හතිය – 1 වන කොටස.

හතිය – 1 වන කොටස.

65650831_913100902377730_2997475336783921152_n

හතිය ටිකක් දරුණු වුනාම අපි ඇදුම කියලත් කියනවා. ඒ කියන්නේ අදින්න වෙනවා කියන එකනේ. මොනවද මේ අදින්නේ. අදින්නේ හුස්ම. හුස්ම අදින්නේ කොහොමද?

අපි හුස්ම ගන්නවිට පපු කුහරය සහ උදර කුහරය අතර ඇති මහා ප්‍රාචීරය පහලට ඇදෙනවා. බලන්න හුස්ම ගන්නවිට බඩ ලොකුවෙනවා නේද කියලා. එසේ බඩ ලොකු වෙන්නේ හුස්ම ගන්න අවශ්‍ය නිසා මහා ප්‍රාචීරය පහත් වෙන නිසා. මේ මහාප්‍රාවීරය සම්බන්ධ වෙනවා ගලනාලය ඇවිල්ලා ආමාශය සමග සම්බන්ධ වෙන තැනට. මෙතන තියෙනවා කපාටයක්. ඒ කපාටයෙන් තමයි ආමාශයේ තියෙන ඇසිඩ් උඩට එන එක නවත්ව ගෙන ඉන්නේ. ගැස්ට්‍රයිටිස් , හාර්ට් බර්න් තියෙන අයට මේ කපාටය ඇරෙන්න බලනවා. ඉතින් මෙතන යම් ආසාදිත තත්වයක් තමයි තියෙන්නේ. ඉතිං අපි හුස්ම ගන්නකොට මහා ප්‍රාචිරය පාත්වෙලා උදරය ඉදිරියට නෙරා එනවිට මෙතන පොඩි වේදනාවක් ඇතිවෙනවා. මේ වේදනාවත් සමග අපි හුස්ම ගන්න එක නතරකරනවා. අපි දනහිසේ තුවාලයක් ඇතිවුනාම ඇවිදින විදිහ හිතලා බලන්න. හෙමින් ලග ලග ඇවිදිනවානේ. ඇයි අර වේදනාව අවම කරගන්න. අන්න ඒ වගේ අපේ සිරුරේ යම් වේදනාවක් ආවම අපි ස්වභාවයෙන්ම ඒ වේදනාව අඩු කරගන්නට පිලියම් යොදනවා. ඒක තාවකාලිකව තමයි යොදන්නේ. අපි අපේ ගැස්ට්‍රයිට්ස් තත්වය සුව කරගන්නකම් තමයි මේ කෙටි හුස්ම අවශ්‍ය වෙන්නේ. නමුත් අපි ඊට පිලියම් යොදන්නේ නැති නිසා මෙය දීර්ඝ කාලයක් පවතිනවා. එසේ කෙටි හුස්ම ගැනීම නිසා අපගේ රුධිරය ආම්ලික ගතිය වැඩි වෙනවා. ඉතින් තවත් අපහසු තාවයට පත්වෙනවා.මේ අනුව හතිය රෝගියා ඇදුම දක්වා ගමන් කිරීමට මෙසේ එක් හේතුවක් සකස් වෙනවා.

තවත් හේතුවක් තමයි මහා ප්‍රාචීරය පහලට අදින්නට නොහැකි වීම. ඇයි එසේ වෙන්නේ.

මාංශ පේෂි දුර්වල වීම සහ එසේ ඇදීමට සහ නැවත යතා තත්වයට පත්වීමට අවශ්‍ය පෝෂ්ය කොටස් නොමැති වීම තමයි හේතුව.

අපගේ සිරුරේ ඕනෑම මාංශ පේශියක් සංකෝචනය කරන්නට කැල්සියම් අවශ්‍ය වෙනවා. එසේම එම මාංෂපේෂිය දිග හරින්නට මැග්නිසියම් අවශ්‍ය වෙනවා. එසේ දිග හරින්නට නම් එම පේෂි වල නම්‍යශීලී තාවය තිබිය යුතු වෙනවා. නම්‍යශිලි තාවය පවත්වාගෙන යන්නේ කොපර් නැත්නම් තඹ කියන මිනරල් වර්ගය මගින්. එපමණක් නොවේ මේ කාර්‍ය්‍ය සදහා ක්ලෝරයිඩ් සහ පොටෑසියම්ද අවශ්‍ය වෙනවා. මේ සියල්ල සම්පූර්ණ නැත්නම් අපිට හැකිළුණු පේෂියක් නිසිලෙස දිගහැරගන්නට බැහැ. මේකට අපි කියනවා කෙණ්ඩා පෙරලෙනවා කියලා  (ක්රෑම්ප්).

දැන් මේ ගැනනම් හැමෝටම වාගේ අත්දැකීම් තියෙනවා. ඉහත දැක්වූ පෝෂ්‍ය කොටස් ටික නිසි ආකාරයෙන් ලබා ගත්තා නම් මේ කරදරයක් නැහැ. කෙණ්ඩා පෙරලෙන්න විදිහක් නැහැ. දැන් බලන්න අපේ ගෑණු ලමයි ආර්තව කාලයට මොන තරම් දුකක් විදිනවාද? ඒ වේදනාවට හේතුවත් මේකම තමයි. ඝර්භාෂයේ ඇති ඉවත ලෑ යුතු රුධිරය ඉවත් කරන්නට ඝර්භාෂය තදින් මිරිකන්න ඕනි. ඉතින්සමහර අයගේ සිරුරේ කැල්සියම් අඩුයි. ඉතින් ඒක කරගන්න බැරි නිසා වේදනා වක් එනවා. තවත් අයගේ හැකිලුනු පේෂිය දිග හැරගන්න බරිව ඊට වඩා වේදනාවක් එනවා. කැල්සියම් අඩු අයගේ දින දහය පහලොව සමහර විට ආර්ථවය පවතිනවා.මොකද අර රුධිරය සහ පඨක ඉවත් කරගන්නට ඝර්භෂයට අමාරු නිසා. සබ්ජෙක්ට් එක වෙනස් වුනත් වැදගත් වෙන නිසා කිව්වේ.

දැන් මේ තත්වය අපි පෙනහලු වලට දාලා බලමු. පෙනහලු වලත් ගර්ථ මේ ආකාරයටම හැකිලෙන්න සහ දිග හැරෙන්න ඕනි. එහෙම වුනේ නැත්නම් අවශ්‍ය තරමට හුස්ම ගන්න අමාරුයි. ඉතිං මේ මිනරල් වර්ග ලබා දෙනකම්ම කෙටි හුස්ම තමයි. ඉතිං හතිය කියලා කියනවා.

ඒ වගේම අවශ්‍ය දෙයක් තමයි ඔමේගා 3 6 9 කියන තුන. මේවා හරියට අපි වාහනයකට දාන ඔයිල් වගේ තමයි. හරියට දැම්මේ නැත්නම් එන්ජිම සීස් වෙනවා. අපේ මෙම අඩුව දැනෙන ප්‍රධානම තැනක්තමයි පෙනහලු. පෙනහලු වලට අවශ්‍ය නිසි ඔමේගා ප්‍රමාණය නෙැලැබෙන කොට හුස්මගන්න අමාරුයි.

තවත් එකක් තමයි රුධිරයේ හිමෝග්ලොබින් අඩු වීම. හිමොග්ලොබින් හදන්න යකඩ, කොපර් සහ තවත් මිනරල් වර්ග අවශ්‍ය වෙනවා. විශේෂයෙන් යකඩ ඌණතාවය නිසා හිමෝග්ලොබින් අඩු වෙනවා. ඉන් පසු පෙනහලු වලින් ඔක්ෂිජන් ගෙනියන්න එන අය අඩු වෙනවා. ඒ නිසා අඩුවෙන් තමයි හුස්ම ගන්නේ. මෙයත් තවත් එක් විශේෂ කාරණයක්.

66321580_913101532377667_3629008109671809024_n

තවත් එක් කාරණයක් තමයි රතු රුධිරාණු එකට එක එක්වීම. ඇයි මේසේ එකට එක්වෙන්නේ. ප්‍රධාන හේතුවක් තමයි රේඩියේෂන්. අපි භාවිතා කරන කම්පියුටරය සහ ෆෝන් එක රේඩියේෂන් අපිට ලබා දෙන ප්‍රධානම මාර්ග දෙකක්. ඉතිං වැඩි වේලාවක් මේ දෙක භාවිතා කරන විට අපේ රක්තානු ටික ටික ලංවෙන්න බලනවා. මේවා නැවත දුරස් කරන්නට නම් වැඩි ප්‍රතිඔක්සිකාරක පේ රෙමමාණයක් ලබා දිය යුතු වෙනවා. නමුත් අපි එසේ කරන්නේ නැහැ. ඒ නිසා රුධිරයේ ඝණත්වය වැඩි වෙනවා. ඉතිං මේ විදිහට පෙනහලු වලට යන රුධීරය නිසි අයුරින් ඔක්ෂිජන් අවශෝෂණය කරගන්නට බැරි වෙනවා. මේ නිසා ඉකිමනින් හුස්ම ගන්න වෙනවා. ඒකට අපි හතිය තියනවා.

තවත් එකක් තමයි රුධිරයේ මුක්ත ඛණ්ඩක වැඩිවීම. මෙසේ වීම නිසා කොලෙස්ටරෝල් වැඩිවීමත් කොලෙස්ටරොල් ඔක්සිකරණය වීමත් සිදිුවෙලා රධිරයඝණ වෙනවා. ඉතිං ඉහත කියපු දේම සිදිු වෙනවා. එසේම මේ හේතුව නිසාද රතු රුධීරාණු එක්වීම සිදු වෙනවා. මේ නිසා ඇතිවෙන තත්වය අපි ඉහත සදහන් කලා.
තවත් එක් ප්‍රධාන හේතුවක් තමයි ආසාත්මිකතා. ආසාත්මිකතා නිසා ඝර්ථ සහ ශ්වාසනාල අවහිර විය හැකියි. මේ නිසාද ඉක්මනින් හුස්ම ගන්නට සිදුවෙනවා.

මේ සියල්ලටම අමතරව ශ්වාස නාල වල ඇතිවන අවහිරතා බලපාන්නට පුලුවන්. ලිපියේ පලමු කොටස මෙසේ අවසන් කරන්නම්. තවත් කොටසක් තියෙනවා, එසේම කර්මයද මෙයට හේතුවන බව මා පැවසූවා. අපි ඒ ගැන මේ ලිපිමාලාවේ තුන්වන කොටසන් කතා කරමු. තවත් වැඩිදුර විස්තර කමෙන්ට්ස් වලදීද කතා කල හැකියි.

මේ ගැන තවත් අය දැනුවත් කරන්න. කර්මය ගැන ලියවෙන කොසේදී ඔබට සතුටුවිය හැකි වේවි. මෙවැනි රෝගයක් නිසා දුක්විදින තව්ත කෙනෙක් මට ගලවා ගන්නට හැකි වුනා කියලා. එසේ දැනුවත් කලානම්. ෂෙයා කර තවත් කෙනෙකුට හුස්මගන්නට උපකාර කරන්න.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29

Dr. J. S. P Liyanage

මෙත් සිතිනි.

 

Close Menu