සිරුර හැඩ කරගන්නවාද නැත්නම් ලෙඩ කරගන්නවාද? Fat බර්න් කරන ආකාරය ගැන පොඩි ගාණක් හදමුද?

59604711_872185999802554_3032668513555709952_n

ෆැට් ග්රෑම් එකක ඇති කැලරි ගණන 9 යි.

ඒ කියන්නේ කැලරි 9 ක් වැය කරන විට මේදය ග්රෑම් 1 ක් බර්න් වෙනවා.

දවසකට සාමාන්‍ය කෙනෙක් වැය කරන කැලරි ප්‍රමාණය 2000 යි.

ඒ කියන්නේ දවස පුරාවටම කිසිම ආහාරයක් ගන්නේ නැතුව හිටියොත් කිසිදු ව්‍යායාමයක් නොකර කැලරි 2000 ක් වැය කරන්න පුලුවන්. ඒ කැලරි නිපදවීමට අවශ්‍ය ශක්තිය ගන්නේ තැන්පත් මේදය දහනය කරලා.

ඒ අනුව තැන්පත්ව තිබූ මේදය ග්රැම් 2000 / 9 = 222 ක් දවදකට නිකංම දහනය වෙනවා. ඒ කියන්නේ දවසම බඩගින්නේ හිටියත් අපට අඩු කරගත හැක්කේ ග්රෑම් 222 ක් පමණයි.

දැන් බලමු අපි ගන්න බෙහෙතකින් දවස් දහයකින් කිලෝ දහයක් අඩු වෙනවා නම් දවසකට වැය කරන්නට අවශ්‍ය කැලරි ගණන.

දවසකට වැය කල යුතු මේදය ප්‍රමාණය කිලෝ 1යි.

‍මේදය කිලෝ එකක අඩංගු කැලරි ගණණ 1000 x 9 = 9000 යි.

සාමාන්‍ය කෙනෙකු දවසකට වැය කරන කැලරි ගණන = 2000 යි.

අමතරව වැය කල යුතු කැලරි ගණණ = 9000 – 2000 = 7000 යි.

මේ කැලරි ගණන දහනය වීමට මේ පුද්ගලයා දින 10 ක් නිරාහාරව සිටිය යුතුය. අපි හිතමු කෑම අවම කරලා කැලරි 1000 ක ආහාර විතරක් ගත්තා කියලා. ඒත් දවසකට කැලරි 8000 ක් අමතරව වැය කල යුතු වෙනවා. එම කැලරි ප්‍රමාණය දහනය වන්නට අපගේ ශරීරයේ පරිවෘතීය ක්‍රියා ඉතාමත් ශීඝ්‍රව වර්ධනය කල යුතු වෙනවා.

‍මේ කාර්‍යය කල හැකි ඖෂධ ලෝකයේ තියෙනවා. ඒ ඖෂධ මගින් කෙනෙක් ඉතාමත් ඉක්මනින් කෙට්ටු කල හැකියි. නමුත් ශරීරයේ පරිවෘතිය ක්‍රියා ඇතුළු සියළු අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයන් අතිධාවනය වීම නිසා ඉතාමත් ඉක්මනින් වකුගඩු අක්මාව වැනි අවයව වලට හානි සිදු වෙනවා. මොළයේ පඨක වලට හානි වෙනවා. ඩිම්බ අක්‍රිය වෙනවා. තෛරොයිඩ් ග්‍රන්ථි අක්‍රීය වෙනවා. මේ ආකාරයට හෝමෝන පද්ධතියම වෙනස් කම් වලට භාජනය වෙලා අවසානයේ තම ශරීරය ඉතා දරුණු රෝගී තත්වයකට පත් කර ගන්නවා.

‍කෙට්ටු වන ආකාරය අපි මින් ඉහත සදහන් කලා. ඒ ලිපි කියවා බලා ස්වභාවිකව තම සිරුර හැඩ කරගන්න. ලෙඩ කරගන්න එපා. තව කෙනෙක් දැනුවත් කරන්නට ෂෙයාර් කරන්න.

ප්‍රශ්න ඇත්නම් කමෙන්ට් වලින් කතා කරමු. පුද්ගලිකව ප්‍රශ්ණ අහන්න අවශ්‍ය අය මාගේ Telegram group එකට එක් වන්න. පහත ලින්ක් එක භාවිතා කරන්න.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~

https://t.me/nayana

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29
චතුරිකා: 071 66 27 638
Dr. J. S. P Liyanage: 0112 735 621

‍මෙත් සිතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *