රෙදි ‍‍සෝදන කුඩු ගැන ඔබ නොදත් දේ දැන ගනිමු!

රෙදි ‍‍සෝදන කුඩු ගැන ඔබ නොදත් දේ දැන ගනිමු!

59051863_869701446717676_3015131341747388416_n

අපි මීට පෙර තැඹිලි ගැන කතා කරපු ලිපියේ pH අගය ගැන කතා කලා නේද? pH අගය වැඩිවෙන්න වැඩි වෙන්න තමයි මේදය හොදින් දිය වෙන්නේ. අපි රෙදි වල තැවරෙන කුණු බොහෝ විට මේදයේ දියවෙන ඒවා. වාහන වලින් පිටවෙන දුම වගේ ඒවා තමයි බොහෝවිට මේ කුණු විදිහට තියෙන්නේ. කොලර් එකේ තියෙන කුණු කවුරුත් දන්නවානේ. ඉතිං වොෂිං පවුඩර් නිශ්පාදනය කරන අයට වෙලදාම තියෙන්නේ මේ කුණු ඉක්මණින් ඉවත් කරලා දෙනවා නම් තමයි. මේ නිසා මේ අය කරන්නේ පුුලුවන් තරම් pH අගය වැඩි දෙයක් මේ පවුඩර් වලට එකතු කරනවා. ඉතාමත් ඉක්මනින් මේ වැඩේ කරන්න පුලුවන් රසායනිකයක් තමයි බ්ලීච් කියන්නේ. ලාබයිත් එක්ක. ඒවා කොපමණ සිරුරට අහිතකරද කියන එක මේ කියවන ඕනිම කෙනෙක් දන්නවා. ඒත් ඉතිං කුණු පිටිං ඉන්නද නේද?

කමක් නැහැ කුණු පිරිසිදු කරගත්තට. මම මේ කියන්න හදන්නේ වෙනත් කතාවක්. ඒක කිව්වහම නම් ටිකක් බය හිතෙන්නත් පුලුවන්. ඒත් බය වෙලා වැඩක් නැහැනේ පිලියමක් තමයි සොයා ගන්නයි ඕනි.

අපි අපේ සියලුම ඇදුම් එකම භාජනයකට දාලා වොෂිං පවුඩර් දාලා සෝදනවා. පස්සේ මේවා හොදලා පිරිසිදු වතුරෙන් දෙතුන් පාරක් සෝදනවා. ඉන් පසු මිරිකලා හෝ ඩ්‍රයර් එකක දාලා හෝ වේලා ගන්නවා. ඔබ දන්නවාද මේ රෙදි වල අර පවිත්‍රකාරක තවම තියෙනවා කියලා. නැවතත් මේ රෙදිටික පිරිසිදු වතුරට දැම්මා නම් බලාගන්න තිබුනා. එහි ඇති භයානකත්වය තමයි ඔබගේ යට ඇදුම් වල තවමත් මේ 14 ක පමණ pH අගයක් ඇති පවිත්‍රකාරක තියෙනවා. ඒ ඇදුම් අතර ස්පොන්ජ් තියෙන බ්‍රෙෂියර්ද තියෙන බව රෙදි සෝදන අය දන්නවා. මේවා වල වැඩියෙන් මේ පවිත්‍රකාරක ඉතිරි වෙනවා. කෙලින්ම ඉර මුදුන් වෙන, ගොඩක් දාඩිය දාන රටක ජීවත් වෙන අපි අපගේ ඉතාමත් සංවේදී අවයව වලට කිටි කිටියේ තදවන ලෙසට මේ ඇදුම් ඇදගෙන යනවා. ඒවා ගලවන්න වෙන්නේ රෑට ගෙදර ඇවිල්ලා. ඉතිං පැය දොලහක් විතර දාඩියට අර පවිත්‍රකාරක දියවෙලා ශරීරයට ස්ඵර්ෂ වෙනවා. හිතලා බලන්න මොනවගේ ව්‍යසනයක් මේ කාරණාව සමග බද්ධ වෙලා තියෙනවාද කියලා. දරුවාට කිරිදෙන මව්වරුන්ද මේ ගැන සිතා බලන්න. මම එකින් එක දැන් කියන්න අවශ්‍ය නැහැනේද?

අපි කවදාවත් ලදරුවන්ගේ ඇදුම් රින්සෝ දාලා සෝදන්නේ නැහැ නේද? ඒවා සෝදන්නේ බේබි සබන් වලින්මයි. ඇයි ඒ. ඉතිං ඒ දරුවට කිරි දෙන තන පුඩු වලට ඒ ආරක්ෂාව අවශ්‍ය නැද්ද? බසයේ යන ගමන් තම දරුවන්ට කිරි දෙන මවුවරුන් මේ ගැන සිතිය යුතු නැද්ද? එසේ නම් මේ යට ඇදුම් සෝදන්න අපි භාවිතා කල යුත්තේ මොනවගේ ක්‍රමයක්ද? ඔබම සිතා බලන්න. පියයුරු පිලිකා මේ තරම් වැඩිවන්නට මෙය හේතුවක් නොවේ යැයි ඔබට සිතිය හැකිද? කුඩා ළදරුවන් මේ තරම් රෝගී වෙන්නට මෙයත් හේතුවක් යැයි ඔබට සිතන්නට නොහැකිද?

මෙයින් යම් තරමක් දුරට මිදෙන මාර්ගයක් දැන් ඔබගේ සිතට තේරී අවසන්. එසේ නම් අද පටන් ඔබගේ යට ඇදුම් සොදන්නට බේබි සබන් කැටයක් තියාගන්නට සිතුවා කියා මම හිතනවා. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ ගැනත් කතා කරමු.

මේ කුණු දියවෙන්නේ මේදයේ නිසාත් මේදය දිය කල හැක්කේ භාෂ්මික මාධයයක නිසාත් බ්ලීච් වැනි විෂ රසායනික යොදාගෙන රෙදි සෝදන බව අපි කතා කලා. ඔබට සිතන්නට හැකිද අපගේ ශරීරයේ මේදය ජිරණය කරන්නේ කෙසේද කියලා. එය සිදු කරන්නේ එන්සයිම වල ආධාරයෙන්. ඉතිං අපිට රෙදි සෝදන දියරයක් හදාගන්නට පුලුවන් නම් එන්සයිම වලින් නිශ්පාදනය කල, මේ ගැටලුව අවසන් කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම එහෙම කලා නම් මේ ගැටලුව අවසන්. මේ රටේ තියෙනවා එසේ හදපු වොෂිං ලික්විඩ්. ලීටර් එකක් සාමාණ්‍යෙයන් ඩොලර් 30 ක් විතර වෙනවා. ටිකක් ගණං තමයි. ඒත් එය මාස දෙකකට විතර ඇති. අපි අපේ පවුලෛ් සියලු දෙනාගේම යට ඇදුම් සෝදන්නට ගන්නේ මේ වොෂිං ලික්විඩ් එක. එය ඉතා ආරක්ෂිත ක්‍රමයක්. ඒත් ලංකාවේ අපට අදටත් එවැනි ක්‍රමයක් මම දන්නා තරමට නැහැ. තියෙනවා නම් දන්න කෙනෙක් කියා දෙන්න. ඉතාමත් වැදගත් වෙයි හැමෝටම.

යමක් දැනගත්තා නම් ෂෙයාර් කරලා තවත් අයට දැනගන්නට සලස්වන්න. ප්‍රශ්න ඇත්නම් පහතින් කතා කරමු.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~
https://t.me/nayana

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29

Dr. J. S. P Liyanage

මෙත් සිතිනි.

Close Menu