දියවැඩියාව සුව කර ගන්නට කර්මස්ථානයක්.

දියවැඩියාව සුව කර ගන්නට කර්මස්ථානයක්.

දියවැඩියාව යනු රෝගයක් නොවේ. එය පෝෂණ ඌණතාවයක් නිසා හටගන්නා සිරුරේ අසමතුලිත තාවයකි. මෙම තත්වය මග හැර ගැනීමට හේතුවන එහෙත් වැඩි සැලකිල්ලක් නොදක්වන පැත්තක් ගැන කථා කිරීමට අපි සිතුවෙමු. මෙම ලිපිය බුදු දහම පාදක කරගෙන ලියන ලද්දක් වුවද සියලූම ආගම් අදහන අයට මින් සෙතක් සලසා ගත හැකිය. ඔබගේ සාස්තෘන් වහනසේ මෙම ලිපියේ සඳහන් කරුණු ගැන කුමක් කියයිද යන්න ගැන ඔබ ඔබේම සිතින් සිතා බලන්න. සියලූම ලෙඩ රෝග මනස ප‍්‍රධාන කොට ගෙන වර්ධනය වේ. නමුත් අපි සිදු කරන්නේ කයට බෙහෙත් කිරීම පමණි. එම තත්වයෙන් මිදීමට යම් මූලික අත්තිවාරමක් දැමීම සඳහා අපි මෙම ලිපි පෙල ගෙන හැර දැක්වීමට සිතුවෙමු. එහි පලමු වැන්න ලෙස දියවැඩියාව රෝගය ගෙන එන්නෙමු. වෙනත් එසේම මෙම ලිපියේ ඇති කරුණු ඇතුලත් හඩ පටයක් ඉදිරි කාලය තුල ඔබට බාගත කර ගැනීමට හැකි වන ලෙස ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙමු. මෙම ලිපිය කියවන විට භාවනාවක් සිදු කරන ආකාරයට සිදු කරන්නග නිසල පරිසරයක සිදු කරන්නට උත්සහ කරන්න. දිනපතා මෙය සිදු කිරීම මගින් ඔබගේ රෝගය සුව වන බව ඔබට අත්දකින්නට හැකි වේවි.

ඔබ විසින් පෙර සසරේ සිදුකල අකුසල කර්මයක් ස්ථාන ගත වීම නිසා මෙම අත් භවයේදී අකුසල විපාකයක් විඳීමට සිදු වී ඇත. දැන් ඔබ ඒ ස්ථාන ගත වී ඇති අකුසල ශක්තිය අස්ථාන ගත කිරීම සිදු කල යුතුය. කර්ම අස්ථාන ගත කල හැකි වන්නේ ක්රමස්ථානයක් වැඞීම මගිනි. මේ නිසා පහත ඇති ලිපිය කර්මස්ථානයක් සේ වඩන්න.

සාධු! සාධු!! සාධු!!!

අද අපි සිදු කරන්නේ ලෙඩ රෝග වලින් පෙලෙන සමාජයක් සුවපත් කර ගැනීම සඳහා වන මහා කුසල කර්මයක්. කර්මය දායාද කර ගෙන කර්මය යෝනිය කරගෙන උපන් අප සැම මේ වන විට කායික රෝග සිය ගනනක් කරපින්නා ගෙන ජීවිතය සහ මරණය සමග පොර බදමින් සිටින්නෙමු. අප නොදන්නා බොහෝ කරුණු නිසාත් කරන්නට කිසිත් නොමැති බව සිතන නිසාත් මරණයම උරුම කර ගෙන ජීවත් වන්නෙමු. ජෛව විද්‍යානුකූලව මේ වන විටත් මානවයාට වසර 110 ක කාලයක් ජීවත් විමට හැකියාව ඇතග නමුත් අවාසනාවක මහත අවුරුදු 60 වන විට අපි සියලූ දෙනාම මරණයට කැපවූ ගවයන් මෙන් ජීවිතය ගත කරන්නෙමු. අද අපි විසින් යම් චිත්ත ඒකාග‍්‍රතාවයක් ඇතිව දියවැඩියාව යන රෝගය වැළඳීමට හේතු වූ කර්මයත් එයින් ගැලවෙන ආකාරයත් දැන ගෙන අපගේ ශාරීරික රෝග වලින් සියයට 80 ක් වන මානසික රෝගී තත්වය ඉවත් කර ගනිමුග ඉන් පසු ඔබට ඇත්තේ ඉතිරි සියයට 20 සඳහා නිසි පෝෂණය ලබා දීමයි. නිරෝගී මනසකින් දිය වැඩියා රෝගය මැඩලීමට අපි සූදානම් වෙමු. රෝග වලින් සියයට 80ක් මානසිකයි කියා අප බුදුන් වහන්සේ දේශනා කොට ඇතත් මේ වන විට එය වරදවා වටහාගෙන ඇත. උන්වහන්සේගේ දේශනාවට අනුව අපගේ ලෙඩ රෝග වලින් සියයට 80 කට මානසිකවද ඉතිරි සියයට 20 කායිකවද ප‍්‍රතිකාර කල යුතුය. සමහර ලෙඩරෝග කර්මය ප‍්‍රභල කම නිසා සුව කර ගැනීමේ අපහසුතාවයක් ඇති වේ. එවැනි රෝග ඇති අය කර්මයට ප‍්‍රතිකර්මය සිදු කල යුතුය. මේ සියලූ කාරණා ගැන අපි සිත එකඟ කරගෙන මෙනෙහි කරමු. දියවැඩියාව නම් බො නොවන රෝගය සුව කර ගැනීමට මුල් අඩිතාලම දමමු. මෙම ලිපිය කියවන විට එය භාවනාවක් ලෙස වඩන්න.

කිරි පැණි කියන්නේ සමගිය ගෙන හැර දක්වන හොඳම උදාහරණයයි. සමගිය සහ ආහාර අතර ඇත්තේ මොන තරම් ලඟ සම්බන්ධකමක්ද? පෙර කල මිනිසුන් ඕනෑම කෙනෙක් ගෙවල් ලඟින් ගියත් වරෙං කාපං කියලා කථා කරලා කන්න දෙන සිරිතක් තිබුනා. මේ නිසා මිනිසුන් කිරි පැණි වගේ සමගියෙන් සිටියා. මිනිසාගේ මේ ගතියට වර කා කියලා කියලා තමයි තිබුනේ. දෙදෙනෙක් විරසක වූවම කිව්වේ පැණිවරකා ගහට හෙණ ගහලා කියලා. කල් යත්ම වරෙං කාපං කියලා කන්න දෙන එක නතර වෙලා තනිවම පිසගෙන කන්න පටන් ගත්තා. දැන් අර වර කා කියන සද් ගුණය මිනසා ලඟ නැතිව ගියා. අදත් දියවැඩියාවට බෙහෙත ක් තමයි වරකා ගහේ මුරත්නය උදෙසා පූජා කොට පින් අනුමොදන් කරන බවට පොරොන්දු වෙමි. අදින් පසු මා විසින් සිදු කරන්නට යෙදෙන මේ මහා කුසල කර්මය හේතුවෙන් ඔබගේ කුසගිනි සාපිපාසා නිවී සුඛිත මුදිත වේවා. ඒ පින් බෙලෙන් මාගේ කායික රෝගී තත්වයක් ලෙස විද්‍යාමාන වන මෙම අකුසල විපාකයේ ශක්තිය අඩු වේවා. මාගේ රෝගී තත්වය පහ කර ගැනීම සඳහා අවශ්‍ය වන පෝෂ්‍ය දායී ආහාර මා වෙත ලැබේවා. එම කුසල කර්මය අද මට වැලඳී ඇති දියවැඩියා තත්වය සුව කර ගැනීමට හේතු වාසනා වන බව මම දනිමි. මම අද සිට මෙම රෝගයෙන් මිදෙමිග මම සුවපත් වෙමි. එදා මා අතින් සිදුවූ ඒ වරද අද සිට මා නිවැරදි කර ගනිම්. මා නිරෝගී මනසක් ඇති අයෙක් වෙමි. මනසින් මා නිරෝගී වෙමි. සුවපත් වෙමි. අන් අයගේ මනසද නිරෝගී කරවීම සඳහා අද සිට මා කැපවෙම්.

මා හට මෙවැනි රෝගී තත්වයක් ඇති වීම පිනිස තවත් කාරණයක් හේතු වි ඇති බව මම දනිමි. ඒ නිරෝගී සිරුරක් ඇති විම කෙරෙහි බලපාන නිසි පෝෂණය නොලැබී යාමය. මාගේ ආහාර වල නිසි පෝෂණය නැති වූයේ මා විසින් මින් පෙර සසරේ දෙන ලද දාන වල ඇති වූ යම් දෝෂයක් නිසා බව මම දනිම්. එදා මා දානය සකස් කරන විට මිළ මුදල් ගැන සලකා හෝ වෙනත් අපහසුතාවක් නිසා හෝ අදාල දානය පෝෂණය මද ආහාර එක් කොට දෙන්නට ඇති. ඒම කර්මයේ විපාකයක් ලෙස අද මා පෝෂණය ඌණ වීම නිසා හටගන්නා රෝගයකට භාජනය වී සිටිමි. අද මෙම කර්මය මා දකිමිග ඒ නිසා අදින් පසු මා විසින් සිදු කරන ලද ඒ අකුසල කර්මයෙන් මිදීමට කටයුතු කරමි. දානයක් දෙන සෑම අවස්ථාවකම පෝෂණය සපිරි ආහාර ඊට එක් කිරීමට සිතට ගනිමි. එම කුසල කර්මය අද මට වැලඳී ඇති දියවැඩියා තත්වය සුව කර ගැනීමට හේතු වාසනා වන බව මම දනිමි. මම අද සිට මෙම රෝගයෙන් මිදෙමිග මම සුවපත් වෙමි. එද මා අතින් සිදුවූ ඒ වරද අද සිට මා නිවැරදි කර ගනිම්. මා නිරෝගී මනසක් ඇති අයෙක් වෙමි. මනසින් මා නිරෝගී වෙමි. සුවපත් වෙමිග අන් අයගේ මනසද නිරෝගී කරවීම සඳහා අද සිට මා කැපවෙම්.

අද මා හට මෙම දියවැඩියා රෝගී තත්වය වැළඳී තිබුනද පෙර කල මා විසින් බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා ප‍්‍රමුඛ ආර්්‍ය මහා සංඝරත්නය උදෙසා මහා දන් පිලිගන්වා ඇති. මා මුලින් සඳහන් කල අකුසල කර්ම වලින් මිදීමට මා අද අදිටන් කිරීම හේතුවෙන් එදා මා විසින් සිදු කරන ලද ඒ මහා කුසල ගංගා අද මාවෙත ඇදී ඒවා. එම කුසල කර්මය අද මට වැලඳී ඇති දියවැඩියා තත්වය සුව කර ගැනීමට හේතු වාසනා වන බව මම දනිමි. මම අද සිට මෙම රෝගයෙන් මිදෙමිග මම සුවපත් වෙමි. එදා මා අතින් සිදුවූ ඒ වරද අද සිට මා නිවැරදි කර ගනිම්. මා නිරෝගී මනසක් ඇති අයෙක් වෙමි. මනසින් මා නිරෝගී වෙමි. සුවපත් වෙමි. අන් අයගේ මනසද නිරෝගී කරවීම සඳහා අද සිට මා කැප වෙම්.

අනන්ත සංසාරයේ දී මාගේ ඥාතීන් වූ අය හට මා අතින් යම් අවැඩක් අසාධාරණයක් සිදු වූවානම් සහ අද ඒ අය දුගති සංඛ්‍යාත ස්ථාන වල ඉපදී ඇත්නම් අද මා විසින් ඔවුන් වෙත මෙත් පතුරා ඔවුන්ව සුඛිත මුදිත කිරීමට අවශ්‍ය වන ආර්්‍ය මෛත‍්‍රී භාවනාව මා මේ අවස්ථාවේදී වඩමි. ඒ සඳහා මාගේ සියලූ ඉෂ්ඨ දේවතාවන් වහන්සේලාද සියලූ ලෝක සියලූ දෙවි දේවතාවන්ද එක් රැස් වන මෙන් ඉල්ලා සිටිමි. මෙම භාවනාව අවසානයේදී මා විසින් සිදු කරන මහා පුණ්‍යානුමෝදනාව අසා සිත සතුටු වී මාගේ ඥාති වර්ගයා නිදහස් වේවා. මාගේ සිරුරට බලවී සිටි යම් අමනුෂ්‍ය ආත්ම භාවයක් සිටියානම් ඔවුන්ද මෙම පින් බෙලෙන් නිදහස් වේවා. මේ සියලූ පින් බෙලෙන් මගේ සිත කය නිරෝගී වේවා. මා මේතාක් වේදනා විඳි දියවැඩියා රෝගී තත්වය නැති වේවා. මම අද සිට මෙම රෝගයෙන් මිදෙමි. මම සුවපත් වෙමිග එදා මා අතින් සිදුවූ ඒ වරද අද සිට මා නිවැරදි කර ගනිම්. මා නිරෝගී මනසක් ඇති අයෙක් වෙමි. මනසින් මා නිරෝගී වෙමි. සුවපත් වෙමි. අන් අයගේ මනසද නිරෝගී කරවීම සඳහා අද සිට මා කැප වෙම්.

පහත ඇති ලින්ක් එක මත ක්ලික් කර ආර්්‍ය මෛත‍්‍රී භාවනාව වඩන ආකරය දැන ගන්න.

http://www.destiny.lk/?p=291
http://www.destiny.lk/?page_id=1770

සාධු! සාධු!! සාධු!!!

Close Menu