රසදිය සහිත මත්සයන් වෙන් කර ආහාරයට ගන්නේ කෙසේද?

‍මේ ලිපිය වෙජිටේරියන් අයට අදාල නැති බව මුලින්ම පැවසියි යුතුයි. රස දිය නොමැති මත්සයන් සොයාගැනීමට නොහැකි තරම්. අපිට කල හැක්කේ රසදිය ප්‍රමාණය අඩුමත්සයන් වෙත යොමු වීමයි. කිසිම විටක එකම මාළු වර්ගය ගෙදරට ගේන්න එපා. එසේම රසදිය වැඩිම මත්ස්‍ය වර්ග නිවසට ගේන්නත් එපා. මේ අනුව රසදිය අපගේ ශරිරයට එක් වීම අවම කරගත හැකියි. එය ස්නායු රෝග බොහාමයක් වැලදීමට හේතුව අවම කරගන්නට හේතුවක් වේවි.

රසදිය කොහෙන්ද එන්නේ?

මත්සයින්ගේ ශරීරයේ රසදිය Methylmercury (MeHg) මෙතයිල්මර්කියුරි ලෙසට රසදිය තැන්පත් වෙලා තියෙනවා. මෙම රසදිය මෙම මත්සයින් ගේ ආහාර වලට එක් වන්නේ ගිණිකදු වල ලාවා මුහුදට එක්වීම, කර්මාන්ත ශාලා වල දුම් වලින්. ගල් අගුරු බලාගාර වලින් නිකුත් වන දුමෙන් වගේ ක්‍රම වලින්. මේවා කුඩා මාළුන්ගේ ආහාරයට මුලින්ම එකතුවී ඉන්පසු මධ්‍යම ප්‍රමාණයේ මාලුන්ට ආහාරයක් වි උන්ගේ ශරීිරවලටද එක් වෙනවා. ඉන්පසු විශාල මාලුන්ගේ ගොදුරු බවට පත් වීම නිසා තමයි මෙසේ මාළු වලට රසදිය එක්වෙන්නේ.

රසදිය නිසා මොනවද වෙන්නේ?

රසදිය ශරීරගත වීම නිසා ස්නායු පද්ධතියට හානි වෙනවා. විශේෂයෙන් ඝර්භණි මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන්ගේ ස්නායුපද්ධතියට සහ මොළයේ වර්ධනයට මෙවැනි මාළු බලපෑමක් කරනවා. කිරදෙන මව්වරුන්ගේ කිරි වලටද මෙම රසදිය එක් විය හැකියි. මේ නිසා කිරි දෙන අයද හැකි උපරිම ආකාරයට රසදිය අඩු මාළු ආහාරයට ගන්නට පුරුදු වෙනන.

නමුත් මාළු කියන්නේ අද මිනිසුන්ගේ එක් ප්‍රධාන ප්‍රෝටීන් ලබාගන්නා මාධයයක්. ඒ නිසා මාළු ආහාරයට ගැනීමෙන් වැලකී සිටින්නට නොහැකියි. නමුත් අඩුම රසදිය ප්‍රමාණයක් වෙත අපට යොමු විය හැකියි. අපි ඒ ගැන සිත යොමු කරමු.

උදාහරණයක් ලෙස හුරුල්ලන් තුල රසදිය කොටස් එකක් උන්ගේ මාළු කොටස් කෝටියක තියෙනවා. මෝර මාළු වල එම කොටසම මාළු කොටස් දස ලක්ෂයක තියෙනවා. මේ අනුව අපි හුරුල්ලන් සතියකට එක වතාවක් කනවා නම් මොර මාලු මාසයකට එක වතාවයි කන්න පුලුවන්. හුරුල්ලාට වඩා බොහොම අඩු ප්‍රමාණයයි තිලාපියා මත්සයා ගේ මාළු වල මේවා තියෙන්නේ. ඒ කියන්නේ තිලාපියා මත්සයා අපිව නිරෝගීව තබන්නට උපකාරීවන මත්සයෙක්. මීට දශක කිහිපයකට පෙර ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට තිත තැබුවේ කාගේ වුවමනාවක් නිසා දැයි මේ ගැන සිතන විට අපි කල්පනා කල යුතු වෙනවා.

‍මෝර මාළු වලට වඩා මොර වරල් වලින් විශාල ලාභයක් ලැබෙනවා. මේ නිසා මොර මාළු වෙලද පොලට එන්නේ අතුරු ප්‍රතිඵලයක් ලෙසට. වරල් ටික කපාගෙන මාළු ටික වෙළදපලට එනවා. ඒවා ටිකක් අඩු මුදලකට ගන්නට පුලුවන්. එහෙත් මාළුවාගේ මාළු තුල ඇති රසදිය ප්‍රමාණය දැනගෙන ආහාරයට ගැනීම සුදුසු යැයි මා යෝජනා කරනවා.

කූනිස්සා, දැල්ලා, බේල්ලා වැනි මත්සයන් තුලද රසදිය ඇත්තේ ඉතාමත් සුලු ප්‍රමාණයක්. අපි වැඩිපුරම ආහාරයට ගන්නා කෙළවල්ලාද තරමක් වැඩි කාලයක් මුහුදේ ජීවත් වන මත්සයෙක්. මෙසේ වැඩි කාලයක් මුුහුදේ ජීවත් වීම නිසා උගේ ශරිරයේ රසදිය වැඩියෙන් එක්වෙනවා. දැනට සිංගප්පූරු පෝෂණ වේදින් ගණන් බලා ඇති ආකාරයට ටූනා මත්සයන්ගෙන් තමයි මිනිස් සිරුරට වැඩිපුරම රසදිය එක්වෙන්නේ. එය 40% ක පමණ ප්‍රමාණයක්. මේ නිසාම සිංගප්පූරුවේ වෙලද පොලවල් වල ලොකු මාළු නැහැ. වැඩි කාලයක් ජීවත් නොවන කුඩා මාළු තමයි රජය විසින් ආහාර පිනිස අනුමත කරලා තියෙන්නේ. අපිටත් අපේ ආහාර වේලට කුඩා මත්සයන් යොදා ගැනීම සුදුසු යැයි මා යෝජනවා කරනවා. විශේෂයෙන් වැඩි කාලයක් ජීවත් නොවන මාළු වල රසදිය ප්‍රමාණය අඩු බව සිතේ තබා ගන්න.

වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +65 83956095

‍සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් ගල්කිස්ස

0112735621  /  0777316629‍

පෝෂණ වේදී
නයන තේනුවර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *