවත්වා ගන්නේ කෙසේද යන්නත්ය. මෙහිදී මෙම ඔක්සිකරණය නවත්වන්නේ කෙසේද යන තැනට හෙළ වෙදකම සම්බන්ධ වේ. එතෙක් මා කතා කරන්නේ විද්‍යාව මගින් තහවුරු කල කරුණු කාරණාය. ඊණියා විද්‍යා අයිතිකරුවන් මේ ගැන මා සමග උරණ නොවනු ඇතැයි සිතමි.

එන්ඩොතීලියම් බිත්තිය සේම අපගේ සිරුරේ අන්තර් සෛල බන්ධණ සෑදී ඇත්ත් ඉලෙක්ට්‍රෝන වලිනි. රුධිරයේ ඇති හිමොග්ලොබින් සමග එක්වූ ඔක්ෂිජන් හැර රුධිර තරලයේ දියවූ ඔක්ෂිජන් ලෙස ගමක් කරන ඔක්ෂිජන් ධමණ් වලදී සෛල බිත්ති සෛල අතර ඇති ඉලෙක්ට්‍රෝන ගලවා ගැනීමට උත්සාහ කරයි. මේ නිසා අදාල ස්ථානය සිදුරක් ඇතිවේ. මෙය අපගේ පියවි ඇසට පෙණෙන සිදුරක් නොවේ. මෙසේ දිගින් දිගටම සිදුවීම නිසා ධමණි බිත්තියට හානි සිදුවිය හැකි නිසා අපගේ මොළය විසින් මෙම සිද්ධිය දැන අක්මාවට පණිවිඩයක් ලබා දේ. ඒ අදාල ස්ථානය ආරක්ෂා කරන ලෙසයි. මේ නිසා අක්මාව LDL නම් කොලසේටරෝල් විශේෂය නිපදවා රුධීරයට මුදා හරී. මේනිසා රුධිරයේ LDL මට්මට වැඩිවේ. මෙම LDL අදාල හානි වූ ස්ථානයට ගොස් ප්ලාස්ටර් එකක් දමන්නා සේ එන්ඩොතීලියම් එකට යටින් මෙම කොලෙස්ටරෝල් තැන්පත් කරයි. මෙහිදී LDL වලින් සිදු කරන්නේ අදාල ස්ථානය තුලින් රුධිර ගළණයක් සිදුවීම පාලනය කිරීමයි. එය ආරක්ෂිත උපක්‍රමයකි.

මෙම අවදානම තියෙන තාක් මොළය විසින් අදාල සංඥාව නිකුත් කරයි. යම් ලෙසකට මෙම අනතුර පහව ගියහොත් මොළය විසින් තවත් සංඥාවක් නිකුත් කරයි. මේ සංඥාව නිසා අක්මාව විසින් HDL නැමති කැප්සියුලයක් වැනි යමක් නිපදවයි. මේ තුල කොලෙස්ටරෝල් නැත.එය හිස් කවරයක් පමණි. අදාල කොලෙස්ටරෝල් ප්ලාක් එක ඇති තැනට යන මේ HDL ප්ලාක් එකේ ඇති කොලෙස්ටරෝල් උරාගෙන නැවත අක්මාවට රැගෙන එයි. මේ නිසා අදාල ස්ථානයේ ඇති ප්ලාක් එක නැතිවී යයි. දැන් මේ කොලෙස්ටරෝල් තැන්පත් වීමට හේතුව ධමණි බිත්තිය ඔක්සිකරණය වීම බව සොයාගත්තා. දැන් සොයා ගත යුතු වන්නේ අදාල ඔක්සිකරණය වීම නවත් වන්නේ කෙසේද යන්නයි.

ඔක්සිකරණය නැවැත්වීමට නම් අපගේ රුධිරයේ ප්‍රතිඔක්සිකාරක තිබිය යුතුය. ප්‍රති ඔක්සිකාරක අපිට ලැබෙන්නේ ආහාර වලිනි. විටමින් සී, ඊ වැන් විටමින්ද සෙලේනියම් වැනි ඛණිජ ලවනද, ඇතුළු විශාල පෝෂණ කොටස් ගණනක් මෙම කාර්‍යය සිදු කරයි. මෙම ප්‍රති ඔක්සිකාරක ගුණය මණින ඒකකයක් ඇත ORAC ( Oxygen Radical Absorbance Capacity ) ලෙස හදුන්වයි. ඔබ අන්තර්ජාලයේ මෙම අකුරු 4 ටයිප් කලහොත් ප්‍රති ඔක්සිකාරක ගුණය වැඩි ආහාර දැකගත හැකිය. මෙම ආහාර ඔබගේ ආහාර වලට එක් කර ගැනීමෙන් අදාල ප්‍රතිඔක්සිකාරක සිරුරට ලබා දිය හැකිය. එසේම ඔක්සිකරණය වේගවත් කරන ආහාර කිහිපයක් ඇත. මෙම ආහාර නතර කල යුතුය මම එ්වාද මෙහි දක්වන්නම්.

  • පාන්පිටි වලින් සදන ආහාර,
  • ගැඹුරු තෙල් වලබදින ආහාර
  • බාබකියු වැනි කෙලින්ම ගින්දරට වදින ආහාර
  • කාබන්ඩයොක්සයිඩ් මිශ්‍ර බීම වර්ග.
  • නයිට්‍රෙිට අඩංගු සොසේජස් වැනි ආහාර සහ අජිනොමොටෝ වැනි රසකාරක ප්‍රධාන වේ.

මා ඉහක දැක්වූ ORAC ගණනය වැඩි ආහාර සහිත ආහාර වේලකට පුරුදු වුනහොත් කොලේස්ටරෝල් යන භිතිකාව සදහටම නැතිවී යනු ඇත. මෙම ආහාර ලැයිස්තුවක් ගතහොත් ඉන් ඉිදිරයෙනිම ඇත්තේ අප රටේ ඉතාමත් හොදින් වැවෙන කුළුබඩු බව අපිට හොදටම පෙනේ. මෙහිදී කුරුදු දෙවැනි තැන ගනී. කුරුදු ග්‍රෑම් 100 ක ORAC ප්‍රමාණය 280000 ක් පමණ වේ. අපට දිනකට අවශ්‍ය ORAC ප්‍රමාණය 20000 කි. ග්‍රීන් ටී එකක ORAC – 3000, මුරුංගා කොල වේලා කුඩු කරගත් පසු එන් ග්‍රෑම් 100 ක ORAC – 157000 ක් වැනි විශාල ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණයක් අපට ලබා ගත හැකිය. කොලෙස්ටරෝල් ඇති අයෙක් කල යුතු වන්නේ මෙම ආහාර රටාවට පුරුදු වීම පමණකි.

සාමාන්‍ය යෙන් මුරුංගා කොල කුඩු තේහැදි දෙකක් සහ කුරුදු කුඩු තේ හැන්දක් මීපැණි සමග දිනකට ආහාරයට ගැනීම මගින් අප සිරුරට දිනකට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය ලබා ගත හැකිය. එසේම හෙළ වෙදකම තුල ඇති බෙහෙත් වලද මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි බව මා අදහමි. මෙම ආහාර රටාවට හුරු වන කෙනාට හෘද රෝග ඇතිවන්නේ නැත. තම නුවනින්සිතා බලා තීරණය කරන්න.

මෙම පිළිතුර ඉතාමත් දීර්ඝ නිසා මිනි ඉදිරියට කතා නොකරමි. කෙසේ හෝ මෙම මාරාන්තික තත්වය දුරු කිරීමට අපේ කුස්සියට විශාල බලපෑමක් ඇතිකරන්නට හැකි බව සිතට ගන්න. මේම රෝග වලට ප්‍රධානම දොරටුව විවර වූයේ අපේ කුස්සියේ මිරිස් ගලට සමුදුන් දාය. එදා අපේ ආච්චිලා ලොකු මිරිස් ගුළියක් අඹරනවා සමහර විට ඔබදැක ඇති. මේ ගුළිය අපේ ආහාර වලට දැම්මා මතකද? මෙම ගුළිය ග්‍රෑම් කීයක් විතර බර ඇත්ද? විශාල එකක් නේද? මේ ගුළිය අපගේ හදවත ආරක්ෂා කලා. වෙනකක් තියා සුද්දා අපරට ආක්‍රමණයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙම කුළුබඩු ටිකයි. මොවුන් මේ කුළුබටු ටික තමයිඔවුන්ගේ රටට ගෙන ගියේ. අදත් අපි නොකන කුරුදු ඔවුන් කනවාය. හදවතට තට්ටු කර බලන්න අපි ඉන්නේ කොහෙද කියා. මා මෙහිදී කොලෙස්ටරෝල විනාශ කරන්නට දෙන ස්ටැටින් ඩ්‍රග්ස් ගැන කතා නොකරමි. කොලෙස්ටරෝල් යනු විනාශ කල යුතු දෙයක්ද නැතිනම් ප්‍රති ඔක්සිකාරක මගින් පාලනය කල යුතු දෙයක්ද යන්න ඔබම තීරණය කරන්න.එසේම හොද සහ නරක කියලා කොලෙස්ටරෝල් දෙවර්ගයක් ඇතිද යන්නත් සිතා බලන්න. මේ සියල්ලම අපිම ගොනාට අන්දන්නට ගහපු ගැට බව කියා මේ පිළිතුර නවත්වමි

මෙත් සිතිිනි. !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *