ළදරුවන්ගේ Colic තත්වය ගැන පැනයක් අසා තිබුනා.

Child-Colic-01

මේ කියන්නේ නිකරුනේ හඬන ළදරුවන් ගැනයි. ඇත්තටම දරුවන් නිකරුනේ හඬයි කියලා ඔබ සිතනවාද? එයට හේතුවක් තිබිය යුතුමයි. සමහර දරුවන් කිරිබීලා අවසන් වූ පසුත් අයේ හඬනවා හේතුව කුමක් විය හැකිද? මේ හැඬීම සමග මවට ඇතිවන්නේ මහා කම්පණයක්. ඇයට පුදුමාකාර ලෙස ඉවසන්නට වෙනවා. දරුවාට මොකක් හරි දරුණු අසනීපයක් හැදිලාද කියලා බිය හටගන්නවා. ඉතිං මේ ගැටලුව කතා කල යුතුම ගැටලුවක් වුනත් අපට මේ තාක් කතා කරන්නට බැරි වුනා. අපි මේ කාරණාව ගැන ටිකක් කතා කරමු.

ළදරුවා ඉපදෙනකොට ශරිරයේ සියළුම අංග සම්පූර්ණයෙන් වැඩිලා නැහැ. එතිං ඒවා වර්ධන වෙන්නට අවශ්‍යයි. ඒ සදහා ළදරුවන්ට නිසි පෝෂණය ලබා දෙන්නට අවශ්‍යයි. අපි දන්නවා රංකිරි කට ගානවා කියල අම්මලා මුලින්ම තම දරුවාට දෙන කිරි ටික. මේ රං කිරි කියන්නේ පාට හින්දම නොවෙයි. ඒවගේ තියෙන වටිනා කම නිසයි. දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබෙන්න පටන් ගන්නේ මේ කිරි ටිකෙන්. මවගේ ඝර්භාෂයෙන් එලියට ආපු දරුවා පරිසරයේ ඇති බැක්ටීරියා, වෛරස්, දිලිර සමග තනිවම සටන් කල යුුතුයි. දැන් මවගේ ආරක්ෂාව ඒ ළදරුවාට නැහැ. ඒ ආරක්ෂාව මුලින්ම අම්මා දෙන්නේ අර රංකිරි ටිකෙන්. ඒ නිසා ඒ කිරි ටික දරුවාට දෙන එක හරිම වැදගත්. ඉන්පසු දරුවාට පෝෂණය ලැබෙන්නේ මව් කිරි ටිකෙන් පමණයි. ළදරුවා ටිකක් ලොකු වෙනකම් මේ මව් කිරි වලින්ම දරුවා වැඩෙනවා. හිතලා බලන්න මවු කිරි වල මොනතරම් ගුණයක් තියෙන්න ඕනිද කියලා.

දරුවා හඬන ප්‍රධානම හේතුව තමයි බඩගින්න. බඩගින්න කියන්නේ කුමක්ද? එය දන්නවා නම් අපි මේ ගැටලුවෙන් මිදෙනවා. බඩගින්න කියන්නේ අපගේ සිරුර පෝෂණය ඉල්ලන වේලාව. අපි රාත්‍රී 8 ට නිදා ගෙන පාන්දර 6 ට ඇහැරිලා උදේ 8 වෙනකම් බඩ හිස්ව තබාගෙන ඉන්නවා. ඒත් අපිට බඩගින්නක් නැහැ. දවල්ට තුන් පාරක් විතර කන්න බඩගිනි හැදෙනවා. මේ අනුව අපිට තේරෙන්න ඕනි බඩ ගින්න කියන්නේ බඩ හිස්වෙන් නිසා ඇතිවෙන ගින්නක් නොවන බව. මේ ගින්න අපිට එන්නේ පෝෂණය අඩුවිම නිසා. එදිනෙදා අවශ්‍ය වෙන පෝෂණය අඩු වෙනවිට අපිට දෙන සිග්නල් එක තමයි මේ. ඉතිං අපි කරන්නේ බඩ පිරෙන්න මොනවා හරි දානවා. දාල පැයක් දෙකක් යන විට අර ගින්න ආපහු එනවා. මොකද අපේ ශරීරය ඉල්ලපු දේවල් නෙවෙයි ලැබිලා තියෙන්නේ. ඔන්න ඉතිං ආපහු මොනවා හරි ඔබනවා. අර වැඩේමයි වෙන්නේ. බඩගිනි වෙනවා ටික වේලාවකින්. මේ විදිහට ගොඩක් කන්න වෙනවා. අන්තිමට අපි වැඩියෙන් කාලා අනවශ්‍ය විදිහට තරවෙනවා.

මොකද අපි මෙිකට කරන්නට තියෙන්නේ. අපි කරන්න ඕනි ශරීරය අපෙන් ඉල්ලන පෝෂණය ලබා දීමයි. එසේ ලබා දුන්නොත් වැඩි වේලාවක් බඩගිනි වෙන්නේ නැහැ. බලන්න කුරක්කන් රොටියක් හෝ කුරක්කන් තලපයක් කෑවම ගොඩක් වෙලාවක් බඩගිනි එන්නේ නැහැ. නමුත් පාන් පිටි වලින් හදන රොටියක් කෑවම තව ටිකකින් ආපහු බඩගිනි වෙනවා. අනෙක් කාරණය තමයි කුරක් කන් පිටි වලින් හදන රොටි වැඩියෙන් කන්න බැහැ. මොකද අර සිරුර ඉල්ලන පෝෂනය කුරක්කන් කුඩා ප්‍රමාණයක තියෙනවා. පාන් පිටි වල ඒ පෝෂණය බඩ පිරෙනකම් කෑවත් නැහැ. බඩේ ඉඩ නැති නිසා කෑම නතර කරන එකයි කරන්නේ.

දැන් මේ කතාවම ළදරුවා හඬන එකටත් දාල බලන්න. මව දරුවාට දෙන කිරි වල නිසි පෝෂණය නැත්නම් දරුවා හඬනවා. අම්මා නිසි පෝෂණය සහිත ආහාර ගන්නේ නැත්නම් කිරිවලට ඒ පෝෂණය එන්නට විදිහක් නැහැ. ඉතිං දරුවා හඬනවා. මේක තමයි මගෙන් ඇසුව පැනයට දෙන්නට තියෙන සරල විසදුම.

අපි සියලු දෙනාටම දෛනිකව පෝෂ්‍ය කොටස් 90 ක් අපගේ ආහාර සමග ලබා දිය යුතු වෙනවා. ඒ 90 තමයි
මිනරල් – ඛණිජ ලවන වර්ග 60 ක්
විටමින් වර්ග 16 ක්
ඇමයිනෝ අම්ල වර්ග 12 ක්
මේද අම්ල වර්ග 2 ක් ( ඔමේගා 3 / 6 )
ඔමේගා 9 අපේ ශරීරයේ නිපදවුවත් බාහිරින් ගතහැකිනම් හොදයි.

‍මෙම පෝෂනය ලැබෙන ළදරුවෙක් හඬනවා නම් ඒ කියන්නේ දරුවාට යම් ශාරිරික අබාධයක් ඇති බවයි. මේ ගැන සොයා බැලිය යුතුමය.

දැන් දැන් අපි ගන්නා ආහාර වල තත්වය නිසා මේ පෝෂණය අපිට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් ඛණිජ ලවන අපේ ආහාර වල අඩුයි. හේතුව වන්නේ කෘමිණාශක සහ වල් නාශකයි. මේ ගැන මා වෙනම ලිපියක් ලියා තිබෙනවා. කියවා බලන්න. වල් නාශක නිසා අපට අත්වී ඇති ඉරණම ඒ ලිපියේ සදහන් වෙනවා. පහලින් ලින්ක් එක දාන්නම් කියවලාම අවසන් කරන්න.

වල් නාශක සහ ඔටිසම් ගැන ලියවුනු ලිපිය.

ෂෙයාර් කර තවත් කෙනෙකුට මාගේ සේවය ලබා ගන්නට අවකාශ සලසා දෙන්න.. එය තමන් තවත් කෙනෙකුට නිරෝගීව සිටින්නට කරන උපකාරයක් නිසා තමන්ද නිරෝගීව සිටින්නට එය හේතුවක් වේවි.
‍මෙත් සිතිනි.

පෝෂණ ‍‍වේදී
නයන තේනුවර
+6583956095 (Whatsapp)

ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.

https://t.me/nayana
‍සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් ගල්කිස්ස

0112735621 

0777316629‍

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *