‍මොනවද මේ සෙම් ගෙඩි කියන්නේ. සෙමයි මේ ගෙඩියි අතරේ සම්බන්ධයක් තියෙනවාද?

‍මොනවද මේ සෙම් ගෙඩි කියන්නේ. සෙමයි මේ ගෙඩියි අතරේ සම්බන්ධයක් තියෙනවාද? සමහරුන්ට මේවා ඉතා ඉක්මණින් ආසාදනය වන්නටත් තවත් අයට එසේ නොවන්නටත් හේතුව කුමක්ද? මේවයින් කෙරෙන කාර්‍ය්‍ය කුමක්ද?

‍මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි අප කාටත් තියෙන්නේ. මේ සෙම්ගෙඩි නැත්නම් ටොන්සිල් ලෙස හදුන් වන්නේ ග්‍රන්ථි විශේෂයක්. බෙල්ල දෙපැත්තේ ඇතුල් පැත්තේද? උගුරේ ඉහලින්ද ලෙස මෙම ග්‍රන්ථි පිහිටා තියෙනවා. මේවා ඇත්තටම වසා ගැටිති කියලා කිව්වා නම් හරි. වසා ගැටිති කිව්වාම ඔබට මතක් වෙන්නේ මොනවාද? කකුලේ එහෙම තුවාලයක් හැදුනාම ඉකිලියේ කුද්දැට්ටක් එනවා නේද? අන්න ඒ කුද්දැට්ට තමයි වසා ගැටිති කියන්නේ. මේ කුද්දැට්ටට හේතුව දන්නවා නම් ඒකම තමයි මේ සෙම් ගෙඩි වලට හේතුවත්. යම් හේතුවක් නිසා මේ කුද්දැට්ට ඉදිමිලා වේදනා දෙනවා.

‍වසා ගැටිති වැඩියෙන් වැඩ කරන්නට වෙනවා වැඩියෙන් බැක්ටිරියා වෛරස් එහෙම ශරීරගත වෙනකොට. මොකද මේ වසා තමයි අපේ ආරක්ෂක අංශය. මේ අයට පින් සිදු වන්නට තමයි අපි ලෙඩවෙන්නේ නැතුව ඉන්නේ. ඒත් සමහර විට අපේ මේ ආරක්ෂකයන්ට වඩා බලවත් ආක්‍රමණීකයන් ඇවිත් අපගේ ශරිරය ආක්‍රමණය කරනවා. අන්න ඒ වෙලාවට අපිට ලෙඩ වෙන්නට වෙනවා. ඉතිං ටික දවසක් රෝගාතුරව ඉදලා පසුව සනීප වෙන තත්වයකටත් පත්වෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්වය. එහෙම වෙන්නේ අපගේ ආරක්ෂක පද්ධතිය තම කාර්‍යය සිදු කරන්නට සමහර විට දින තුනක් විතර ගන්නවා. ඒක ඉකිමන් කරන්න බැරි දෙයක්.

අපිට බැක්ටිරියා වෛරස් ඇතුලුවන ප්‍රධානම මාර්ගය තමයි කට සහ නාසය. මේ දෙකින් ඇතුලුව දේවල් අවසානයේ උගුර ඔස්සේ පහලට ගමන් කරනවා. ආහාරයක් නම් ආමාශයටද, වාතය ආග්‍රහන කරන විට පෙණහලු කරාද ගෙනයනවා. කෙසේ හෝ මේ වාතයේ හෝ ආහාර වල මේ සතුරු බැක්ටීරියා හෝ වෛරස් ඇත්නම් අපි ලෙඩ වෙනවා. ඉතිං අපිට මේ අපි ගන්නා ආහාර හෝ වාතය පරීක්ෂා කරන්නට ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතිං සාමාන්‍යයෙන් ආරක්ෂක නිලධාරීන් ඉන්නේ ගේට්ටුව ගාවනේ. අපේ සිරුරේද ගේට්ටුව තමයි බෙල්ල. මුඛයෙන් සහ නාසයෙන් එන සියල්ල මෙතනදි පරීක්ෂා කර බලලා තමයි ඇතුලට ගන්නේ. ඉතිං යම් දවසක මේ ආයතන තුලට වැඩි කරදරකාරීන් පිරිසක් ආවොත් ‍මේ ආරක්ෂකයන්ට වෙහෙස නොබලා වැඩ කරන්නට වෙනවා. අපේ සිරුරේ ඇති ඕනෑම ග්‍රන්ථියක් වැඩියෙන් වැඩ කලොත් ඉදිමෙනවා. එය සාමාන්‍ය දෙයක්. තෛරොයි්ඩ් ග්‍රන්ථිය වැඩියෙන් වැඩ කලාම ඉදිමෙනවා. අක්මාව, අග්න්‍යාෂය, වගේ සියලුම ග්‍රන්ථිද එසෙම හෘදය පවා වැඩිපුර වැඩ කලොත් ඉදිමෙනවා. මෙන්න මේ වගේ තත්වයක් අපේ සෙම් ගෙඩි වලට ඇතිවෙනවා. අප ගන්නා ආහාර සහ වාතයේ බැක්ටිරියා සහ වෛරස් වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් මේ ස්ථානයේ කුද්දැට්ටක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. අපි මේකට තමයි මේ සෙම්ගෙඩි ඇවිල්ලා කියලා කියනනේ.

අපි හිතලා බලමු වැරදිලාවත් මේ ආරක්ෂකයො නොමැති වුනා නම් මොකද වෙන්නේ කියලා. කම් හලක ආරක්ෂකයන් නැතිවුනාම වෙන දේම තමයි. වැඩි කලක් දුවන්න හම්බවෙන්නේ නැහැ. කම්හල හොරු කඩනවා. මේ වගේ දෙයක් අපේ සිරුරටත් වෙනවා. ඉතිං සිරුර රෝග වලට ගොදුරු වෙලා බිදවැටෙනවා.
දැන් ඔබට තේරෙනවා ඇති ටොන්සිල් වලින් අපිට ඇති වාසිය. ආසාදනය වී ඇතැයි කියා අනවශ්‍ය ග්‍රන්ථියක් යැයි තීරණය කර ඉවත් කරනවා නම් ඔබ කරන්නේ කෙතරම් අනුවන ක්‍රියාවක්දැයි දැන් සිතා බලන්න. ඔයා නම් කියයි. හැමදාම සෙම්ගෙඩි තියාගෙන කොහොමද ජීවත් වෙන්නේ. මමනේ විදවන්නේ. ඉතිං ගලවලා දාන එක තමයි හොද. කියලා සමහර විට ඔබගේ සිත කියන්න පුලුවන්.

අපි බලමු ඇයි මේ සෙම්ගෙඩි නිතර නිතර ඇතිවන්නේ කියලා. ඉදලා හිටලා ඇතිවන එක ගැන අපිට දැන් පැහැදිලියි. ඒත් හැමදාම නේද?

නිතරම සෙම්ගෙඩි නම් ඔබගේ ප්‍රතිශක්තිය ඉතාම දුර්වලයි. ඔබ ප්‍රතිශක්තිය වැඩි කරගත යුතුයි. එසේ නොවන්නට ඔබ යම් දවසක ඩෙංගු වැනි දරුණු වෛරසයක් ශරීරගත වුවහොත් ඉතාමත් ඉක්මණින් දුර්වල වෙනවා. මෙවැනි අය තමයි අවසානයේ මරණයට පවා පත්වන්නේ. නමුත් ප්‍රතිශක්තිය ශක්තිමත් කෙනාට ඩෙංගු මදුරුවා විද්දත් ඩෙංගු හැදෙන්නේ නැහැ. ඉතිං අපි යොදාගන්නා ක්‍රමය තමයි ශරීරයේ ප්‍රතිශක්තිකරණය ප්‍රසස්ථ මට්ටමක පවත්වාගෙන යෑමට අවශ්‍ය පෝෂණය ලබා දීම. මේ විදිහට ටික කලක් යන විට සෙම්ගෙඩි හැදෙන එක නවතිනවා. හරි සරලයි. හෙට දිනයේදී ප්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි ආහාර ගැන කතා කරනවා.

දැන් ගැටලුව තමයි ඇයි මේවාට සෙම් ගෙඩි කියන්නේ කියන එක. සෙමත් සමග මේ ග්‍රන්ථියට ඇති සම්බන්ධය කුමක්ද? ඔබ දන්නවාද ඔබගේ බෙල්ලේ තියෙන තෛරොයිඩ් ග්‍රන්ථිය ඔබගේ උෂ්ණත්වය අඩු කිරීමට හෝ වැඩි කිරීමට සමත් බව. එසේම ඔබගේ ශරිරයේ උෂ්ණත්වය පවත්වාගෙන යෑමේදී සෙම හටගන්නා බව. එසේම ඔබගේ ශරිරයට යම් බැක්ටීරියාවක් හෝ වෛරසයක් ඇතුළු වුවහොත් ප්‍රතිශක්තිය නිපදවා ගන්නා තුරු සිරුරේ උෂ්ණත්වය වැඩි කර තබන බව. මේ කාලය දින තුනක් පමණ වන බව. මේ කාලය තුලදී ඔබගේ සිරුරේ සෙම වැඩි වන බව.

‍මෙන්න මේ කාරණා ගැන තම ණුවන මෙහෙයවා බැලුවොත් පැහැදිලි වෙයි සෙම වල කාර්‍ය්‍යක්. මේ ගැන මිට පෙර කතා කරන්න ගිහින් එක ගෘප් එකක ඉන්න ඇඩ්මින් කෙනෙක් මට දොස් කිව්වා. ඇය ආයුර්වේද වෛද්‍ය වරියක්. ඒත් මම අදත් ඒ ප්‍රකාශය ඒ ලෙසටම කරනවා. ඔබලා ඔබලාගේ පල පුරුද්ද අත්දැකිම් යොදාගෙන සලකා බලන්න.

ඔබ සීතල පලාතකට ගියහම ඔබගේ සිරුරේ උෂ්ණත්වය පාලනය කරගන්නට වැඩිපුර සෙම නිපදවෙනවා. ඒ වගේමයි ඔබ සිතල දෙයක් බොනවිටත් සෙම වැඩි වෙනවා. මේ සංසිද්ධිය වෙන්නේ බෙල්ල දෙපැත්තේ තියෙන ටොන්සිල් ග්‍රන්ථි උෂ්ණත්වයට සංවේදි විම නිසයි. ඔබට සිිතල වැඩි වුනාම අත් දෙක ගිණිමැලයක් දෙසට දිගු කරලා රත් කරගෙන බෙල්ල දෙපැත්ත රත් කරනවා නේද? හැකිනම් උණුසුම් දෙයක් බොනවා නේද? මේ හැම දේම කරන්නේ මේ ග්‍රන්ථි සක්‍රිය විම වලක්වා ගන්න. එහෙත් ප්‍රතිශක්තිය දුර්වල නම් මෙයාගේ සෙම්ගෙඩිත් හැදිලා ඒ මදිවට අදාල වෛරස් නිසා හටගන්නා රෝගයන්ටත් මුහුන දෙන්න වෙනවා.

දැන් ඔබ සිතනවාද ඔබගේ ටොන්සිල් ඉවත් කරලා ලැබෙන්නේ ලාබයක් කියලා. අපිට කොහේ හෝ වැරදිලා. එක්කෝ වරද්දලා. හොදින් සිතන්න.

ප්‍රතිශක්තිරණය වැඩි කරගත හැකි ආහාර පාන ගැන ඊලග ලිපියෙන් කතා කරන්නම්.

මේ පිලිබද වැඩිදුර විස්තර දැනගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා එක්වන්න. ලිපි ෂෙයාර් කර තවත් කෙනෙක් නිරෝගීව තබන්නට උපකාර කරන්න. තමන් දෙන දේ තමන්ට නැවත ලැබෙන ධර්මතාවයට අනුව එය ඔබගේ සිරුරේ නිරෝගීතාවයට හේතු වෙනු නිසැකය.

මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර

( +6583956095 වට්ස් ඇප් වලින් ගන්න පුලුවන්. මුලින් මැසේජ්කර පසුව අමතන්න.)

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්.
ගල්කිස්ස.

0112735621
0777316629

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *