කෙනෙකුට සෝවාන් වෙන්න නම් තවත් සෝවාන් හෝ ඊට වැඩි ඵලයක පිහිටි ආර්‍යයන් වහන්සේ කෙනෙකුගෙන්ම ධර්මය අසා දැන ගත යුතුද

මගේ පොඩි දුව ගෙදර ඇවිත් අහනවා කෙනෙකුට සෝවාන් වෙන්න නම් තවත් සෝවාන් හෝ ඊට වැඩි ඵලයක පිහිටි ආර්‍යයන් වහන්සේ කෙනෙකුගෙන්ම ධර්මය අසා දැන ගන්න ඕනි කියලා තාත්තා කියන්නේ ඇයි. අද මම ඒක අපේ ටීචර්ට කිව්වම එහෙම ඕනි නැහැ කියලා කිව්වා. මොකක්ද ඇත්ත?

ටිකක් බැරෑරුම් ගැටලුවක් වුනත් ඒ අවස්ථාවේම එය පැහැදිලි කල යුතුයි. මොකද එය සසරටම බලපාන නිසා. මම එහිදී ඇයට පැහැදිලි කල අයුරු මෙසේ පහදන්නම්.

බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා මේ සාසනය වසර පන්දාහක් කල් පවතිනවා කියලා. ඒ කියන්නේ ධර්මය පවතින්නේ වසර පන්දාහයි කියන එකද? ත්‍රිපිටකය වසර පන්දාහකට පසු නැති වෙනවා කියන එකද? දැන් තියෙන තාක්ෂණික ක්‍රමවේද වලින් ත්‍රිපිඨකය ආරක්ෂා කරගත හැකි වන්නේ වසර පන්දාහක් පමණක් කියන එකද? නැත්නම් වසර පන්දාහකට පසු ලෝකය විනාශ වෙනවා කියන එකද? මේ සියල්ලටම පිලිතුරු ධර්මය තුලම තියෙනවා.

එදා තතාගතයන් වහන්සේ මෙලොව පහල වෙන්න කලින්ම බුදුවෙනවා කියන වචනය මිනිස්සු දැනගෙන හිටියා. බුදුන් වහන්සේ නමක් පහල වෙන්න ලංවෙනකොට බුද්ධ කෝලහලය කියලා එකක් හටගන්නවා කියලා දහමේ තියෙනවා. ඒ බුදුකෙනෙක් පහල වෙනකාලය ලගයි කියලා සමාජය තුල කතා බහක් පැතිර යනවා. එහෙනම් බුද්ධ කියන වචනය ගැන යම් දැනීමක් ඒ අය තුල තිබිලා තියෙනවා. ඒ වගේම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පවා ඒ කාලයේ මිනිස්සු දැනගෙන ඉදලා තියෙනවා. නමුත් සිදු වෙලා තියෙන්නේ වැරදි මත වාද මගින් නියම දහම වැලලි යෑමයි. එසේ ධර්මය වසා අධර්මය පැතිරීම නිසා දහම වැසී යන එකයි දහම අතුරු දන් වෙනවා කියලා කියන්නේ. වැරදි දහමකින් කිසි විටකත් මාර්ගයට පැමිණෙන්නට හෝ ඵලයකට එන්නට බැහැ. මොකද දහම අවබෝධ කරගන්නට බැරි නිසා.

තතාගතයන් වහන්සේ ගේ සූත්‍ර අවසානයේ බොහෝ තැන්වල තියෙනවා හරිම අගෙයි භාග්‍යවතුන් වහන්ස, හරියට වහලා තියෙන දෙයක් ඇරලා පෙන්වුවා වාගෙයි කියලා. ඒ කියන්නේ මොකක්ද? ඒ දහම වහලා තිබුනු බව අර ශ්‍රාවකයාට තේරුනා කියන එක නේද? වහලා තිබුනු බව තේරුනා කියන තැනම අපිට තේරුම් ගන්නට හැකියි වැහුනේ මොනවාගෙන්ද කියලා ඒ ශ්‍රාවකයා තේරුම් ගත්තා කියන එක. ඒ වැහිලා තිබුන දේ තුල තමයි මිත්‍යා දෘෂ්ඨිය තියෙන්නේ. ඉතිං ඒ වැහිලා තියෙන දේ ඉවත් කලාම ඉවත් වන්නේ මිත්‍යා දෘෂ්ඨියයි. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදෙන කෙනා සම්මා දිට්ඨියට පත් වෙනවා මිස වෙන තැනකට යන්නට හේතු නැහැ. සක්කාය දිට්ඨිය සහ මිත්‍යා දෘෂ්ඨිය කියන්නේ එකක් ලෙසයි මම දකින්නේ. මොකද සක්කාය දිට්ඨියෙන් මිදෙන මොහොතේ සම්මා දිට්ඨියටයි පැමිනෙන්නේ. සෝතා පන්න කියන්නේ සම්මා දිට්ඨියට පැමිණීමයි.

දැන් මේ දේ අවබෝධ කරගන්න නම් යම් කෙනෙක් ගෙන් අහගන්න වෙනවා. ඒ දහම දෙසන කෙනා ඉන්නේ මිත්‍යාදෘෂ්ඨියේ නම් කෙසේ අසා දැනගන්නද? ඔබට යම් කෙනෙකුගෙන් රුපියල් සියයක් ඉල්ලගන්න සිදු වෙලා තියෙනවා නම් ඔබ රුපියල් සියයක් තියෙන සහ එය දෙන්නට කැමති කෙනෙක් සොයාගන්න ඕනි. නැතිනම් ඔබ එය උපයා ගන්න ඕනි. චතුරාර්‍ය සත්‍ය්‍යත් එහෙමයි. මේ අනුවයි බුදු පසේ බුදු මහරහත් යන තුන්තරා බෝධියක් ඇතිවන්නේ. අදත් වෙලා තියෙන්නේ මේ දේමයි. තමන්ගේ මතය පොත් වල ලියනවා. ඉන් පසු ඒ පොත් පාඩම් කරලා මමත් දැන් සෝවාන් වෙලා ඉන්නේ කියලා හිතාගන්නවා. සුනීත සෝපාක අවුරුදු හතේදී මාර්ග ඵල ලබා ගත්තේ මොනවා පාඩම් කරලාද? පෙර කල පින් ඇති නිසා කියලා ඔබට කියන්නට පුලුවන්. පෙර කල පින් තිබූ පමණින්ම ඒ අයට මාර්ග ඵලයටකට එන්නට බැහැ කියන එක ධර්මයේම තියෙනවා. එයා මේ අත් බැව තුල ධර්මය අසා සෝවාන් මාර්ගයට පැමිණිය යුතුමයි. මාර්ගයට පිලිපන් කෙනා සෝවාන් ඵලයට පත්නොවී මැරෙන්නේ නැති බව බුදුන් වහන්සේ සහතිකයක් දී තිබෙනවා. එය මහත් වූ අස් වැසිල්ලක්.

දවසක් ආනන්ද හාමුදුරුවෝ අහනවා තතාගතයන් වහන්සේගෙන් මෙහෙම, භාග්‍යවතුන් වහන්ස, මේ සාසනයෙන් සියයට පනහක්ම රදාපවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත නේද කියලා.

භාගවතුන් වහන්සේ මෙසේ පවසනවා.

හා හා ආනන්ද, එසේ පවසන්න එපා. මේ සාසනය සියයට සියයක්ම රදා පවතින්නේ කල්‍යාන මිත්‍රයා මතයි
අපට සිදුවී ඇත්තේ කල්‍යාන මිත්‍රයා යනු කවුරුන්ද යන්න සොයා ගන්නට බැරි වීමයි. කල්‍යාන මිත්‍රයා යනු ඔබට චතුරාර්‍ය සත්‍ය්‍ය දේශනා කරන තැනැත්තා යැයි මා පැවසුවහොත් ඔබ පිලිගනීවි කියා මා සිතනවා. චතුරාර්‍ය සත්‍ය්‍ය දේශනා කරන්නට අදාල කෙනා එය අවබෝධ කරගෙන සිටිය යුතුය කියා මා පැවසුවහොත් සමහර විට ඔබ පිලිගන්න එකක් නැහැ. මොකද අපිට අපේ ස්වාමින් වහන්සේලා විසින්ම ඔලුවට දාන තියෙන මිත්‍යාවක් තමයි මේ කාලේ මාර්ග ඵල ලබන්නට බැහැ කියන එක. නමුත් කිරිබත් ගොඩ ඥානන්ද ස්වාමින් වහන්සේගේ බන වල මම දැක්කා නැහැ සෝවාන් විය හැකියි. කියා තිබෙනවා. එය මා හට මහත් වු රුකුලක් වුනා ධර්මය සොයන්නට. ඉන් පසු ධර්මය වසා තිබෙන ආකාරයත් එය විවෘත්ක කල හැකි ආකාරයත් අප හට පෙන්වා දුන්නේ බොහෝ දේනෙක් ධර්මය විකෘත්ති කරනවා යැයි අවලාද නගන වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ගෙනි. ඒ උත්තමයා ඉදිරියේ සිට බණ අසන්නට මා පින් කර තිබුනා. මෙ ලිපියද මින් ඉදිරියට කියවන්නේ කියවන ඔබලාගෙන් සියයට පහක පමණ කුඩා පිරිසක් බව මා දන්නවා. එහෙත් මුළ මතක තබා ගැනීම ධර්මයේම ගුණයක් නිසා මා ඒ ගුණයට ගරුකර මේ මතක් කිරීම සිදු කරනවා.

සැරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ මේ සාසනයේ සිටි මහා ප්‍රාඥයා. එදා තතාගතයන් වහන්සේගෙන් පිරිනිවන් පෑම සදහා අවසර ගෙන පිටත්ව යන අවස්ථාවේ පාර ලගටම සැරියුත් තෙරුන් සමග භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේ නොපෙනී යන තෙක්ම බලා ඉදලා තියෙනවා. පසුම මහා වෘක්ෂයක් කඩා වැටුනා වාගේ කියලා දේශනා කරලා තියෙනවා. තතාගතයන් වහන්සේ සමග ඒ තරමටම උන් වහන්සේ සමිපයි. එහෙත් ඔබ දන්නවාද සැරියුත් තෙරුන් සෑම දාම උදෑසන අවදිවී සිදු කරන පිලිවෙතක් තිබුනු බව. ඒ තමයි අස්සජී මහ තෙරුන් සිටින දිශාව බලා ඒ දිශාවට වන්දනා කිරීම. තමන්ට ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පහදා දුන් ඒ කල්‍යාන මිත්‍රයා අස්සජී තෙරුන් බව උන් වහන්සේ දන්නා නිසා. එසේ නැත්නම් උදෑසනම භාග්‍යවතුන් වහන්සේ සිටින දිශාවටනේ වදින්න තිබුනේ. නමුත් කල්‍යාන මිත්‍රයා නොසිටින්න උන්වහන්සේට ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙනවා. ණුවනින් විමසා බලන්න. වැටහේවි.

මෙතඋපන්දා සිට කරපු නැත වරක් වැන්දොත් කැළණියේ කියලා වැකියක් මම හිතන්නේ හැමෝම අහලා ඇති. කැළණි විහාරයේ තිබෙන්නේ මැණික් පුටුවක් බව අපි හැමෝම දන්නා කාරණයක්. නමුත් දලාදා මාලිගාවේ සුවාසු දහසක් ධර්මස්කන්ධය ස්ඵර්ෂ වූ ශ්රී ධන්තධාතුන් වහන්සේ වැඩ සිටිනවා. එසේ නම් උපන්දා සිට කරපු පවු දුරු වන්නට ඕනි දලදා වහන්සේට වැදීමෙන් මිස කැළණි විහාරය වැදීමෙන් නොවන බව යම් ණුවනක් ඇති කෙනෙකුට තේරෙන්න ඕනි.

මෙතන කැළණියේ කිව්වේ කළ්‍යාන මිත්‍රයාටයි. කළ්‍යාඹ මිත්‍රයාට වන්දනා කරන්නේ ඒ කල්ප ගණනක් අවබෝධකරගන්නට බලාගෙන සිටි ධර්මය කල්‍යාණ මිත්‍රයා දේශනා කිරීම නිසයි. උපන්දා සිට කරපු පවු නැත කියලා කියන්නේ මේ සංසාරයේ උපන්දා සිටම සිදු කල පවු නිම කරන්නට දැන් පාර විවෘත්ත කර ඇති නිසයි. ඉතිං ඒ වෙලාවේ ඕනිම කෙනෙක් ඒ ධර්මය දේශනා කල කෙනාට වන්දනා කරනවා. අන්න ඒ අසිරිමත් අවස්තාව තමයි මෙසේ උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා කිව්වේ. කැළණියේ කියන්නේ කළ්‍යාණයේ කියන වචනයයි.

තවත් පොඩි කරුණක් කියන්නම්. අපි බුදුන් වැද ප්‍රාර්ථනාවක් කරනවා.

ඉමිනා පුඥ්ඥ කම්මේන මාමේබාලසමාගමූ සථං සමාගමූ හෝතූ යාව නිබ්බාන පත්තියා…

මේ මොකක්ද කියන්නේ. මේ සිදුකල පුණයාණුභාවයෙන් මා හට බාලයන් ඇසුරෙන් මිදෙන්නට ලැබේවා. සත්පුරුෂ්‍යන් ඇසුරම ලැබේවා නිවන් සම්පත්තිය පිනිසම හේතු වෙන. මේ ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ කළ්‍යාණ මිත්‍රයා තමන්ට මුන ගැසේවා කියන එකයි. නිවන් දකින්නට නම් කළණ මිතුරෙක් සිටිය යුතුමයි.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~

මෙත් සිතිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *