මව් පදවිය බලාපොරොත්තු වන අම්මලාට.

විවාහ වන අයගෙන් 10% ක පමණ විශාල ප්‍රතිශතයක් දැන් දැන් දරුපල නොමැතිවීම නිසා සන්තාපයට පත්වී සිටී. මේ සදහා ඔවුන් විවිධාකාර ක්‍රම ඔස්සේ දුවෙකු ගේ සුරතල් බලන්නට උත්සුක වෙමින් සිටි. විද්‍යාවට අනුව ඇති විසදුම නම් එවැනි අයට නළ දරුවෙකුගේ සුරතල් බලන්නට සැලැස්විමයි. නමුත් එය සිංගප්පූරුව ඇමෙරිකාව වගේ රටක ඉතාමත් වියදම් අධික ක්‍රමවේදයකි. දරු පිලිසිඳ ගැනීම හරි ගියා හෝ නොගියා ඩොලර් 15000 ක පමණ වියදමක් දරන්නට ඔවුන්ට සිදුවේ. මෙම ක්‍රමය සාරථක වීමේ ප්‍රතිශත පහත අයුරින් වේ.

යස අවුරුදු 35 ක මවකට 41% – 43%
වයස අවුරුදු 37 ක මවකට 33% – 36%
වයස අවුරුදු 40 ක මවකට 23% – 27%
වයස අවුරුදු 40 ට වැඩි මවකට 13% – 18%

‍මේ අනුව වයස වැඩි වන්නට වැඩි වන්නට මේ ක්‍රමය මගින් දරුවන් පිලිසඳ ගැනීම බොහෝම අපහසු බව පෙනී යයි.

‍මෙහි ඇති තවත් එක් අවදානමක් නම් උපදින දරුවා යම් කිසි උපත් දෝෂයක් සහිතව උපදීද යන්නයි. වයසට යන්නට වයසට යන්නට මේ දුරුවන් කිනම් රෝග වලට ලක්වේදැයි දැනගැනීමට තවමත් මෙම විද්‍යාව අලුත් වැඩිය. තවත් ටික කාලයක් ඒ වෙනුවෙන් ඉවසා සිටිය යුතුව ඇත.

‍හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය පිලිබඳ විශ්වාස කරන අප මෙම තත්වය දකින්නේ වෙනත් කෝණයකිනි. දරුවෙකු පිලිසිඳ ගැනීමට කය සේම මනස සහ ආධ්‍යාත්මික කය යන දෙකොටසද ඉතාමත් නිරෝගී තත්වයකින් පසුවිය යුතුය. මෙම තත්වය නිසි අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් මෙමලිපිය මගින් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.

මුලින්ම දරු උපතකට ඔබගේ මනස නිරෝගී විය යුතුය. අප සාමාන්‍යෙයන් විශාල මුදලක් ණය වෙලා වෙඩින් එකක් අරගෙන ඒ මුදල් ගෙවා දමා ගොයක් දොරක් හදා නිමකොට වාහනයක් එහෙම අරගෙන තමයි දරුවෙක් හදන්නට තිරණය කරන්නේ. ඒ තාක් ඔබ දරුවන් එපා කියන මානසිකත්වයේ තමයි ඉන්නේ. මේ නිසාම ඔබට දරුවන් පිළිසිඳ ගැනීමට අවශ්‍ය මානසිකත්වය නැතිවී යයි. එය ඔබ කරන පලමු වරදයි.

‍දෙවැනි වරද ඔබ කර ඇත්තේ මේ අත්බවයේදී නොවේ. එය ඔබගේ කර්ම හා බැඳුණු සංකීර්ණ ගැටලුවකි. ඒ ගැන මා ලියූ ලිපි ගණනාවක් ඇත. ඉන් එකක් මේ ලිපිය සමග පහතින් පල කරන්නම්. එම ලිපියද කියවා ඔබට ඔබගේ ආධ්‍යාත්මික කය සකස් කරගත හැකිය. දැන් ඔබ මනසින් සහ ආධ්‍යාත්මිකව දරුවෙකු පිලිසිඳ ගන්නට අවශ්‍ය පසුබිම සකස් කර අවසන්ය.

පහත දැක්වෙන ලිපි දෙක කියවා බලන්න. ටිකක් වෙලා ගියත් එය සමහර විට ඔබට සත්‍ය පසක් කරගන්නට හේතුවක් වෙයි.

ගබ්සාවක් නිසා මියගිය පුතුගේ කථාව

ගබ්සාවක් නිසා ජීවිත අහිමි වූ අනන්ත සංසාර ගත දරුවන් සහ ඥාතීන් නිදහස් කිරීම.

දැන් ඇත්තේ දරුවා පිලිසිඳ ගන්නට අවශ්‍ය කායික පසුබිම සාදා ගැනීමයි. එය තරමක සංකීර්ණ තත්වයකි. එයට හේතුව වන්නේ මවගේ සහ පියාගේ ඩිම්බ, ශුක්‍රාණු සේම ඝර්භාෂයේ තත්වයද මවගේ ශාරීරික යෝග්‍යතාවයද මීට බලපාන නිසාය.

මා සිංගප්පූරුවේ සහ ලංකාවේ බයෝරෙසොනන්ස් පරීක්ෂණ ආධාරයෙන් මෙවැනි අය පරීක්ෂා කර බලා ඇති අතර එවැනි අයගේ මම දුටු ප්‍රධාන ගැටලු කිහිපයක් පහතින් දක්වන්නම්.

  • ඩිම්බ නිසි ලෙස වර්ධනය නොවීම.
  • ඩිම්භ කෝෂ තුල බැක්ටීරියා වර්ධනය වී සිටිම.
  • පැලෝපීය නාලය තුල බැක්ටීරියා හෝ වෛරස් වර්ධණය වි සිටීම
  • පිටියුටරිය සහ හයිපෝ තැලමස නිසි ලෙස ක්‍රියාත්මක නොවීම
  • ‍තෛරොයිඩ් ග්‍රන්ථීයේ ගැටලු තිබීම.
  • ‍හෝමෝන අසමතුලිත තා.
  • රුධිරයේ ඇති දුර්වල තා.
  • අග්න්‍යාෂය දුර්වලතා.

පියාගේ අපි බෝහෝ විට දකින්නේ

  • ශ්‍රක්‍රානු වල හිස කොටස දුර්වල වීම.
  • ‍හෝමෝන දුර්වලතා
  • පිටියුටරිය සහ හයිපෝ තැලමස දුර්වල වීම.
  • කොලෙස්ටරෝල්‍ ගැටලු.
  • ලිංගික බෙලහින තාවය.

‍මේ සියලු දුර්වලතා වලට හේතුව ශරීරයට මේවා නිසිලෙසට සකස් කරගන්නට අවශ්‍ය පෝෂණය නොලැබීමයි. ලැබෙන පෝෂණයද අධික ආතතිය නිසා නිරපරාදේ දහනය වි යන බව බොහෝ විට ඔබලා දන්නේ නැහැ.

‍මේ වෙනුවෙන් අප ආයතනය නොමිලේ උපදේශණ සේවාවක් ආරම්භ කලත් ඊට සහභාගි වූයේ 100 ක පමන පිරිසකි. සමහර විට නොමිලේ දෙන දෙය කිසිම අගයක් නැතිවීම ඊට හේතු වෙන්නට ඇති. මෙහිදී ඔබගේ මානසික සහ ආද්‍යාත්මික තතිවය නිරෝගි කරගන්නට අවශ්‍ය උපදෙස් මූලිකව ලබා දෙනු ලබන අතර ඔබට අවශ්‍ය නම් ඔබගේ පෝෂන මට්ටම් ගැන සහ ඉහත දැක්වූ කායික මට්ටම් ගැන බහෝ රෙසොනන්ස් තාක්ෂණය මගින් මැණ බලා දැනගත හැකිය. ඊට යම් අයකිරීමක් සිදු කරන අතර දිනකට කිහිප දෙනෙක් පමණක් මේ සදහා යොමු කල හැකි බැවින් කලින් වේලාවක් වෙන් කරගත යුතුය.

ඉදිරියේදී පිටරට වල සිටින අයටද අපගේ සේවාවන් ලබා දිමට අපි මේ වන විට පියවර ගෙන ඇති අතර ලගදිම ඒ ගැන අපි ඔබව දැනුවත් කරන්නෙමු.

මා ලියූ ලිපි…

Nittaa.com වෙබ් අඩවියට පිවිස එහි ඇති සෙවුමේ ඔබට දැනගන්නට අවශ්‍ය මාතෘකාව ටයිප් කර ලිපි කියවා අන් අයටත් දැනගන්නට සලස්වන්න. ඔබ සොයන යම් මාතෘකාවකට පිලිතුරු අදාල වෙබ් අඩවියේ නැතිනම් මා හා ඍජුව සම්බන්ධ වීමට මැසෙන්ජර් හෝ වට්ස් ඇප් භාවිතා කල හැකිය. පොදුවේ යම් පැණයක් අසන්නට අවශ්‍ය නම් මාගේ ටෙලිග්රෑම් ගෘප් එකට එක්වන්න. එහි අපි පොදු ගැටලු සාකච්ඡා කරන්නෙමු.

ෂෙයාර් කර තවත් කෙනෙකුට මාගේ සේවය ලබා ගන්නට අවකාශ සලසා දෙන්න.. එය තමන් තවත් කෙනෙකුට නිරෝගීව සිටින්නට කරන උපකාරයක් නිසා තමන්ද නිරෝගීව සිටින්නට එය හේතුවක් වේවි.
‍මෙත් සිතිනි.

පෝෂණ ‍‍වේදී
නයන තේනුවර
+6583956095 (Whatsapp)

ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.

https://t.me/nayana

‍සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් ගල්කිස්ස

0112735621
0777316629‍

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *