මහ පොලොව සහ ලෙඩ රෝග.

රෝගී වීමට බලපාන ‍‍හේතු ගැන කතා කලාම කිහිප දෙනෙක් සෙරෙප්පු දාන එක ඒකට ගැලපෙන්නේ කොහොමද කියලා අහලා තිබුන නිසා ලිපි මාලාව ඒකෙන්ම පටන් ගන්නට හිතුනා.

අපේ මුතුන් මිත්තන් කවදාවත් සෙරෙප්පු දැම්මේ නැහැ. මේ මහා පොලොව කෙසේ නිර්මාණය වුනාද කියලා බුදු දහම තුලින් සොයා ගන්න නම් කියවිය යුතු සූත්‍ර දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒ තමයි සප්ත සුරියෝද්ගමන සූත්‍රය සහ අග්ගඥ්ඥ සූත්‍රය. මේ සූත්‍ර දෙක හියට පරිශීලනය කලහොත් ඔබට තේරේවි මේ මහා පොලොව නිර්මාණය කලේ අපේම චිත්තජ රෑප වලින් කියලා. හැමෝටම තේරෙන්න පොඩි කාරණයක් කියන්නම්.

අටවිසි බදුවරුන් ගැන දන්නවා නේද? ඒ විසි අට බුදුවරුන් වහන්සේලාම බුද්ධත්වය ලබන්නේ යම් වෘක්ෂයකට පිටදීලයි. ගෞතම බුදුන් වහන්සේ ඇසතු බෝධිය වගේ අනෙක් බුදුන් වහන්සේලාටත් පිටදෙන්නට බෝදීන් වහන්සේ නමක් ඉන්නවා. නා බෝධිය, නෙල්ලි බෝධිය, නුග බෝධිය, උණ බෝධීය මේවායින් කිහිපයක්. කල්පයක් කියන්නේ මහා කාලයක් ඒක ඉලක්කමකින් කියන්න බැරි නිසා උදාහරණ මගින් තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ ලෝකය විනාශ වෙලා ඇතිවෙන්න කල්පයකුත් ඇතිවෙලා නැවත විනාශ වෙන්න කල්පයකුත් ගතවෙනවාලු. කල්පයක් කියන්නේ යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස යකඩ කුටිටියක් වසර 100 කට සැරයක් සැරයක් එක වරක් සිනිදු සලුවකින් පිරිමැදලා ගියොත් යම් දවසක මේ යකඩ කුට්ටිය ගෙවිලා යනවාද ඒ කාලයට වඩා වැඩි කාලයක් කියලා තමයි දේශනාවේ තියෙන්නේ. ඒ නිසා ඒක මහා දීර්ඝ කාලයක්. මේ කාලය ඇතුලත කල්ප සියයකට බුදුරජානන්වහන්සේලා 9 දෙනෙක් පහල වෙනවා. ඒ අතර වැඩි කාලයක් බුදුන් වහන්සේලා නැති කල්ප තමයි තියෙන්නේ. මේ කාලය තුල සෑම කල්පයකම අපි අර ඉහත කී ඇසතු ගස, නෙල්ලි ගස, උණ ගස වගේ ගස් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ලෝකය විනාශ වුනාට මේවායේ බීජ කොහේ හරි තිබිලා තියෙනවා. කොහේ තියෙන්න ඇත්ද?

සප්ත සුරියෝද්ගමණ සූත්‍රයට අනුව මේ මහා පෘතුවිය ඇතුළු මහා විශ්වයම ගිණ්ගෙන දැවිලා එක කාලයකදී අළු දූවිලි වෙලා යනවා. නමුත් කල්පයකට පසු නැවතත් මේ මහා පෘතුවිය ඇතුලු ග්‍රහලෝක බිහිවෙනවා. කාලයක් යනවිට ආපහු නැතිවෙලා විනාශ වෙලා යනවා.

මේ ලෝකය නැති කාලය තුල සත්වයන් ආබස්සර කියන බ්‍රහ්මයන් ලෙසයි ජීවත් වෙන්නේ. මේ කාලය තුල අනේ අපි ඉස්සර මෙහෙම හිටියා නේද? ලංකාව කියලා රටක් තිබුනා නේද? දැන් අපිට ඒක නැහැනේ. ඒ දුපත හරිම ලස්සනයි. ගස් වැලි මෙහෙම තිබුනා. මුහුද තිබුනා. මේ වගේ කල්පයක් සිතින් සිත සිතා චිත්තජ රෑප විශ්වයට මුදා හරියා. ඒ ශක්තිය ඝණීභයවන වෙලා තමයි මේ මහා පොලාව ඇතුලු ග්‍රහ වස්තූන් නිර්මාණය වෙලා තියෙන්නේ.
‍මේ සූත්රය දේශනා කරලා අවසානයේ තතාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක්ක එලියට වැඩම කරලා කියලා තියෙනවා මම මේවා කිව්වාට පිලිගන්නේ බොහොම ටික දෙනයි කියලා. ඒ වෙලාවේ ශාලාව ඇතුලේ හිටපු භික්ෂූන් වහන්සේලා කතා වෙලා තියෙනවා තතාගතයන් වහන්සේ මේ කියන්නේ ඇත්තටම දැකලද නැත්නම් කාගෙන් හරි අහගෙනද දන්නේ නැහැ කියලා. මේ බව දැනුනු බුදුන් වහන්සේ නැවතත් ශාලාවට වැඩම කරලා. මෙසේ දේශනා කලාලු
‍මේ සිදුවීම් මම මගේ ඇසින් දැක තියෙනවා. එසේම අකණිටා බඹලොව සිටින දේවි වරුන්ද දැක මා සමග පවසා තිබෙනවා කියා. දේශණාව නිම කරලා තියෙනවා.

තතාගතයන් වහන්සේ මේ කතාව කියනවිට ඒකාලේ හිටපු භික්ෂූන් වහන්සේලාත් පිලි නොගත් නිසා මා කියන දේ පිලි නෙැගැනීම ගැන කිසිදු කම්පාවක් නැතිබව කියලාම ඉදිරියට යන්නම්

දැන් අපි මේ පෘතුවිය සේම ගහ කොළද අපේ සිතින්ම නිර්මාණය කලා කියන එක යම් තරමකට හෝ පිලිගන්නවා නම් ඉතිරි ටිකත් යම් තරමකට තේරුම් ගන්නට හැකි වේවි. සිතෙන් විසි වූ දෙයින් හටගත් මහා පොලොව අපගේ ශරිරයේම එක් කොටසක්. ඒ නිසාම අපට අවශ්‍ය සියලු දේ මේ මහා පොලොවේ තියෙනවා. ඒ මහා පොලොව තමයි මුල්ම ආදීකල්පික මාණවයා කාලා තියෙන්නේ. ඒ කාලේ ගහ කොල තිබිලා නැහැ. පසුව ඉර හද පායලා ඉන් පසු තමයි බදා ලතා, භූමි පප්පඨක ඇල් හාල් වගේ ආහාරය පිනිස ශාක පහල වෙලා තියෙන්නේ. මේ විදිහට මහා වනාත්තර දක්වා ගහ කොළ බිහි වෙලා තියෙනවා. මේ සියල්ල බිහි වුනෙත් අපේම චිත්තජ රෑප නිසයි. ඒ චිත්තජ රෑප වල තිබුණු ශක්තිය තමයි අද ගහ කොළ වල පිහිටලා තියෙන්නේ. කාලයක් යන විට මේ මහා පොලොවේ ඍෂි වරුන් බිහි වෙනවා. ඒ ඍෂී වරුන් දැක්කා මේ ගහ කොළ වල තියෙන්නේ අපිට අවශ්‍ය ශක්තිය කියලා. ඒ නිසා ඒවා ආහාරයට ගත්තාම ශක්තිය ලැබෙන බව ඔවුන් දැනගත්තා. මේ නිසා මේවා ආහාරයට ගන්නට පුරුදු වුනා.

එක් කාලයක ඔක්කාක කියලා රජ කෙනෙක් පහල වෙලා තියෙනවා. මේ රජතුමා හරිම ධාර්මික රජ කෙනෙක්ලු. මේ කාලය වන විට ලොකේ කිසිම කෙනෙක් මස් මාංශ අනුභව කරන්නේ නැහැ. ඒ රජ මාලිගාවේ ඉදලා තියෙනවා සුරබි දෙන කියලා කියන ආණුභාව සම්පන්න එල දෙනක්. මේ එල දෙනගේ කිරි හරිම රසයිලු. මාලිගාවේ හටපු බමුණො කතා වුනාලු මේ සතාගේ කිරි මෙච්චර රස නම් මස් කොච්චර රස ඇත්ද කියලා. ඉතිං අර සතාගේ මස් කන්න ප්ලැන් එකක් ගහලා තියෙනවා.

බමුනෝ ටික රජතුමාට කිව්වලු රජතුමනි. රටට ඉතාමත් නරක කාලයක් එනවා. මේ නිසා යාගයක් කරන්න ඕනි කියලා. ඉතිං රජතුමා ඇහුවලු මොකක්ද කරන්න ඕනි කියලා. අනේ කිසිම හිරිකිතයක් නැතුව කිව්වලු අර එල දෙනව මරලා හොදට උයලා බමුණන්ට කන්න දෙන්න ඕනි කියලා.රජ තුමත් වෙන කරන්නට දෙයක් නැතැයි තේරුම් ගෙන මිනිසුන්ව බේරාගැනීමේ චේතනාව මුල් කරගෙන අර සතාව මරලා අර කෑදර බමුණන්ට කන්න දීලා තියෙනවා.

අන්න එදා ඉදලා මේ ලෝකෙට අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි දෙසිය තුනක් අන්තරා ඇති වූවා කියලා දේශනාවේ තියෙනවා. මේ විදිහට මිනිසා එන්න එන්නම ගුණයෙන් පිරිහෙන්න ගත්තා. ගුණ පිරිහීම නිසා එන්න එන්න ලෙඩ රෝග වැඩි වෙන්නගත්තා. දැන් ගුණය අඩුයි. ලෙඩ වැඩියි. ඒ පිරිහෙන ගුණය තමයි තමන්ගෙන් දුරට අස් වෙලා ගිහින් නැත්නම් ගුණ දුරස් වෙලා ශාඛ වල පිහිටලා තියෙන්නේ. ඒ ගුණ ශාඛ වල පංචාංගයේම පිහිටියා.

‍මේ තාක් කල් තම ශක්තිය වෙනුවෙන් භාවිතා කල ශාක වල දැන් ගුණ වෙනස් වෙන්න ගත්තා. ඍෂි වරුන් මේවා තම ණුවනින් විමසා බලා ඒ ඒ ශාඛ වල ඇති ගුණයන් තේරුම් ගත්තා. මිනිසුන් ලෙඩ වෙලා තියෙන්නේ මේ මේ ගුණ නැති වීම නිසයි. ඒ නිසා ඒ දුරස් වූ ගුණ තැන්පත්වූ ශාඛ සොයා ගෙන වෙදකම ලෝකයට කියා දුන්නා. ඒ විදිහට රෝග වලට බෙහෙත් කරන පිරිසක් බිහි වුනා. ඒ අය ගුණය අතින් ඉතාමත් උසස් අය. මොකද එහෙම නොවුනහොත් අර ඔසුව ගුණ නොවන බව ඔවුන් දැන සිටියා. අද කාලය ගැන මම කියන්නට කාලය ගත කරන්නේ නැහැ. ඒ ගැන මටත් වඩා හොදින් ඔබ දන්නා නිසා.

‍මේ වෛද්‍ය වරුන් රෝගියාගේ උපන් වෙලාව අනුසාරයෙන් ඔහුගේ කර්ම සහ දුරස් වී ඇති ගුණ ගැන සොයා බලා ඒ ගුණය ඇති ශාක වලින් බාහිරින් හෝ ඒ ගුණය ලබා දෙන්නට කටයුතු කලා. මේ ලෙසට ජ්‍යෝතිෂ්‍යත් වෙදකමේම කොටසක් වුනා.

මිනිසා පිරිහෙන්නට පිරිහෙන්නට ඒ ගුණ සමහර ඒවා මහා පොලොවේ ඇතුලට කිදා බැහැලා තැන්ප් වුනා. මුලින්ම පොලොව මතුපිට තිබුනු භූමි පටක දැන් පෘතුවිය මැද ලාවා අතර තියෙනවා. ඒ බව මුගලන් මහ රහතන් වහන්සේ කල ප්‍රකාෂයකින් පැහැදිලි වෙනවා. අර බුදුහාමුදුරුවන්ට යව හාල් වලදන්නට වූ කතාව සමහර විට ඔබ අසා ඇති. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ ඒ භූමිපඨක තමාට පොලොව පසා කරගනෙ ගිහින් ගේන්නට හැකි බවත් එසේ ගෙන එන්නට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිට තිබෙනවා. එහෙත් බුදුන් වහන්සේ ඊට අවසර දි නැහැ. මේ විදිහටම මුතු මැණික් දියමන්ති ලෙසට මිනිසුන්ගේු වටිනා ගුණ තැන්පත් වෙන්න අරං‘ තියෙනවා. මේ නිසා තමයි අදටත් අපල වලට මැණික් පලදින්න ක්‍රමයක් තියෙන්නේ.

අපල කියන්නේ ආපලය කියන එකයි. තමන් ගේ සිතින් දුරස් වූ ගුණය නිසා යම් මැණිකක් නිර්මාණය වුනාද ඒ මැණික පැලදීමත් ආලෝක කිරණ ඒ මැණික හරහා ශරීර ගත වීමත් නිසා එදා තමන්ට නැතිව ගිය ඒ ගුණ නැවතත් තමා ලගට එනවා කියලා එදා ඍෂි වරුන් විසින් සොයා ගත්තා. මේ නිසා මැණික් පැලදගෙන ඒ තමන්ට නැතිවුනු ගුණ සොයාගත්තා. මේ නිසා දන් දෙන්නට සිත් නැති තැනැත්තා මැණික නිසා දන්දෙන්න ගත්තා. ඊර්ෂ්‍යාව දුරු කරගත්තා මේ විදිහට දස අකුසලයෙන් මිදිලා දසකුසලයට එන්නට පාරක් ලෙසයි එදා මැණික් පැලදුවේ. එසේ ගුණවත් වන විට තමන් විසින් අනන්ත සංසාරයේ කල පාප කර්ම නිසා ඇදී එන්නට තිබුන දුක් විපාක ඇදී එන්නට අවශ්‍ය වටපිටාව නැතිවෙලා ගියා.

සූවිසි පට්ඨානයේ මේ ගැන හොදින් සදහන් වෙනවා. අනන්තර ප්‍රත්‍යය සහ සමනන්තර ප්‍රත්‍ය්‍ය කියන්නේ තමන් අනන්ත සංසාරයේ සිදු කල පින් හෝ පවු පල දිම සදහා අනන්තරය නැමති පසුබිම සකස් විය යුතුය යන්නයි. කර්මය විසින් එය සකස් කරලා දුන්නත් අපි අපේ පසුබිම වෙනස් කරනවා නම් ඒ කර්මය පල දෙන්නට විදිහක් නැහැ. මේක තමයි කර්ම වෙලින් ගැලවෙන ක්‍රමය. සමහර අයට හදහන බලලා විදේශ ගත වෙන්න කියන්නේ තමන්ගේ ජීවත් වන වටපිටාව වෙනස් කරන්න කියන එකයි. නැතිනම් සමනන්තරය වෙනස් කරන්න කියන එකයි.

එදා මැණික් පැලදුවේ මේ ලෙසට සමනන්තරය වෙනස් කරගන්නට අවශය මානසික ශක්තිය ලබා ගන්නටයි. නමුත් අද මැණික් පලදින්නේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්නටයි. අවසානයේ මැණික වික්ක කෙනාත් බැනුම් අහනවා හදහන බලපු කෙනත් බැනුම් අහනවා. මොනාවත් දන්නේ නැති පිරිසක් මේවා මිත්‍යාව කියලා පයින් ගසා දමනවා.

දැන් අපි මුලින්ම කියපු සෙරෙප්පුවට බහිමු.
‍සෙරෙප්පුව නිසා මහ පොලොව සමග අප ගැටෙන එක නැවතුනා. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගමකට ඇතුල් වෙන විට සෙරෙපුපු ගලවලා ඇතුල් වෙන්න කියලා. මොකද කැලෑවක යන විට කටු වගේ ඒවා ඇනෙන්න පුලුවන් නමුත් ගමක පාරක් තියෙනවා. ඉතිං පාර දිගේ යන විට පොලොවෙන් ලැබෙන ශක්තිය අපිට ලැබෙන්න ඕනි නිරෝගීව ඉන්න. පො‍‍ලොවට සැම විටම ඉතා විශාල සංඛ්‍යාවක් අකුණු වදිනවා. ඒ අකුණු වල තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන අපගේ සිරුර තුල යම් ධනාරෝපිත තත්යවක් ඇත්නම් පොලොවට පය ගසන වේලාවට සිරුරට අවශෝෂනය කරගත හැකියි. ගලා යන දියපහරක නාන විට මෙම තත්වය ඉතාමත් හොදින් සිදු වෙනවා. මොකද ගලායන වේගය නිසා ඉලෙක්ටේ‍රා්න වැඩියෙන් ජලය සමග එකතු වෙනවා. මේ අනුව ඍණාරෝපන අපගේ සිරුරට එකතු වෙනවා. පයිපෙන් එන වතුරේ මේ ශක්තිය නැහැ.

යටිපතුල අපේ සිරුර අභ්‍යන්තරයේ ඇති සියලුම අවයව සමග සම්බන්ධයි. මේ නිසා කකුල හරහා අපගේ සියලුම අවයව වලට වෙදකම් කල හැකියි. මාපට ඇගිල්ලට කරුංකා අගුරු කුඩු බැදලා ඇස් වල ඇති රෝග සුව කරන ක්‍රමයක් අදටත් අපේ රටේ තියෙනවා. ඉතිං මේ ස්ථාන වලට අවශ්‍ය ඍණ ආරෝපන හෝ ධණ ආරෝපන ලබා දිය හැකි පමසුම සහ සාර්ථකම ක්‍රමයක් තමයි සෙරෙප්පු දාන්නේ නැතිව පොලොවේ අඩිය ගසා ජීව්ත් වීම. දවසකට පැයක් දෙකක් තනකොල උඩ ඇවිදින්න. විශේෂයෙන් උදේ පින්න තියෙන් වෙලාවට. ඒ පින්න හරිම ගුණයි. ඒ පින්නේ එදා තිබුන භූමි පඨක වල ගුණ තියෙනවා කියලා තමයි අපේ හාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙන්නේ.

මම හිතන්නේ යමක් තේරුනා කියලා. අපි ඉදිරියේදී තවත් කරුණු කාරණා කතා කරමු.
‍මෙත් සිතිනි

මා සමග කතා කරන්නට අවශ්‍ය නම් පහත දැක්වෙන ක්‍රමයක් භාවිතා කරන්න. වේලාව තියෙන විදිහට පිලිතුරු දෙන්නම්.

Telegram app එක තියෙන අය පහත ලින්ක් එක භාවිතා කරන්න.

https://t.me/nayana

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29

Dr. J. S. P Liyanage

මෙත් සිතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *