cyanocobalamin vs methylcobalamin යන මාතෘකාව ගැන ඔබ දැනුවත්ද?

60099286_874563402898147_6248146176852361216_nලේ වල ශක්තිය අඩ වෙනවාට අපි කියනවා ලෙඩ වෙනවා කියලා. ඒ නිසයි අපි ලෙඩ වුනාම ලේ පරීක්ෂා කරන්නේ. ලේවල ශක්තිය අඩ වුනාම සිදු වන දේ ගැන මම විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. රතු රුධිරාණු වල ශක්තිය අඩ වීමට ප්‍රධානම හේතුව වන්නේ විටමින් B12 ඌණතාවයයි. දැන් සිදුවන දේවල් ගැන ඔබට සිතාගත හැකිද? කලන්තය, හෘදයවස්තුව වැඩියෙන් ස්ඵන්ධනය වීම, මානසික ආතතිය, ඩිප්‍රෙෂන්, හුස්ම ගැනීම වේගවත් වීම. හිතාගන්නවත් බැරි රෝග ලක්ෂණ ගණනාවකට එක වර ඔබට මුහුණ දෙන්නට වෙනවා. ඔබට මොන තරම් බියක් ඇතිවෙයිද? එක විටමින් වර්ගයකට සිදු කල හැකි හානිය සුලුපටු නැහැ. කරන්නට ඇත්තේ එක දෙයයි. විටමින් B12 ටිකක් අරං බොන එකනේ නේද? නමුත් අපි මේ කතා කරන්නට යන්නේ ඒ විටමින් බී ඇතුලේ ඉන්න මාරයා ගැනයි.

cyanocobalamin කියන්නේ කෘතීම විටමින් B12 වලට කියන නම. ඔබට මේ වචනය ඉන්ටර්නෙට් එකේ හොයා ගන්න පුලුවන්. ඔබගේ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වාගෙන යෑමට විටමින් බී 12 අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් ඔබ ෆාමසියෙන් මිළදී ගන්නේ ඇත්තටම විටමින් B12 ද? ඔබ මිලදී ගන්නා ලේබලයේ බලන්න cyanocobalamin යන්න සටහන්ව ඇත්ද කියලා. මේ රටවල නම් මේ කෘතීම B12 සප්ලිමන්ට් වල මේ නම සටහන් කල යුතුයි. ලංකාවෙත් ඒ නීතිය ඇතැයි මා සිතනවා. ලෝකයේ කොහේ හිටියත් හොදට හොයලා බලන්න. මෙහි cyano කියලා කොටසක් තියෙනවා නේද? ඒ තමයි සයනයිට්. කෘතිමව විටමින් බී 12 නිපදවන්නේ සයනයිට් අණුවක් එකට අමුනලා. නැතිනම් ඒ විටමින් එකට හරියට වැඩ කරන්න අපහසුයි. එහෙම කිව්වම තේරෙන නිසයි මේ විදිහට කියන්නේ.

දැන් මේ සයනයිඩ් කොටස ශරීරයට අහිතකරයි. විශ සහිතයි. මේ නිසා අක්මාව මේ සයනටිඩ් කොටසට රුධිරයට එක්වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. එය නවත්ව ගන්නවා. දැන් මොකද වෙන්නෙ. මේ විශ කොටස මගින් අක්මාවට හානි කරනවා. එම හානි වූතැනට ඉතාමත් ඉක්මනින් මේදය පැමිණෙනවා. ඒ සිදුවන හාණිය අවම කරන්න. නමුත් මේ හානිය දිගින් දිගටම සිදු වෙනවා නම් මොකද වෙන්නේ. ෆැටි ලිවර් කියන හොදකරන්න බැහැයි කියන අවදානමට ඔබ ලක්වෙනවා. අක්මාවේ විෂ හරණය කරන්න වෙලාවක් තියෙනවා. ඒ තමයි රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා පමණ කාලය. මේ කාලය තුල ඔබ නින්දට යන්නේ නැතිනම් ඔබගේ අක්මාව තුල තවත් වැඩි කාලයක් මේ සයනයිඩ් තියාගෙන ඉන්න වෙනවා. තවත් පැය විසිහතරක්. දැන් සිදුවන හාණිය දෙගුණ තෙගුණ වෙනවා. ඔබ විටමින් බී 12 ගත්තේ නිරෝගී වන්නට නේද? නමුත් සිදුවන්නේ කුමක්ද? ඔබගේ ණුවන මෙහෙයවා සිතා බලන්න. අන්තර්ජාලය ඔස්සේ මේවා ගැන සොයා බලන්න.

දැන් බලන්න ස්වභාවික විටමින් බී 12 වල තියෙන වෙනස. ඒවායේ විටමින් බී 12 තියෙන්නේ methylcobalamin සෙලයි. එහි සයනයිඩ් වෙනුවට ඇත්තේ methyl කාණ්ඩයක්. එය අපගේ ශරිරයට ඉතාමත් හිතකරයි. කිසිම ආබාදයක් ඇතිවෙන්නේ නැහැ. මේ නිසා ස්වභාවික මාධයයකින් විටමින් බී 12 ලබාගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ.

අපි බලමු විටමින් බී 12 තියෙන ආහාර මොනවාද කියලා.

‍මෙම විටමින් වර්ගය වැඩියෙන්ම ඇත්තේ මස් මාංශ වලයි. මේවා වැඩියෙන්ම වැදගත් වෙන්නේ රුධිරය නිශ්පාදනයට නිසා වෙන්න ඇති එහෙම වෙලා තියෙන්නේ. නමුත් අපි බලමු වැඩියෙන්ම විටමින් බී 12 තියෙන නිර්මාංශ ආහාර මොනවද කියලා.

  • යෝගට්
  • එළ කිරි
  • සොයා කිරි
  • චිස්
  • යීස්ට්

මාංශ ආහාර – මෙම ආහාර වල වැඩි වශයෙන් විටමින් බී 12 ඇත.

  • පිකුදු,මස්, කුකුල් මස්,
  • මාළු, සැමන්, කෙලවල්ලන් මාළු.
  • බිත්තර

විටමින් බී 12 අපගේ ශරීරයේ මාංශ පේෂි වල තැන්පත් කල හැකිය.

දැන් බලන්න ඕනි ඇයි මේ සප්ලිමන්ට් නිපදවන අයට සයනයිඩ් වෙනුවට මීතයිල් කාණ්ඩයක් යොදාගන්නට බැරි කියලා. එහෙම කලා නම් මේ ගැටලුව එන්නේ නැහැනේ. හේතුව ඉතාමත් පැහැදිලියි. ඒ තමයි සයනයිඩ් මෙතෛල් වලට වඩා මිල සියගුණයකට වඩා අඩු වීම. වැඩියෙන් ලාබ ලබන්නට නම් අඩු වියදමකින් වැඩේ කරන්න ඕනි. ඒ විතරක් නෙවෙයි පසුසේ ෆැටි ලිවර් වලටත් බෙහෙතක් හදන්න පුලුවන් නේ. ඉතිං ඉතාමත් ලාබදායක ව්‍යාපාරයක්. ඔබම සිතා බලන්න.

‍මේ නිසා තමයි ස්වභාවික සප්ලිමන්ට් තරමක් මිලෙන් වැඩි. නමුත් අපි ඉහත දැක්වූ ආහාර නිසි ලෙස ලබා ගන්නවා නම් ඔබට විටමින් බී 12 හිගයක් එන්නට විදිහක් නැහැ. නමුත් දැන් දැන් ඇති නිර්මාංශ ප්‍රවන තාවයත් සමග මෙම තත්වය ඉතාමත් දරුණු වී ඇත.

නිදිවරණ. කෘතිම සප්ලලිමන්ට් භාවිතා කරන, වේදනා නාශක භාවිතා කරන අය තමන්ගේ අක්මාවේ තත්වය සොය බැලුවට කමක් නැහැ. ඒ වගේම නිර්මාංශ අයට අසාමාන්‍ය මහන්සියක්, කලාන්ත ගතියක්, අමතක වීම, ඩිප්‍රෙෂන් වගේ එනවා නම් විටමින් බී 12 ඇති ස්වභාවික සප්ලිමන්ට් එකක් වෙත යොමු වුනාට කමක් නැහැ.

‍මේ පෝස්ට් එක ඔබ දන්නා සියලු දෙනා අතටම පත් කරන්න. ඔබ ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගත්තා යැයි සතුටු විය හැකි වේවි. ෂෙයා කර විදේශ වල සිටින අයට විශේෂයෙන් මේ තත්වය පැහැදිලි කරලා දෙන්න. තම ජීවිත කාලය පුරාම වෙහෙස මහන්සිවී ලංකාවට වැඩිම විදේශ විනිමය ලබා දෙන මේ අය අවසානයේ ලංකාවට එන්නේ රෝගීන් ලෙසයි. එය ඔබ අපි සැවොම දන්නා සත්‍යයි. එයින් ඔවුන්ව මුදවාගන්නට ඔබටත් හැකියි. ෂෙයාර් කරන්න තමන් ට හැකි සෑම තැනකටම.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29

Dr. J. S. P Liyanage

මෙත් සිතිනි.

 

Close Menu