ආදණීය අම්මේ. ඔබ ඇත්තටතම ඔබගේ කුසයේ සිටින දරුවාට ආදරෙයිද?

ඔබ ගැබිණියක් බව දැනගත් දා සිටම ඔබ ඔබගේ සියළු සිතුම් පැතුම් සහ ආශාවන් දරුවා වෙනුවෙන් කැප කල යුතුය. එය එසේ නොවේ යැයි සිතනවා නම් ඔබ දරුවාට කරන්නේ මහා අසාධාරණයකි. මා එසේ පවසන්නේ ඇයි දැයි සමහර විට ඔබට වැටහෙනවා ඇති.

ඔබගේ දරුවා ඔටිසම් තත්වයේ දරුවෙක් වනවාට ඔබ කිසිසේත්ම අකමැති බව මා දන්නවා. එසේ නම් ඊට පාදක වන කරුණු කාරණා ඔබ දැනගෙන සිටිය යුතු වෙනවා. ඔටිසම් වලට ප්‍රධානම හේතුව ලෙසට මේ වන විට සැලකෙන්නේ ග්ලයිෆෝස්ට් සහිත ආහාර අනුභවයයි. මේ ගැන මා ලිපි කිහිපයක් ලියා තියෙනවා. ඒවා කියවා බලන්න.

ග්ලයිෆොසේට් යනු වල් නාශකයකි. නිශ්පාදන සමාගම පවසන පරිදි මෙම වල් නාශකය නිසා කිසිදු විටක මිනිස් දේහයට හානියක් නොවේ. නමුත් මෙම වල් නාශකය නිසා බැක්ටීරියාවන් විනාශ වන බව අපි දනිමු. මෙම වල්නාශකය අපි ආහාර සමග අපගේ සිරුරට ගතහොත් අපගේ අන්ත්‍ර වල සිටින සිරුරට හිතකර බැක්ටීරියා වර්ගද විනාශයට පත්වේ. දැන් සිදු වන්නේ අපගේ ශරීරයට විටමින් වර්ග නිපදවන බැක්ටිරියාවන්ද මේ අයුරින් මරණයට පත්වීමයි. ඉතිං ඔබ ගැබිණි මවක් නම් සිදුවන්නේ ඔබගේ කුසයේසිටින දරුවාට නිසි පෝෂණයක් ලබා දීමට නොහැකි වීමයි. මේ අනුව දරුවාගේ මොළයේද නිසි වර්ධනයක් සිදු නොවන්නට ගල්යිෆෙසේට් හේතු වෙනවා.

ග්ලයිෆොසේට් වැඩිපුර භාවිතා කරන ආහාර වලින් හැකිතාක් වලකින්නට හැකිනම් එයයි ඔබ කල යුතු වන්නේ. මා දන්නා ආකාරයට මඤ්ඤොක්කා ගලවන්නට පෙරද පස බුරුල් වන්නට මෙම වල් නාශකය ඉසිනවා. එසේම වී වගාවේදීද භාවිතා කරනවා.

ඔබට කල හැක්කේ ඔබගේ ගැබිණි කාලය තුල හැකිතාක් පෝෂණය සිපිරි ආහාර වේලක් ලබා ගැනීමයි. කෑම අරුචිය තිබුනත් කෙසේ හෝ දරුවා වෙනුවෙන් මෙම කැප කිරීම කල යුතුමය. නැතිනම් ඔබට අනාගතයේදී එයට වන්දි ගෙවන්නට සිදුවනු ඇත.

විශේෂයෙන් පොලොස්, කොස් , මුරුංගා කොළ, වැනි ආහාර තම වේලට එක් කරගන්න. හැකිතාක් දුරට ගමේ ගොඩේ ආහාර එක් කරගන්නට බලන්න. ඇපල් දොඩම් වෙනුවට ගමේ පලතුරු ආහාරයට ගන්න. කෘතිම ආහාර වලින් වැලකෙන්න. සැම විටම පැරණි හෙළ සහල් ආහාරයට ගන්න. පාන් පිටි සහිත ආහාර වලින් වැලකෙන්න. කළු තල යනු පෝෂණයෙන් අනූන ආහාරයක්. දවසකට තේහැන්දක් දෙකක් ආහායටගන්න. බතල ටිකක් පෝත්ත සමග ආහායට ගත හැකිනම් හොදයි. කුරක්කන්, මෙනේරි වැනි ධාන්‍ය වර්ග ආහාරයට එක්කරගන්න. මස් මාංශ ආහාරයට ගන්නවා නම් ඒ ගැනද හොදින් සොයා බලා ආහාරයට ගන්න. වැව් මාළු කල් තබා ගැනීමක් සිදුි නොකරන නිසා එය මෙම අනතරු වලින් අඩු විය හැකිය. එහෙත් වගාවන් ඇති පලාත්වල එයද අපට කිව නොහැකිය.

හැකි නම් ගෙදර පෝච්චියක හෝ පුලුවන් විදිහට එලවලු ටිකක් වවා ගන්න. නිවිතිි වැලක්. මුරුංගා ගහක් අනිවාර්‍යයෙන් ගෙදරක වාවා ගන්න. මේ සියලු කැපකිරීම් තම දරුවා වෙනුවෙන් කරන ආයෝජනයක් බව දැනගන්න.

ඒ වගේම තවත් කාරණයක් තමයි ඔබ දත් මදින ටූත් පේස්ට් එක. එය ඔබගේ සහ ඔබගේ දරුවාගේ චින්තන ශක්තිය මොට කරන්නට සමත් බව ඔබ දන්නවාද? ඔබ දත් මදින්නට භාවිතා කරන්නේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් නම් මා මෙහිදී පැවසූ අනතුරට ඔබ හසුවී ඇත. අපගේ මොළයේ මධ්‍ය ප්‍රදේශයේ තියෙනවා පයනියල් ග්‍රන්ථිය කියලා කේතු ආකාර පයින් ගෙඩියක් වැනි ග්‍රන්ථියක්. මෙම ග්‍රන්ථියට අපි තෙවැනි ඇස කියලත් කියනවා. සාස්තෘන් වහන්සේලාගේ හිස මත මෙම කේතු ආකාර ග්‍රන්ථිය පෙන්වීමට පැරණි නිර්මාණ කරුවන් තම නිර්මාණ ශක්තිය යොදාගෙන ඇත. බුදුන් වහන්සේ ගේ හිස මතද මෙවැනි කේතු ආකාරයක් දැක්වෙනවා ඔබ දැක ඇති. ඒ උන්වහන්සේගේ තෙවැනි ඇස ගැන පැරණි කලා කරුවන් දුටු ආකාරයයි.

ෆ්ලෝරයිඩ් සහිත වතුර බීම හෝ දන්තාලේප භාවිතා කිරීම මගින්සිදුවන්නේ මෙම ග්‍රන්ථිය වැසී යාමයි. එවිට සිදුවන්නේ ඔබගේ චින්තන ශක්තිය දුර්වල වීමයි. මෙම ෆ්ලෝරයිඩ් ඔබගේ දරුවාගේ පයනියල් ග්‍රන්ථියටද යම් බලපෑමක් ඇතිකල හැකිය.

දැන් දැන් ඇසෙන සින්දු වලින් මේ ගැන මනාව අවබෝධ කරගත හැකියි. 70 දශකයේ ගීත සමග සසදන විට මෙම ගීත වල තත්වය ඉතාමත් දුර්වල බව අපිට හොදින්ම තේරුම් ගත හැකිය. හේතුව ඇත්තේ ෆ්ලෝරයිඩ් වල බව අපට සැක සංකා රහිතව සිතාගත හැකිය.

ගැබිණි මවක් ලෙස මෙම කාරණා දෙක ගැන ඔබ සැලකිලි මත් වෙනවානම් ඔබට ණුවනැති දරුවෙක් අනාගතයේදී දැක ගත හැකිවේවි.

මීට අමතරව ඔබ බෞද්ධ කාන්තාවක් නම් ආගමානුකූලව තම දරුවාගේ නුවණ වඩවා ගන්නේ කෙසේදැයි තවත් ලිපියකින් ගෙන එන්නම්.

‍මෙත් සිතිනි.
පෝෂණ වේදී ‍ නයන තේනුවර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *