හෘද රෝග වල කසකරුවා ලිංගික බෙලහීණතාවය.

අපි වැඩිය කථා නොකරන ඒත් වැඩියෙන්ම හිතන බොහෝ දෙනෙකු මුහුණ දෙන සෞඛ්‍ය ගැටලූවකි ලිංගික බෙලහීන තාවය. 1980 දී පමණ මුලූ ලොවම කොලෙස්ටරෝල් භීතිකාවකින් පෙලෙන්නට පටන් ගන්නා ලදී. මෙම භීතියෙන් මිදීමට අදටත් අපට නොහැකිවී ඇත. සිරුරේ කොලෙසටරෝල් විනාශ කිරීම සඳහා ස්ටැටින් වර්ගයේ බටහිර ඖෂධ ලබා දීම පටන් ගත්තේ වර්ෂ 1980 පමණ සිටය. වසර 36 ක් ගතවී ඇතත් හෘද රෝග වැඩි වුවා මිස අඩු වීමක් අප දැක නොමැත. ලිංගික හෝමෝන සහ ස්ටෙ‍්‍රස් හෝමෝන යන දෙකම සැදීම සඳහා කොලෙස්ටරෝල් අවශ්‍ය වේ. නමුත් ඔබ විසින් දෛනිකව ගිලදමන කොලෙස්ටරෝල් නාශක ඔසු ඔබගේ මෙම අත්‍යවශ්‍ය හෝමෝන නිපදවීමටද බාධා ඇති කරයි. මෙය ඔබගේම නුවනින් විමසා බලන්න. කොලෙස්ටරෝල් යනු හෘද රෝග ඇතිවීමට හේතුවන එක් සාධකයක් බව සැබෑය. නමුත් කොලෙස්ටරෝල් යනු රෝගය නොවේ. එය රෝග මුලයේ එක් අතුරු ඵලයකි. අතුරු ඵලය ගැන වද වන අපි රෝගයට හේතුව ගැන කිසිදු තැකීමක් නොමැත.

ලිංගික බෙලහීනතාවයට කොලෙස්රෝල් වලින් ඇති බලපෑමත්ල ඊට හේතු වන වෙනත් සාධකත්, ඉන් මිදෙන මාර්ගයත් ගැන අපි මෙම ලිපියෙන් කථා කරන්නට බලා පොරොත්තු වෙමු.

මෙම ලිපියේ ඇති කාරණා හා සම්බන්ධ වීඩියෝ දර්ශන කිහිපයක් අප ෆේස්බුක් පේජ් එකේ දක්වා ඇත. එවා නැරඹීම තුලින් ඔබගේ දැනුම වඩාත් වර්ධනය කර ගත හැකිය. අප මෙම ලිපිය මගින් ගෙන එන කරුණු ගැන යම් කුකුසක් ඇත්නම් ඒවා ද මෙම වීඩියෝ නැරඹීම මගින් නිරාකරණය කර ගත හැකිය.

පිරිමින්ගේ ලිංගය නිසි ලෙස ප‍්‍රාණවත් නොවීමල ප‍්‍රාණවත් වූ ලිංගයද ඉතාමත් ඉක්මණින් අප‍්‍රාණික වීම මෙම රෝගයේ ප‍්‍රධානම ලක්ෂණ වේ. ලිංගේන්ද්‍රිය ප‍්‍රාණවත් විමට නම් ලිංගික ධමණී ඔස්සේ එන පිරිසිදු රුධිරය ලිංගේන්ද්‍රිය තුල ඇති රුධිර කොටරාභ තුලට එක් රැස් විය යුතුය. ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණි යම් හේතුවක් නිසා නිසි ලෙස ක‍්‍රියා නොකිරීම මෙම තත්වයන්ට එක් හේතුවක් වේ. ප‍්‍රථමයෙන් අපි එම තත්වය සාකච්චා කරමු. (ලිංගේන්ද‍්‍රිය හෝ පියයුරු කුඩා වීම සහ ක්ෂණික මෝචනය වැනි තත්වයන් අප මෙහිදී සාකච්ඡුා නොකරන අතර එම සෞඛ්‍ය ගැටලූ ගැන දැනගැනීම සඳහාත් ඊට පිළියම් ශරීරයට අහිතකර නොවන අයුරින් සිදු කරන්නේ කෙසේදැයි දැනගැනීම සඳහාත් මෙම ලිපිය කියවා අවසානයේ අප හට ෆෙස්බුක් එක හරහා මැසේජ් එකකින් දන්වන්න.

ඔබගේ රුධිරයේ LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහල නම් ඊට ප‍්‍රධානම හේතුව වන්නේ ඔබගේ සිරුරේ මුක්ත ඛණ්ඩක ප‍්‍රමාණය ඉහල යෑමයි. මේ හේතුව නිසා මෙම LDL කොලෙස්ටරෝල් ධමණි බිත්ති වල තැන්පත් වීම සිදුවේ. මේ නිසා මෙම ධමණි හරහා රුධිරය ගමන් කිරීම ඉතාමත් අසීරු වේ. හෘදයේ ඇති කිරීටක ධමණි වල සේම ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණියේද ඇතුල් බිත්තියේ මෙම කොලෙස්ටරෝල් එක් රැස්වීම සිදු වේ. මේ හේතුව නිසා හෘදයට රුධිර සැපයුමට බාධා ඇති වන අයුරින්ම ලිංගේන්ද්‍රියටද රුධිර සැපයුමට බාධා ඇතිවේ. කිරීටක ධමණිවල ප‍්‍රමාණයේන් අඩක පමණ විශ්කම්භයක් ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණිය විශ්කම්භයෙන් යුක්ත වේ. කිරීටක ධමණිය 25% ක ප‍්‍රමාණයක් කොලෙස්ටරෝල්ව ලින් ආවරණය වුවහොත්, එම කොලෙස්ටරෝල් මට්ටම ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණියෙන් 50% ක් අවහිර වීමට ප‍්‍රමාණවත් වේ. මේ නිසා ලිංගේන්ද්‍රියේ රුධිර කොටරාභ පිරවීම සඳහා වැඩි වේලාවක් ගත වේ. මෙම කාලය හේතුවෙන් පිරිමියා මානසිකව දැඩි පීඩණයකට ලක්වන නිසා ඔහුගේ ලිංගික මානසිකත්වය තවත් පිරිහී යයි. මේ නිසා මෙම රෝගී තත්වය දිගින් දිගටම පවතී. මෙම රෝගී තත්වය ඇති කෙනෙක් ප‍්‍රථමයෙන් තම කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමට හේතු සාධක වූ මුක්ථ කණ්ඩක අවම කර ගැනීම පිණිස අත්‍යවශ්‍ය ප‍්‍රතිඔක්සිකාරක ආහාරයට එක් කර ගත යුතුය.

ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය වැඩි වන අතරම රුධිරයේ ඝණත්වය වැඩවීම නිසාද මෙම තත්වය තව තවත් උග‍්‍ර වේ. මේ නිසා රුධිරය ඝණ වීම වැලැකවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතුය. අවශ්‍ය වන්නේ රුධිරයේ ඝණත්වය වැඩි වීමට හේතු වන පුරුදු සහ ආහාර අත්හැරීමත් රුධිරයේ ඝණත්වය අඩු කල හැකි ආහර දෛනික ආහාර වේලට එක් කර ගැනීමත්ය. රුධිරයේ ඝණත්වය අඩු වීමට ප‍්‍රධානම හේතූන් වන්නේ රුධීරයේ හෝමෝසිස්ටීන් වැඩිවීම සහ දුම් පානය වේ. මේ හේතූන් නිසා රුධිරයේ ඝණත්වය වැඩිවීම හේතුවෙන් කොලෙස්ටරෝල් තැන්පත් වී ඇති ධමණියක් තුල රුධිර ගමණට බාධා ඇතිවේ. මෙය හෘද රෝග ඇතිවීමට බලපාන අතර ඊට පෙර අපගේ මාතෘකාව වන ලිංගික බෙලහීනතාවයට බලපායි. මේ නිසා දුම්පානය අවම කිරීමටත් හෝමෝ සිස්ටීන් නිශ්පාදනය අවම කිරීම සඳහා අවශ්‍ය වන විටමින් E12, E6, E2 සෙලේනියම් සහ ෆෝලික් අම්ල සහිත ආහාර දෛනිකව ආහාරයට ගත යුතුය. මෙම පෝෂ්‍ය කොටස් සහිත ආහාර ගැන අපගේ වෙබ් අඩියෙන් ඔබට දැන ගත හැකිය. අපගේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් කිහිපයක් වන මේද අම්ල යම් කෙනෙකුගේ සිරුරේ අඩු වුවහොත් එයද රුධිරයේ ඝණත්වය වැඩි වීමට බලපායි. මේ නිසා ඔමේගා 3, 6, 9 අඩංගු ආහාර දෛනිකව ගැනීම ඉතාම වැදගත් වේ. පිරිසිදු තල තෙල් සහ ෆ්ලැක්ස් සීඞ් තෙල් මිශ‍්‍රනයකින් මෙම පෝෂ්‍ය කොටස් දෛනිකව සිරුරට ලබා දිය හැකිය. තල තෙල් කොටස් 4 කට ෆ්ලැක්ස් සීඞ් තෙල් 1 කොටසක් කලවම් කර දිනපතා කෑම සමග තේහැන්දක් පානය කිරීමෙන් ඔමේගා 3, 6, 9 සිරුරට ලබා දිය හැකිය. 1998 වසරේදී විද්‍යඥයන් තිදෙනෙකුට නොබෙල් ත්‍යාගයක් ලැබින. ඒ නම සොයාගැනීමක් සඳහාය. එම සොයා ගැනීම ලිංගික බෙළහීන තාවය ඇති අයට ඉතාමත් වැදගත් වේ. එම සොයා ගැනීමනම් අපගේ සිරුරේ රුධිර නාල වල ඇතුලතින් ඇති බිත්තියේ පළමු ෙසෙල ස්ථරය සහ එමගින් නිකුත් කරන ශ‍්‍රාවයක් පිළිඹඳවය. එම තනි ෙසෙල ස්ථරය එන්ඩොතීලියම ලෙස හඳුන්වන අතර අපගේ සිරුරට අවශ්‍ය අවස්ථාවකදී රුධිර නාල විස්ථාරණය කිරිමට හැකි වන පරිදි එමගින් නයිට්රික් ඔක්සයිඞ් නිකුත් කරනු ලබයි. මෙම ක‍්‍රියාවලිය නිසා සිරුරේ යම් ස්ථානයක රුධිරය හිරවීමක් ඇති වන්නේ නම් අදාල ස්ථානයේ එන්ඩො තීලියම් ෙසෙල ක‍්‍රියාත්මක වී නයිට්රික් ඔක්සයිඞ් නිකුත් කිරීම මගින් ධමණිය විස්තාරනය කර රුධිර ගමණ පහසු කරවයි. මේ නිසා යම් ක‍්‍රමයකින් මෙම ස්ථානයේ ෙසෙල උත්තේජනය කලහොත් අදාල ස්ථානයේ ඇති ගැටලූව නැති වී යනු ඇත. මෙම විද්‍යාඥයන් ස්වභාවික ක‍්‍රමෙවිදයක් සොයා ගත්තද ව්‍යාපාරික ආයතන මෙම සොයා ගැනීම භාවිතා කලේ වෙනත් ආකාරයකටය. ඒ තාවකාලිකව ලිංගික උද්ධීපනය ඇති කරවන වයග‍්‍රා වැනි ඖෂධ භාවිතා කොට ධමණි ප‍්‍රසාරණ කිරීමයි. මෙවැනි කෘත‍්‍රීම ඖෂධ වලින් සිද කරන්නේ සිරුරේ ධමණි බලෙන් ප‍්‍රසාරණය කිරීමයි. මේ නිසා ලිංගේන්ද්‍රියට රුධිරය සපයන ධමණිය පමණක් නොව සිරුරේ සියලූම ධමණි විස්තාරණය වේ. මේ නිසා ධමණි බිත්ති වල ඝණකම අඩුවී සියුම් ධමණි වලට පීඩණය දරාගත නොහැකි විය හැකිය. මේ හේතුව නිසා ක්ෂණිකව හෘද රෝග සහ ස්ට්‍රෝක් වැනි තත්වයන් මෙවැනි ඖෂධ නිසා හටගත හැකිය. මේ නිසා ඔබගේ රෝගය ගැන හරි හැටි තේරුම් ගෙන ඊට අවශ්‍ය නිසි ප‍්‍රතිකාරය ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව සිතට ගන්න. 1998 දී විද්‍යාඥයන් විසින් සොයා ගත් මේ අපූරු ක‍්‍රියාදාමය ස්වභාවිකව උත්තේජනය කරන ස්වභාවික අතිරේක ආහාරයක් දැන් අමෙරිකාව විසින් නිපදවා ඇත. ඊට යොදාගෙන ඇත්තේ අප හොඳින් හඳුනන අහු ශාඛයේ ඵලයයි. මොවුන් විසින් මෙම ඵළයේ විෂ ඉවත් කොට රුධිර නාල බිත්ති වල ඇති එන්ඩො තීලියම උත්තේජනය කල හැකි අතිරේක ආහාරයක් නිපදවා ඇත. එය දැන් ඔබටද අප හරහා මිළදී ගත හැකිය.

කෙලෙස්ටරෝල් නැති කර ගැනීම සඳහා ස්ටැටින් වර්ගයේ ඔසු ලබා ගත හොත් සිදු වන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩකි. මේ නිසා මෙම තත්වය හොඳින් කළමණාකරණය කර ගැනීම ඔබ සතු වගකීමකි. එය ඔබගේ ජීවිතය සහ පවුල් ජීවිතය යන දෙකම සම්බන්ධ වන සෞඛ්‍ය ගැටලූවකි. “කොලෙස්ටරෝල් මිත්‍යාව ජය ගනිමු” යන නමින් ලිපියක් ඔස්සේ විස්තරාත්මකව මෙම පේජ් එක හරහා දැමීමට බලාපොරොත්තු වෙමු.

ලිංගික බෙලහීත තාවය යනු රොගයකට වඩා රෝග ලක්ෂණයකි. මෙම තත්වය ඇති අය වසර 10 ක් ඇතුලත හෘද රෝගයකට මුහුණ දෙන්නට ඇති ඉඩකට ඉතාමත් අධික බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මෙම තත්වය ඇති තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකුටම හෘදයාබාද වැලඳී ඇත. එය ඉතාමත් වැඩි සංඛ්‍යාවකි. මේ නිසා මෙය අනිවාර්්‍යයෙන්ම සුව කර ගත යුතු අයහපත් සෞඛ්‍ය තත්වයකි. මෙම තත්වයට ඔබ මේ වන විටත් මුහුණ දී ඇත්නම් දැන්ම එම තත්වය දුරු කරගැනීම සඳහා පියවර ගන්න. එහෙත් ඔබ විසින් අනුගමණය කරන ප‍්‍රතිකාර ක‍්‍රමය ඔබව තවත් රෝගයක් කරා යොමු කරනාවනම් ඇති ඵලය කුමක්ද? මේ ගැන හොඳින් සිතා බලා තම ප‍්‍රතිකාර අරඹන්න. තමාගේ ආහාර වේල නිසි ලෙස සකසා ගැනීම මීට ඇති හොඳම පිළියමයි. මෙවැනි සෞඛය ගැටලූ සඳහා මෙතෙක් ඉතාමත් සාර්ථක ආහාර අපි අත්හදා බලා ඇත. නමුත් ශ‍්‍රී ලංකාව තුල මෙම ආහාර අලෙවියට නොමැති වීම අවාසනාවට කරුණක් වි තිබින. එහෙත් දැනට වසර දෙකකට පමණ පෙර ශ‍්‍රී ලාංකික ආයතනයක් ඉතා සාර්ථක ලෙස පර්යේෂණ පවත්වා අප ඉහත දැක්වූ සෞඛ්‍ය ගැටල විසඳා ගැනීම සඳහා දේශීය ශාඛ සාර මත පදනම් වූ හෙළ ඔසු කාලයට ඔබින ලෙස වෙළඳ පොලට නිකුත් කර ඇත. අප එම ආයතනයේ සිංගප්පූරුවේ බලය ලත් නියෝජිත තනතුරට පත් කර ඇති බව පවසන්නේ ඉමහත් සතුටිනි. ඉදිරියේදී අපට සිංගප්පූරුවේ සිට මුලූ ලෝකයේම සිටින මෙවැනි රෝග සහිත අයට අපගේම රටේ නිපදවූ දේශීය ඔසුවක් ලබා දීමට අපට හැකි වනු ඇත. ශී‍්‍ර ලාංකිකයෙකු ලෙස අපි මෙම නිශ්පාදන සමාගමට අපගේ කෘතඥතාවය පලකර සිටිමු. දැන ගැනීමට අවශ්‍ය නම් අප හට ෆේස්බුක් හරහා මැසෙජ් එකකින් අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.

ඔබ සිංගප්පූරුවේ හෝ වෙනත් රටක ජීවත් වනවා නම් අපගේ අංකයට කථා කොට වැඩි දුර විස්තර දැනගත හැකිය. අප විසින් ඔබගේ නිවසටම මෙම දේශීය ඔසු ජාත්‍යන්තර කුරියර් සේවාවන් ඔස්සේ ලබා දීමට කටයුතු කරන්නෙමු. මෙම ආහාරමය ඔසු සඳහා දින 30 ක මුදල් ආපසු ලබා ගත හැකි වගකීමක් ද ඇති බව ඔවුන්ගේ වේබ් අඩවියේ සඳහන් නිසා අපටද වගකීමකින් යුතුව මෙම ආහාරමය ඔසු ඔබට කියා දිය හැකිය. අප මෙහිදී සඳහන් කල කොලෙස්ටරෝල් ගැටලූවට අමතරව පහත දක්වා ඇති මානසික ගැටලූව නිරාකරණය කර ගැනීමටද මෙම ආහාරයේ ඇති පෝෂණය උපයෝගී වනු ඇත. විටායි ජීන් නැමති මෙම සෞඛ්‍ය වර්ධක අතිරේක ආහාරය සිංගප්පූරුවේ විද්‍යා සෞඛ්‍ය සහ විද්‍යා අධිකාරිය මගින් නිර්දේශ කර ඇති අතර සියලූ විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන් දැනගත හැකිය. ගෙන්වා ගැනීමට අපහසුතාවයක් ඇත්නම් අප හට ෆෙස්බුක් හරහා මැසේජ් එකක් එවා වැඩි විස්තර ලබා ගත හැකිය.

ශිෂ්ණයේ ප‍්‍රමාණය සහ ක්ෂණික මෝචනය වැනි ගැටලූ සඳහාදල කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කර ගැනීම සඳහාද ශාඛ සාර වලින් නිපදවූ ස්වභාවික ඔසු හඳුන්වා දී ඇති අතර ඒ ගැන දැන ගැනීමට ඇත්නම් අප හට ෆෙස්බුක් හරහා මැසේජ් එකක් එවා වැඩි විස්තර ලබා ගත හැකිය.

වැඩි විස්තර දැන ගැනීම සඳහා

අජන්ත: 0777 31 66 29

Dr. J. S. P Liyanage: 0112 735 621

ඔබගේ මානසික තත්වයද මෙම තත්වයට බලපායි. මානසික ආතතිය ඇති අයෙකුට මෙම තත්වය වැඩියෙන් ඇතිවේ. මානසික ආතතිය ඇතිවීමට ප‍්‍රධානම හේතුවක් වන්නේ ඔබගේ මොළයේ නිපදවන ඩොපමින් නැමති හෝමෝනය නිපදවීම දුර්වල වීමයි. ලිංගික එක්වීමක් සඳහා අවශ්‍ය මානසික පසුබිම සාදා දෙන්නේ මෙම හෝමෝනයයි. මෙම හෝමොනය නිපදවීම සඳහා අප විසින් පෝෂ්‍ය කොටස් ගණනාවක් ආහාර සමග ලබා දිය යුතුය. මෙම පෝෂණය නොමැති වූ විට ඊට විකල්ප ලෙස මෙම හෝමොනය බලහත් කාරයෙන් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් පසුගිය වසර 50 ක පමණ කාලයක් තිස්සේ සිදු කරගෙන යයි. ඒ දුම්පානය, මත්පැන් පානය සහ මත් කුඩු වැනි අධික සැරකින් යුතු මත් ද්‍රව්‍ය භාවිතා කිරීමය. මෙමගින් සිදු කරන්නේද අප ඉහත කී ඩොපමින් බලහත් කාරයෙන් නිපදවීමයි. මෙය ශරීර සෞඛ්‍යයට ඉතාමත් අහිතකර තත්වයකි. යමෙක් මේ අකාරයෙන් මෙම හෝමෝනය ලබා ගැනීම උද්ධිපනය කරයිද ඔහුගේ හෝ ඇයගේ ස්වභාවික හෝමෝන ශ‍්‍රාවය වීමේ ක‍්‍රියාවලිය එන්න එන්නම දුර්වල වේ. මේ නිසා මෙවැනි අය විශේෂයෙන්ම ලිංගික බෙලහීන තාවයෙන් පෙලෙන්නන් වේ. ඉන් මිදීමේ මග අප විසින් “මතට තිත යන නමින් ලිපියක් ඔස්සේ විස්තරාත්මකව මෙම පේජ් එක හරහා දැමීමට බලාපොරොත්තු වෙමු.

අපගේ මනසට යම් ආතතියක් ඇති වුව හොත් එය පාලනය කර ගැනීමේ ක‍්‍රමවේදයක්ද අපගේ ශරීරය සතුව ඇත. ස්ටෙ‍්‍රස් හෝමෝන ( කෝටිසෝල් ) මෙම අවස්ථාව මනාව කළමණාකරණය කරයි. නමුත් මෙම හෝමෝනය සැදී ඇත්තේද කොලෙස්ටරෝල් වලින්ම වීම නිසා නැවතත් ඔබගේ සිරුරේ ඇති කොලෙස්ටරෝල් ගැන උනන්දු විය යුතුය. ඔබ කොලෙස්ටරෝල් නාශක ඖෂධ භාවිතා කරන්නේ නම් මෙම හෝමෝනය නිපදවීමටද නොහැකි වේ. මෙවැනි ඖෂධ භාවිතා කරන අය නිතරම මානසික ආතතියකින් පෙලෙන බව ඔබට දැකගත හැකිය. ඔවුන්ට නිතර කේන්ති යන බව දැකිය හැකිය. මේ හේතු නිසා ඔහුගේ ලිංගික සෞඛ්‍යය ඉතාමත් ශීඝ‍්‍රයෙන් පිරිහීමට ලක්වේ.

ඔබගේ සිරුරේ ඇති වෙනත් රෝගී තතවයන් නිසාද ලිංගික බෙලහීන තාවයන් ඇති විය හැකිය. උදාහරණයක් ලෙස දියවැඩියාව ගත හැකිය. දියවැඩියා තතවයක් තමන්ට ඇති බව සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. පෙර දියවැඩියා තත්වයක් ඇති අයෙකුගේ වුවද මෙම තත්වය දැකිය හැකිය. මීට ප‍්‍රධානම හේතුව වන්නේ ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම දුර්වල වීමයි. ටෙස්ටෙස්ටෙරොන් යනු පිරිමින්ගේ ප‍්‍රධානම ලිංගික හෝමෝනයයි. ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම සඳහාද කොලෙස්ටරෝල් අවශ්‍ය වේ. එය නැවත නැවත අපි ඔබට මතක් කර සිටිමු. ඒ මෙම රෝගයට ප‍්‍රධානම හේතුව වන නිසාය. ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම සඳහා සින්ක් (Zn) යන ඛණිජ ලවනයද අවශ්‍ය වේ. එසේම ඉන්සියුලින් හෝමෝනය නිපදවීම සඳහාද සින්ක් අවශ්‍ය වේ. යම් හෙයකින් ඔබගේ ආහාර වේලේ අවශ්‍ය සින්ක් ප‍්‍රමාණය අඩු වුවහොත් සීමිත සින්ක් ප‍්‍රමාණයක් පමණක් ඇත්නම් එම ප‍්‍රමාණය ඉන්සියුලින් නිපදවීම සඳහා යොදාගැනීමට ශරීරයට සිදුවේ. ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම මේ නිසා අඩාල වේ. මිනිසා ජීවත් කරවීම සිරුරේ ප‍්‍රමුඛ කාර්්‍යය නිසාත් ග්ලූකෝස් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ඉන්සියුලින් නිපදවීමට ප‍්‍රමුඛත්වය ලැබීම නිසා මෙම තත්වය උදාවේ. මේ නිසා සින්ක් සහිත ආහාර ලබා ගැනීම අප විසින් නිති පතා සිදු කල යුතුය මෙය දියවැඩියාව සුව කර ගැනීමටද අත්‍යවශ්‍ය වේ.

එසේම මැග්නීසියම්ද මෙහිදී විශාල කාර්්‍යභාරයක් ඉටු කරයි. කොලෙස්ටරෝල් අපගේ ආහාර වලට එක්වන්නේ මේදය ලෙසිනි. මේදය ජීරණය වන්නේ කුඩාන්ත‍්‍රය තුලදීය. මෙම ක‍්‍රියාවලිය සඳහා පිත අත්‍යවශ්‍ය වේ. යම් කෙනෙකුගේ පිත නිපදවීම අඩුනම් ඔහුගේ මේදය ජීර්ණය වීමද අවම මට්ටමක පවතී. මේ නිසා කොලෙස්ටරෝල් නිපදවීමටද මෙය බාධාවක් වේ. මේ නිසා අවසානයේ ලිංගික හෝමෝන නිපදවීම අඩුවේ. මෙම තත්වයද ලිංගික බෙලහීන තාවයට හේතු වේ. මෙම තත්වය මගහැර ගැනීමට පිත නිසි ලෙස නිපදවීම සඳහා මැග්නීසියම් බහුල ආහාර දෛනිකව ආහාරයට එක්කර ගත යුතුය. එපමණක් නොව මැග්නීසියම් අපගේ ධමණි විස්තරණය වීම සඳහාද අවශ්‍යවේ. කෙනෙකුගේ සිරුරේ මැග්නීසියම් අඩු වුවහොත් ධමණි විස්තාරණය නොවීම නිසා අධිරුධිර පීඩණය පවා ඇතිවේ. මේ සියලූ කරුණු ලිංගික බෙලහීනතාවය කෙරෙහි බලපායි. අපගේ ධමණිවල පමණක් නොව සියලූම මෘදු පඨක වල ඇදෙනසුලූ සවභාවය ( Elasticity ) රඳා පවතින්නේ ශරිරය සතු කොපර් ප‍්‍රමාණය මතය. යම් කෙනෙකුගේ ශරීරය කොපර් ඌණතාවයකින් පෙලේ නම් එයද වක‍්‍රාකාරව ලිංගික බෙලහීනතාවයට හේතු වේ. අපගේ සිරුරේ ඇති සියලූම කපාට වැසීම සඳහා කැල්සියම් අවශ්‍ය වේ. යම් කෙනෙක් කැල්සියම් ඌණතාවයකින් පෙලූණහොත් ඔහුගේ සිරුරේ ඇති කපාට නිසි ලෙස අවශ්‍ය වේලාවට වසා දැමිය නොහැකි වනු ඇත. එසේම වැසූ කපාටය අවශ්‍ය වේලාවට පෙර විවෘත වේ. පුරුෂ ලිංගය ප‍්‍රාණවත් වන්නේ ලිංගය තුල ඇති රුධිර කෝටරාභ වල රුධිරය පිරී පවතින විටය. අප ඉහත සඳහන් කල පරිදි යමෙකු කැල්සියම් ඌණතාවයකින් පෙලේ නම් ඔහුගේ මෙම කෝටරාභ ඉතා ඉක්මණින් විවෘත්ත වේ. මේ නිසා ලිංගය ඉක්මනින් අප‍්‍රාණික වේ. මේ ගැනද ඔබගේ අවධානය යොමු විය යුතුය.

ඉහත කරුණු සලකා බැලීමේදී ලිංගික බෙලහීනතාවය ඇතිවීමට ප‍්‍රධාන හේතු කිහිපයක් දැකිය හැකිය.

⦁ කොලෙස්ටරෝල් ඌණතාවය / කොලෙස්ටරෝල් නාශක ඔසු භාවිතය.
⦁ සින්ක් / කොපර් ඌණතාවය.
⦁ මානසික ආතතිය.
⦁ ස්ටෙ‍්‍රස් හෝමෝන නිපදවීම දුර්වල වීම.
⦁ ටෙස්ටෙස්ටෙරෝන් ඇතුලූ සියලූ ලිංගික හොමෝන නිපදවීම දුර්වල වීම.
⦁ ධමණි අවහිර වීම.
⦁ දියවැඩියා තත්වයන්.
⦁ මැග්නීසියම් සහ කැල්සියම් ඌණතාවය.

පෝශණයෙන් අනූන ආහාර දිනපතා ලබා ගැනීම සහ සිරුරට අහිතකර ආහාර භාවිතයෙන් දුරස් වීම මෙම තත්වයන් සමනය කිරීමට ඇති එකම මාර්ගයයි. ඒ අනුව ඔබගේ ලිංගික බෙලහීනතාවයන් පමණක් නොව බෝනොවන රෝග විශාල සංඛ්‍යාවකින් මිදිමේ හැකියාව ඇත.

මෙවැනි රෝගී තත්වයක් ඔබටත් ඇත්නම් ඊට තාවකාලික විසඳුම් සෙවීමෙන් වලකින්න. වයග‍්‍රා වැනි වාජීකරණ ඔසු ලෙස හඳුන්වාදෙන පෙති වර්ග පානය කිරිමෙන් තාවකාලික පිලිතුරක් ලැබුනද එය දීර්ඝකාලීනව ඔබව රෝගියෙක් කරන බව ඉහත දැක්වූ කරුණු මගින් ඔබට සිතා ගත හැකිය. මේ සඳහා කෙටි කාලීන සහ දිර්ඝ කාලීන වශයෙන් දෙයාකාරයෙන්ම ප‍්‍රතිකාර කල යුතුය. කෙටිකාලීන් විසඳුමක් ලබා ගත හැකි ක‍්‍රමයනම් ඔබගේ මොළයේ නිපදවන ඩොපමින් නැමති හෝමෝනය නිපදවීමට අවශ්‍ය පෝෂණ කොටස් දෛනිකව ශරීරයට ආහාර සමග ලබා දීමයි. සැමවිටම ස්වභාවික ආහාර මගින් මෙම පෝෂණය ලබා දෙන්න. දිගුකාලින විසඳුම ලබා ගැනීමට ඔබ ගේ සිරුරේ ඇති ග්ලූටතයෝන් නැමති හෝමෝනය වර්ධනය කරගත යුතු වන අතර කොලෙස්ටරෝල් ප‍්‍රමාණය පාලනය කර ගැනීම සඳහා ප‍්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව ඔබගේ ආහාර වේලට එක් කර ගත යුතුවේ.

වැඩි විස්තර දැන ගැනීම සඳහා

අජන්ත: 0777 31 66 29

Dr. J. S. P Liyanage: 0112 735 621

Leave a Reply

Your email address will not be published. Required fields are marked *