ආසාත්මිකතා ALLERGY දෙවන කොටස.

පලමු කොටස බලන්නට බැරි වුනා නම් මෙම ලින්ක් එක් මත ක්ලික් කරන්න.

අපි දැන් දන්නවා ආසාත්මික තාවයකට හේතුව යම් ආහාරයකට විරුද්ධව ප්‍රතිදේහ අපගේ ශරීරයේ නිර්මානය වී තිබීම කියලා. එසේමඅදාල ප්‍රතිදේහ සකස් වීමට හේතවත් අපි දැන් දන්නවා. කුඩා බඩවැල තුල ඇති අංගුලිකා වල බිඳී යෑමක් නිසා රුධිර ගත වන ජීරණය නොවූ ප්‍රෝටින අංශු නිසා අදාල ප්‍රෝටීනයට එරෙහි ප්‍රතිදේහ නිපද වන බවත් දැන් අපි දන්නවා. අංගුලිකා විනාශ වන්නේ ග්ලූටන් නිසා කියලත් දැන් දන්නවා. ප්‍රෝටීන ජීරණය නොවීමට හේතුව ආමාශයික යුෂයේ සාන්ද්‍රනය මදිවීම සහ එන්සයිම නිපදවන්නට අවශ්‍ය පෝෂණය දුර්වල වීම කියලත් අපි දැන් දන්නවා. දැන් අපි සොයා බලන්නට අවශ්‍ය වන්නේ ආහාර ජිරණ පද්ධතියට අමතරව වෙනත් ස්ථාන වලින් අපේ රුධිරයට යම් ආගන්තුක කොටසක් එක්විය හැකිද කියලා.

කෙනෙක් හුස්ම ගන්න අවස්ථාවේදී මල්වල පරාග, සතුන්ගේ ලෝම. දූවිලි වල ඉන්න ඉතා කුඩා මැක්කන් වැනි සතුන් සහ සමහර විට ඔබගේ ආහාර ජීරණ පද්ධතිය හරහා හෝ පෙණහළු වල යම් කිසි ආසාධිත තත්වයක් තිබුනේ නම් පෙණහළු හරහා රුධිර සංසරණ පද්ධතියට එක් විය හැකිය. කෙසේ හෝ අදාල ආගන්තුක කොටස ජීරණය නොවූ ප්‍රෝටින කොටසක් විය හැකිය. එසේ පැමිණෙන ආගන්තුක කැබලි වලට විරුද්ධවද අපගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ප්‍රතිදේහ නිපදවයි. මෙම ප්‍රතිදේහ නැවත නැවත සක්‍රීය වීම ආසාත්මික තාවය ඇතිවීමට බලපායි. යම් කෙනෙකුට මදුරු හෝ කූඹි දෂ්ඨණයක් මගින් යම් ප්‍රෝටින කොටසක් රුධිර ගත විය හැකිය. මේ ප්‍රෝටීනයටද විරුද්ධව ප්‍රතිදේහ සකස් වී තිබිය හැකිය. මෙවැනි අයට මදුරුවෙක් හෝ කූඹියෙක් කෑ වි මුළු සිරුරටම පලු දැමීමටත් කැසීමටත් පටන් ගනී.

තවත් සමහර දෙනෙකුට ප්‍රෝටීනයක් සහ තවත් එක් සාධකයක් එක් වූ විට අදාල ආසාත්මික තාවය ඇතිවේ. එසේ සිදු වන්නේ ආසාත්මික තාවයට හේතුව ප්‍රතිදේහය නිපදවන අවස්ථාවේදී තිබූ පාරසරික සාධකයක්ද ප්‍රතිශක්තිකරණය මතකයේ තබා ගැනීමයි. සමහර අයට සමහර ආසාත්මිකතා ඇතිවන්නේ එක් එක් කාල වලදීය. සමහර අයට හිටපු ගමන් මල් වල පරාග වගේ ඒවා ආසාත්මික වන අතර සමහර දින වලදී එසේ නැත. එසේ වන්නේ අදාල දිනයේදී කන ආහාරයක් ආසාත්මික වන අතර එය සම්පූර්ණ කිරීමට පරාග තිබිය යුතුවීමයි. වෙනත් දින වලදී පරාග ආශ්වාස සමග ශරීරගත වූවත් එසේ නොවේ. මේ ගැන ඔබ තමන්ගේ අත්දැකීම් සමග සසඳා බලන්න.

ආසාත්මික තාවයට හේතු වන්නේ මස්ට් සෛල වලින් නිකුත් කරන හිස්ටමීන් බව අපි මින් පෙර කොටසින් දැනුවත් කලෙමු. බටහිර වෛද්‍ය විද්‍යාව මගින් මෙම හිස්ටමීන් මර්දනය කිරීම සඳහා ඇන්ටි හිස්ටමීන් වර්ගයේ ඖෂධ යොදාගනි. මෙම ප්‍රති හිස්ටමීන් වලට සමාන බයෝෆ්ලේවනොයිඩ් වර්ගයක් අප ගන්නා ආහාර වල ඇත. එය Quercetin ලෙස හඳුන්වයි. මෙමගින්ද හිස්ටමීන් නිකුත් කිරීම පාලනය කරයි. යම් ආසාත්මිකතාවයක් ඇති කෙනෙක් මෙම ආහාර නිතර භාවිතා කිරීම සුදුසුය. ඒවායින් කිහිපයක් පහත දක්වමි.

  • ග්‍රීන් ටී
  • බ්ලැක් ටී
  • රාබු කොල
  • රතුළූණු
  • කේල්
  • කොකෝවා පවුඩර්
  • චියා සීඩ්
  • මුරුංගා
  • අමු මිරිස්
  • ගම් මිරිස්
  • බ්‍රොකලි

මේවායේ ඇති Quercetin වලට හිස්ටමීන් මර්ධනය කිරීමේ හැකියාව ඇත. මේ නිසා මෙම ආහාර වලට පුරුදු වීම ආසාත්මිකතා ඇති අයට බෙහෙවින් උපකාරී වෙවි.

තමන්ට ආසාත්මික තාවය සහිත ආහාරය කුමක්ද යන්න නොදන්නා පිරිසක්ද ඇත. එයද හඳුනා ගැනීමේ ක්‍රමවේද දෙකක් ඇත. පලමු වැන්න නාඩි ගණනය මගින්ද දෙවැන්න තමා සැක කරන ආහාරය ටිකකලක් නොගෙන සිටීම මගින්ද ලෙස වේ.

ඔබ යම් කිසි ආහාරයකට ආසාත්මික යැයි ඔබ සිතනවා නම් ප්‍රථමයෙන් අදාල ආහාරය ටිකක් ගෙන පුටුවක් හෝ ඇඳක් මත වාඩි වී තමාගේ දබරගිල්ල සහ මැදගිල්ල භාවිතා කොට අනෙක් අතේ නාඩි කීයක් විනාඩියකට වැටෙනවා දැයි ගණන් කරන්න. තත්පර පහලොවක් ගැණ හතරෙන් වැඩි කර ගත්තත් කමක් නැහැ. කොහොම හරි විනාඩියකට වැටෙන ගාණයි අවශ්‍ය. දැන් අර වෙන්කර ගත් ආහාරය ටිකක් අනුභව කරන්න. කටක් දෙකක් වගේ ඇති. විනාඩි 5 ක් පමණ සිට දැන් නැවත ගණන් කරන්න. එයද සටහන් කරගන්න. මේ ආකාාරයෙන් විනාඩි 10 න් 10 ට හතර වතාවක් කරන්න ඕනි. එක් වතාවකදී ඔබ කල ගණනය පලමු ගණනයට වඩා 10 කට වැඩා වැඩි නාඩි ප්‍රමාණයක් වේනම් අදාල ආහාරය ඔබට ආසාත්මික බව දැනගන්න.

දැන් ඔබ කල යුතු වන්නේ එම ආහාරයෙන් වසරකට වැඩි කාලයක් සම්පූර්ණයෙන් වැලකී සිටීමයි. හැන්දක් වත් ගැවෙන්න බැහැ. මේ ලෙස වසරකට වැඩි කාලයක් ගත කලහොත් අදාල ප්‍රතිදේහය ශරීරයෙන් ඉවත් වේ. එසේම ග්ලූටන් සහිත ආහාර වලින් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුය. මෙය ආසාත්මික තාවය සුව කර ගැනීමට හැකි හොදම මාර්ගයයි.

දෙවැනි ක්‍රමය මීටවඩා සාර්ථක වුවත් කරන්නට ටිකක් වෙහෙස විය යුතය. ප්‍රථමයෙන් තමන් ආසාත්මික යැයි සිතන ආහාරයක් අවම දවස් 14 ක්ද උපරිම සයම් 28 ක්ද වන ලෙසට වර්ජණය කල යුතුය. දැන් 15 වන දින හෝ 21 වන දින හෝ 29 වන දින අර නතර කල ආහාරය තුන් වේලටම ගන්න ඕනි. දැන් බලන්න එම ආහාර ගැනීමෙන් පසු ඔබට ඇතිවන සංකූලතාවයන් මොනවාද කියලා. එසේම සමහර අයට තමාගේ ශරීරයේ ඇති බෝනොවන රෝග උත්සන්න වෙයි. සමහරුන්ට කේන්තිය කාලනය කරගත නොහැකි වෙයි. මේ සියල්ලෙන්ම පවසන්නේ අදාල ආහාරය ආසාත්මික බවය. මේ ක්‍රම දෙකම ඇත්තේ ආහාරයක් තමාට ආසාත්මික දැයි බලා ගැනීම පිනිසයි.

මේ සියළුම ආසාත්මික තාව ලට අමතරව සමහර අයට රසායන ද්‍රව්‍ය ආසාත්මික වන බව අපි දැක ඇත. මේකට හේතුව අදාල රසායනිකටය එරෙහිවද අපගේ සිරුරේ ප්‍රතිදේහ යම් දවසක නිපදවා තිබීමයි. මේ නිසා ඔබට යම් රසායනිකයක් ආසාත්මකි බව දන්නේ නම් වසරකට වැඩි කාලයක් අදාල රසායනිකය ස්ඵර්ෂයෙන් වැලකී සිටිය යුතුය. උදා හරණයක් ලෙස කොණ්ඩය ඩයි කරන වර්ණක ගත හැකිය. මෙවැනි අය වසරකට වැඩි කාලයක් මෙම රසායනික ද්‍රව්‍ය ස්ඵර්ෂයෙන් වැලකී සිටිය යුතුය.

මෙය ඉතාමත් දීරඝ මාතෘකාවක් වන අතර කෙසේ හෝ මේ පමණට කෙටි කරග්නට වෙහෙසුනෙම්.

මාද කුඩා කල සිටම යම් යම් ආසාත්මිකතා සමග සටන් කල කෙනෙක්. මේ නිසාම මා මේ සදහා යම් ස්වාවික ක්‍රමවේදයක් සොයා වෙහෙසුනෙමි. අවසානයේ මා හට ලැබුනු පිලිතුර Vitae Gene PPARs වෙයි. මෙම අතිරේක ආහාරයේ ස්වභාවික ප්‍රති හිස්ටමීන් වර්ගයක් වන Quercetin අඩංගු වන අතර එය ආසාත්මිකතාව විනාඩි කිහිපයකින් ඉවත් කර දමන්නට තරම් බලවත්ය. මා ලෝකේ කොහේ ගියත් විටායි ජීන් පී පාස් බෝතලයක් රැගෙන යන්නට අමතක කරන්නේ නැහැ. ඒ නිසා මා කිහිප වතාවක්ම කරදර වලින් බේරිලාතියෙනවා.

එක් වතාවක් මා මියන්මාරයේ සංචාරයක යෙදුන අවස්ථාවක මාගේ ඇගේ කසන ගතියක් ආවා. මම මා සමග ගිය මිතුරාට පැවසුවා මෙහේ මකුනෝ ඉන්නවා වාගේ ටිකක් කසනවා කියලා. කොහොම හරි හවස් වන විට මාගේ මුළු ඇගම පලු දාලා කසන්නගත්තා. මට බොහෝ කාලෙකට පසු මේ තත්වයට මුහුන දෙන්නට වුනු නිසා මා ටිකක් බය වුනා. මම ඉක්මනින්ම මා සතුව තිබූ විටායිජීන් බෝතලයෙන් පෙති ග්රෑම් 5ක් විතර අරගෙන බිව්වා. විනාඩි 20 ක් විතර යනවිට අර කසන ගතිය නැතිවෙලා සියලු පලු බැසගියා. එය මට හොද අත්දැකීමක් වුනා. දැනට අවුරුද්දකට පෙරද මේ වාගේ තත්වයක් ඇතිවුනා. එයද ඉහතකී ආකාරයෙන්ම මා විසද ගත්තා.
ලිපිය ෂෙයාර් කර තවත් කෙනෙකුට නිරෝගීව සිටින්නට උදව් කරන්න. එය ඔබගේද නිරෝගී බවට හේතු වේවි.
ඔබට වැඩි විස්තර දැනගන්නට අවැසි නම් මා හා වට්ස් ඇප් මගින් එක්විය හැකියි.

පලමු කොටස බලන්නට බැරි වුනා නම් මෙම ලින්ක් එක් මත ක්ලික් කරන්න.

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0112735621 / 0777 316629 /
වට්ස් ඇප්. +6583956095

පහත ලින්ක් එක මගින් මාගේ පුද්ගලික ගෘප් එක හා එක්වී ඔබගේ ගැටලු වලට පිලිතුරු ලබා ගන්න. Telegram app එක නැතිනම් ඩවුන්ලෝඩ් කරගන්න.

https://t.me/nayana

මෙත්සිතිනි.
පෝෂණ වේදී
නයන තේනුවර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *