කෘත්‍රීම කැල්සියම් පෙති ගත්තට ප්‍රතිඵල නැත්තේ ඇයි?

කෘතිම කැල්සියම් පෙති වල බොහෝ විට ඇත්තේ කැල්සියම් කාබනේට් වේ. මෙම කැල්සියම් කාබනේට් නිස්සාරණය කර ඇත්තේ සිප්පිකටු හෝ වනෙත් මාද්‍යයකිනි. මෙසේ නිස්සාරනය කරල ලද කැල්සියම් ස්වභාවිකව බැක්ටීරියා මගින් පලමුව පොලවේදී ජීර්ණය කල ඒවා නොවේ. මේ නිසා කැල්සියම් ගන්නවා නම් ශාඛ වලින් නිස්සාරනය කල හෝ මාළු කටු පුච්චා සාදන එකක් විය යුතුය. මාළු කටු සමාන්‍යෙයන් භාවිතා කරන්නේ හෙළ වෙදකමේ පමණි. ගම්බිත්තර කටුද මේ සදහා ගත හැකියි. සාදාගන්නා ආකාරය පහතින් දක්වන්නම්.

කෘමිණාශක සහ වල් නාශක නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වූ බවත්. මේ හේතුව නිසා පසේ ඇති ඛණිජ ලවන ජීර්ණය කිරීමට බැක්ටීරියා නොමැති වූ බවත් මා මීට පෙර කියා තිබෙනවා. මේ හේතුව නිසා ශාක වල ඛණිජ ලවන ඌණතාවයක් හටගත් බවත් මේ හේතුවෙන් ශාඛ වලට බොහෝ රෝග සහ පලිබෝධ හටගත් බවත් මා පැවසූවා. මේනිසා තවත් බෙහෙත් වර්ග සහ විශ වර්ග යොදාගන්නට සිදුවූ නිසා තව තවත් තත්වය උග්‍ර අතට හැරුණු බවත් එළවලු වල රසයක් නැත්තටම නැතිවන තැනට ඛණිජලවන ඌණතාවයකට පත් වූ බවත් මා පැවසූවා. මේ ටික මෙතන කිව්වේ මේ ටික නොදැන ඉදිරියට යාමට නොහැකි නිසාය.

කැල්සියම් එක් ඛණිජ ලවනයක් පමණක් වුවත් අපගේ සිරුරට අත්‍යවශ්‍යම කණිජ ලවනයකි. ස්වභාවිකව කැල්සියම් නොලැබෙන නිසා පිටතින් කැල්සියම් ගන්නට සිදුවේ. මෙහිදී කැල්සියම් පෙති අපි වෙලද සැල් වලින් මිලට ගන්නා අතර එහි අභ්‍යන්තරය ගැන නොදනී.

කැල්සියම් පෙති වල ඇත්තේ බොහෝ විට කැල්සියම් කාබනේට් (CaCO3) වේ. මෙහිදී අප ගන්නා පෙත්තේ බරෙන් 30% ක් කැල්සියම් වන අතර ඉතිරිය කාබන් සහ ඔක්සිජන් වේ. අපි දිනකට ශරීරයට අවශෝෂනය කල යුතු කැල්සියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 1000-1200 අතර වේ. දැන් මෙම කැල්සියම් යැයි අපි හිතනා පෙතිි කීයක් අපගේ ආහාර මාර්ගයට ඇතුල් කල යුතුද? කැල්සියම් මිලි ග්‍රෑම් 1200 ක් ඇත්තේ මෙවැනි පෙති 8 ක් තුලය. ( එක පෙත්තක් මි ග්‍රෑම් 500 ලෙස සලකා ) කැල්සියම් දිනකට අවශ්‍ය ප්‍රමාණය ලෙස සැලකෙන්නේ මුඛයෙන් ඇතුලට ගන්නා ප්‍රමාණය නොව කුඩාන්ත්‍ර වලදී අවශෝෂණය කරන ප්‍රමාණයයි. දැන් අවශෝෂනය රදා පවතින හේතු කාරනා ගනනාවක් ඇත.

  • අපි ආහාරයට ගත් කැල්සියම් බැක්ටීරියා විසින් ජීරණය කල ඒවාද යන්න.
  • කුඩාන්ත්‍ර වල නිරෝගී තාවය.
  • අපි ගන්නේ ස්වභාවික කැල්සියම්ද නැද්ද යන වග.
  • විටමින් ඩී, සහ සී යන දෛනිකව අපි සිරුරට ලබා දීය යුතු විටමින් වර්ග සිරුරේ ඇත්ද යන්න.
  • අප කන කෑම වල ෆයිටේට් ඇත්ද යන වග. ( මෙමගින් අප ගන්නා ඛණිජ ලවන අවශෝෂනය අඩු කරයි.) යන කරුණු ප්‍රධාන වේ.

සාමාන්‍යෙයන් පාන් පිටි වලින් සාදන ආහාර ගන්නා කෙනෙකුගේ කුඩාන්ත්‍රයේ අංගුලිකා ග්ලූටන් නිසා විනාශ වි ඇත. ඉතිරි වී ඇති අංගුලිකා වලින් මෙම අශෝෂන ක්‍රියාවලිය සිදුවේ. මෙම අංගුලිකා විනාශ වීම රෝගයක් සේ සැලකන අතර එය Celiac disease ලෙස හදුන්වයි. (මේවගේ ලස්සන නම් තියෙන ලෙඩ වලට සමහර අය හරි ආසයි) මෙවැනි අයගේ කැල්සියම් පමණක් නොව සියළු පෝෂ්‍ය කොටස් අවශෝෂණය කර ගැනීමට අපහසුය. මේ නිසා අපි ගන්නා ආහාර වල ඇති පෝෂණය මළ සමග පිට වේ. මෙය දැනගැනීමට මම කුඩා ක්‍රමයක් කියන්නම්.

පිටවන මල කොමෝඩ් එකේ වතුරේ පාවිය යුතුය. ඇලෙන සුලු නොවිය යුතුය. එසේ නොව වතුරේ ගිලේ නම් ඒ කියන්නේ ආහාර නිසිලෙස අවශෝෂණය වී නැ කියන එකයි. වතුර ටික ෆ්ලෂ් කරන්න කලින් බලන්න. ඔබටම ඔබගේ කුඩාන්ත්‍රය ගැන තේරුම් ගන්නට පුලුවන්.

වාසනාවකට මෙම තත්වයෙන් මිදෙන්න හැකියි. නමුත් ටික කාලයක් ගත වෙනවා. ග්ලූටන් සහිත ආහාර ගැනීම නවතා ප්‍රෝටීන් අවශය ප්‍රමාණය දිනපතා ලබා දීම තුල වසර දෙකකින් පමන මෙම තත්වයෙන් 100% ක් මිදිය හැකිය. පාන්පිටි නවතා දින 15 ක් සිටින්න. 16 වන දින තුන් වේලටම පාන්පිටි වලින් සැදු ආහාර ගන්න. දැන් බලන්න ඔබ කෙතරම් වේදනාවක් විදිනවාද කියලා. මේ වේදනාව එන්නේ අංගුලිකා වල විනාශ වීම සිදුවන නිසාය. මා කියනවාට පිලිගන්න එපා කරලා බලන්න.
දැන් මාතෘකාවට යමු.

අර ගත්ත කැල්සියම් මිලි ග්‍රෑම් 1200 දැන් කෘතිම ඒවා නිසා මෙිවා අවශෝෂනය කිරීම ඉතාමත් අපහසු වේ.නමුත් අපගේ ශරීරය කෙසේ හෝ යම් ප්‍රමාණයක් ජීර්ණය කිරීමට අපගේ අන්ත්‍ර වල සිටින බැක්ටීරියාවන්ගේ සහය ලබා ගනී. ප්‍රෝ බයෝටික් කියන වචනය ඔබ අසා ඇති. මේ එවන් බැක්ටීරියාවන් වේ. නමුත් මොවන්ටත් එය සාර්ථකව 100% ක් සිදු කල නොහැකිය. කෙසේ හෝ 15% පමණ ප්‍රමාණයක් අවශෝෂණය කරගත හැකි ලෙසට පෙරලා දෙයි. දැන් ගණනය කර බලන්න. (නිරෝගී කුඩාන්ත්‍රයක් හිමි කෙනෙකුගේ මෙය 30% දක්වා වර්ධනය කර ගත හැකිය)

  • එක පෙත්තක ඇති කැල්සියම් ප්‍රමාණය = මිලි ග්‍රෑම් 150.00
  • එයින් අවශෝෂනය වේ යැයි ගනන් බැලූ ප්‍රතිශතය = 15%
  • මේ අනුව එක් පෙත්තකින් අවශෝෂනය කල හැකි ප්‍රමාණය = 150 X15 / 100 = මිලි ග්‍රෑම් 22.5
  • මිලිගෑම් 1200 ක් අවශෝෂනය කිරීමට අප විසින් ගත යුතු පෙති ප්‍රමාණය = 53 යි.

මේ සාමාන්‍ය කෙනෙකුගේ තත්වයයි. පාන්පිටි සහිත ආහාර කන . හිතකර බැක්ටීරියා අඩු කෙනෙකුගේ තත්වයයි මේ. ඉතා නිරෝගී කෙනෙකුගේ මෙම තත්වය බාගයකින් අඩු වේ. ඒත් පෙති 27 ක් විතර දවසකට අවශය වෙනවා. දැන් ඔබට වැටහෙනු ඇති අපගේ පැණයේ ඇති හේතුව. දැන් සිදු කල යුතු වන්නේ අදාල බාධකය ජයගන්නේ කෙසේද යන්න සොය බැලිමයි.

තම ගෙවත්තේ මුරුංගා පැලයක් වවන්න. දිනපතා මුරුංගා කොල මැල්ලුමක් කන්න. මෙය එක් ක්‍රමයකි. බෙහෙත් කෘමිණාෂක නැති නිසා පෝෂනය නිසිලෙස ලැබේ.

  • කටු ආහාරයට ගත හැකි හාල්මැස්සන් වැනි ආහාර එක් කර ගන්න.
  • චීස් බටර් ආහාරයට ගන්න. මාගරින් කන්න එපා.

අධික කැල්සියම් ඌණතාවයක් නම් පහත සදහන් ඔසුව සාදාගන්න. ඔබට සප්ලිමන්ට් එකක් අවශ්‍ය නම් අදාල සප්ලිමන්ට් එකේ ඇති කැල්සියම් කැල්සියම් සිට්රේට් දැයි බලන්න. එම කැල්සියම් ශාඛ වලින් නිස්සාරනය කල ඒවාය.

බල මාළු කටු කිලෝ දෙක තුනක් එකතු කරගන්න. මේවා හොදින් සුදද කර වේලා ගන්න. පිරිසිදු යකඩ තහඩුවක් හෝ තාච්චියක් ගෙන මෙම කටු ටික බදින්න. සුදු යකඩ තහඩුවක් නම් තවත් හොදයි. දැන් මෙම කටු ගිණිගෙන අළු වෙන්න ඕනි. අළු ටික අරගෙන පෙනේරයකින් හලා දෙහි යුෂ සමග අනා කෝපි ඇටයක පමණ ප්‍රමාණයට ගුලි කරගන්න. අළු වල ඇත්තේ කැල්සියම් වේ. ස්වභාවික මාධයයකින් ගත් නිසා අවශෝෂණය පහසුය. දෙහි යුෂ අවශය විටමින් සී ලබා දේ. දැන් අවශ්‍ය විටමින් ඩීලබා ගැනීමට උදැසන අව්ව වැටෙන තැනක ටිකක් ඇවිදින්න. අපිට ස්වභාව ධර්මය උපකාර කරනවා. අර හදාගත්ත ගුලි වේලා බෝතලයක දමා දවසකට ගුලි තුනක් කෑම වේල් දෙකක් අතර ගන්න. කෑම වල ෆයිටේට් ඇත්නම් එය මෙම වේලාව අනුගමනය කිරීම මගින් එය මග හැරිය හැකිය.

මෙම බෙහෙත අපිට කියා දුන්නේ වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසිනි.

කැල්සියම් පෙති ගැන යම් දැනුමක් ඇතිවෙන්නට ඇති. වැඩි විස්තර පහත කතා කරමු.

මෙත් සිතිනි. !!!

MEDICAL DISCLAIMER ( සිංහළ වෙදකම FaceBook Group )

This article Is Not Medical Advice: The information on This article has not been evaluated by the CDDA. The information on This article is not intended to diagnose, treat, mitigate, cure or prevent any disease or other medical or abnormal condition. Nothing in This article is intended as, or should be construed as medical advice, nor as a substitute for consultation with a qualified health care professional; if you have medical concerns or symptoms we do not recommend self-diagnosis or self-treatment but recommend that you seek advice from a fully qualified healthcare practitioner.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *